දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඒකාබද්ධ විපක්ෂයත් ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වයත් හවුල් වෙන්න යයි?
Homeගොසිප්

ඒකාබද්ධ විපක්ෂයත් ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වයත් හවුල් වෙන්න යයි?

PropellerAds

ඒකාබද්ධ විපක්ෂයත්  ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වයත්  එකඟතාවයට පැමිණීමේ උත්සාහයක් ඉස්මතුවෙමින් ඇතැයි වාර්තා වෙයි. ඒ වෙනුවෙන් මේ වන විටත් රහස්...

පොළොන්නරුවේ විපරීතයට ජනපති මෛත්‍රීගෙන් විසඳුමක්.
'පොහොට්ටුවේ ඉලක්කය 2/3 ක ආණ්ඩුවක්' - බැසිල්
මෛත්‍රීගේ හැම ගේමක්ම 2020 ජනාධිපතිවරණයට එන්න?


ඒකාබද්ධ විපක්ෂයත්  ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වයත්  එකඟතාවයට පැමිණීමේ උත්සාහයක් ඉස්මතුවෙමින් ඇතැයි වාර්තා වෙයි.

ඒ වෙනුවෙන් මේ වන විටත් රහස් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බවද දැනගන්නට ඇත.

එහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මූලික කරගත් දේශපාලන සන්ධානයක් ගැන මෙන්ම එහි රාජපක්ෂවරුන්ට ලැබෙන කොටස කෙරෙහිද විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් දැනගන්නට ඇත.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසා තිබුණේ, මෛත්‍රීපාල සිරිසේන මහතා ඊළඟ ජනාධිපති කිරීමට සහය දෙන්නේ නම් මහින්ද මහතා අගමැතිවීම පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවය. 

හිටපු ජනාධිපතිවරයාද ඊළඟ අග්‍රාමාත්‍යවරයා ගැන සඳහන් කර තිබූ අතර ජනාධිපතිවරයාට 19 වැනි සංශෝධනය අනුව වඩා බලවත් වන්නේ මීළඟ අගමැති බවද  පවසා තිබිණි.

බැසිල් පාර්ශවය විරුද්ධයි 

කෙසේවුවද බැසිල් රාජපක්ෂ මහතා හා ඔහුට හිතවත් කණ්ඩායම් විසින් මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමග කිසිඳු ගණුදෙනුවක් නොකළ යුතුය යන දැඩි ස්ථාවරයක් ගැනීම නිසා එකාබද්ධයේ මත ගැටුම අළුත් මුහුණුවරක් ගෙන ඇතැයි වාර්තාවේ.  

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයෙන් පසු ඒකාබද්ධ විපක්ෂය තුළ පැවති ජනාධිපති අපේක්ෂක මත ගැටුම වෙනස් ආකාරයකින් මතුව ඇති බව 'රාවය' පුවත්පතද වාර්තා කරයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව හැඟවෙන පරිදි මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය මෙන්ම, අපේක්ෂකයා අනිවාර්යයෙන්ම රාජපක්ෂවරයකු විය යුතු බව තහවුරු කිරීම මෙම මත ගැටුමේ එක් කොටසක් බවට පත්ව ඇති බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

හිටපු ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය, ඉන්දියා ටුඩේ (India Today) පුවත්පත හඳුන්වා තිබුණේ මෙම සංචාරය 2019 කැඳවීමට නියමිත ජනාධිපතිවරණයට ඔහුගේ සහභාගීත්වය පිළිබඳ හොරණෑවක් ලෙසය. 

ඉන්දිය අගමැති මෝදි හෝ ඔහුගේ ආණ්ඩුව, 2015 දී තමන් බලයෙන් පහ කිරීමට උත්සාහ කළේ යැයි නොසිතන බව, මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී කළ ප්‍රකාශය ගැනද ඉන්දිය මාධ්‍යවල විශේෂ අවධානයක් යොමු වී තිබුණි. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඒකාබද්ධ විපක්ෂයත් ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වයත් හවුල් වෙන්න යයි?
ඒකාබද්ධ විපක්ෂයත් ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වයත් හවුල් වෙන්න යයි?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvLw-_trMPVfChLrZoTXI8lf8EE7ZWaYHRMmTXEbtuIFo5gKbH3nPLMYykChQ3NncZ2hwz9_Z_Rp1xm4MhW35zRE5EZY-f8oce2OaWgSv5AokOvPcP92CP1unCf-NScAy8b-hsTvzMrGum/s1600/jana+bala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvLw-_trMPVfChLrZoTXI8lf8EE7ZWaYHRMmTXEbtuIFo5gKbH3nPLMYykChQ3NncZ2hwz9_Z_Rp1xm4MhW35zRE5EZY-f8oce2OaWgSv5AokOvPcP92CP1unCf-NScAy8b-hsTvzMrGum/s72-c/jana+bala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_248.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_248.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy