දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති, ගෝඨා 'ඝාතන කුමන්ත්‍රණය': තවත් තොරතුරු හෙළිවෙයි!
Homeගොසිප්

ජනපති, ගෝඨා 'ඝාතන කුමන්ත්‍රණය': තවත් තොරතුරු හෙළිවෙයි!

PropellerAds

[BBC වාර්ථාවකි] ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සැලසුම් කරන බවට ද...

සැබෑ ආදරය සොයා සැමියන් ඝාතනය කළ ‘සිනාසෙන මිත්තණිය
රට වටේ ATM වලින් සල්ලි ඇද්ද කුඩ්ඩා අලව්වේදී මාට්ටු
අතවරයට ලක් වූ තරුණියකගේ සාපෙන් දැවෙන ප්‍රේතයෙක් කියපු අද්භූත කතාව


[BBC වාර්ථාවකි]

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සැලසුම් කරන බවට දූෂණ විරෝධී බලකාය නම් සංවිධානයක් නියෝජනය කරන නාමල් කුමාර නමැත්තා පසුගිය සැප්තැම්බර් 12 වෙනි දින කළ හෙළිදරව්ව ගැන තවමත් පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.

මෙම "ඝාතන කුමන්ත්‍රණ" චෝදනාව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ නව මාවතකට යොමුවූයේ, පසුගිය බ්‍රහස්පතින්දා නාමල් කුමාරගේ වරකපොල නිවසට පැමිණි සැක කටයුතු ඉන්දීය ජාතිකයකු අත්අඩංගුවට ගැනීමත් සමගය.

තමන් හමුවීමට පැමිණි මින් පෙර නොහඳුනන මෙම පුද්ගලයා පිළිබඳව නාමල් කුමාර පොලිසියට කළ දැනුම් දීමක් මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

"මේ ජාතිකයා මගේ ගෙදරට ආවේ මගේ ආරක්ෂාව ගැන ගැටලුවක් තියෙනවා කියල කියන්න. විශේෂයෙන් ම මේ පුද්ගලයා දැන්වූවා සූක්ෂම මිනීමැරුම් ගැන. ඉතින් මට මේ දැන්වීමත් එක්ක සැක හිතිලා, පොලිසියට දැන්වුවා," නාමල් කුමාර, අදාළ ඉන්දීය ජාතිකයා ගැන මාධ්‍ය දැනුවත් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා ගැන පසුගිය අඟහරුවාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂට ජීවිත තර්ජනයක් ඇතැයි මෙම ඉන්දීය ජාතිකයා ප්‍රකාශ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේ යයි මාධ්‍ය වාර්තාකර තිබුණි. ඉන්දීය ජාතිකයා ඝාතන කුමන්ත්‍රණයක තොරතුරු හෙළිකර ඇති බවට ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ නමුත්, බදාදා (සැප්තැම්බර් 26) මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පැවසුවේ, "ඉතා වගකීමෙන් කියනවා නොයෙකුත් වාර්තාවල පළවන අන්දමට ඝාතන කුමන්ත්‍රණයක් ගැන මේ ඉන්දියන් ජාතිකයා කිසිම කරුණක් අනාවරණය කරලා නැහැ, උසාවියට ඝාතන කුමන්ත්‍රණයක් ගැන කරුණු ඉදිරිපත් කරලා නැහැ, කිසි ම අවස්ථාවක" යනුවෙනි.

"ඔහු ප්‍රකාශ කරලා තිබෙන්නේ, නාමල් කුමාර විසින් පවත්වපු මාධ්‍ය සාකච්ඡා අනුව මාධ්‍යවල වරින් වර පළවූ වාර්තාවලට අනුව මේ ඉන්දියානු ජාතිකයාට දැනුණා නොයෙකුත් පුද්ගලයන් කිහිප දෙනෙකුට තර්ජනයක් තිබෙන බව. ඒ නිසයි අවස්ථා කිහිපයකදී නාමල් කුමාරගේ නිවසට ගියේ ඒ පිළිබඳව විමසන්න කියන එකයි ඔහු කියන්නේ," පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ද නිවේදනයක් නිකුත් කරමින් ඇතැම් ජනමාධ්‍ය මේ ඉන්දියන් ජාතිකයා ඝාතන කුමන්ත්‍රණයක් ඇති බව ප්‍රකාශ කළයි පවසමින් වැරදි තොරතුරු වාර්තා කරමින් රට නොමග යවන බවට චෝදනා කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලිඛිතව හෝ වාචිකව එවැනි කිසිදු ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

කවුද මේ ඉන්දියන් ජාතිකයා?

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට පැමිණි අයෙකු වන මෙම පුද්ගලයා හඳුනාගෙන ඇත්තේ, මාර්සලි තෝමස් යනුවෙනි. 2017 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඔහු ඉන්පසු ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ, සිය වීසා කාලය ද ඉක්මවමිනි.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙම පුද්ගලයා ගැන දුන් තොරතුරුවල සඳහන් වන්නේ, මෙම පුද්ගලයා 2000 වසරේ සිට යම් මානසික රෝගයකින් පෙළෙන බවට සිය රටේ වාර්තාවල සඳහන් වන බව ය.

2017 වසරේ මුල සිට මේ පුද්ගලයා සිදුකළේ කුමක් ද? ඔහුගේ ආදායම් මාර්ග මොනවා ද? ආදී කරුණු ගැන පොලිසිය දැන් විමර්ශන සිදු කරයි. වසර 1 1/2 කාලයක් ශ්‍රී ලංකාවේ ඔහු සිදුකළේ කුමක්දැයි හෙළිකර ගැනීමට ඔහුගේ දුරකතන වාර්තා ලබාගෙන පරීක්ෂා කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම ඉන්දියන් ජාතිකයා රඳවා ගෙන තිබෙන අතර ඔහු ඉදිරියේදී නැවතත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, මෙම ඉන්දියන් ජාතිකයා කළ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති ප්‍රකාශ පදනම් කර ගෙන තම ආරක්ෂාවට ගැටලුවක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද පවසා තිබේ.

ඔහු බදාදා (26) කොළඹදී පැවසුවේ, තමන්ගේ ආරක්ෂාව වැඩි කරන ලෙසට තම ආරක්ෂාව භාර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් රජයෙන් ඉල්ලීමක් කරනු ලැබූ බව ය.

තමා සහ තම පවුලේ සාමාජිකයින් ඝාතන සැලැස්මක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වාර්තා කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජය වහාම කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේ මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කළේ ය.

මෙම ඉන්දියන් ජාතිකයාට අමතරව නාමල් කුමාර නමැත්තා ලබා දුන් හඬ පටවල සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීම මේ දිනවල සිදුවේ.

නාමල් කුමාර නමැත්තාගේ කටහඬ සහ දුරකතන සංවාදයේ හඬ නිවැරදි දැයි පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාමල් කුමාරගේ කටහඬ පරීක්ෂාවක් කර තිබේ.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට යළි පැමිණි නාමල් කුමාර නමැත්තා සීඩී පටයක් පෙන්වමින් ප්‍රකාශ කළේ, නාලක සිල්වා හා තමා අතර සිදුවූ සංවාද සහිත තවත් හඬ පට කිහිපයක් ඔහු අද පොලිසියට භාර දෙන බව ය.

"විශේෂ හඬ පට කිහිපයක් සහ වෙනත් විශේෂ තොරතුරු කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු සඳහා ලබා දෙන්න මම කටයුතු කරනවා. ඡායාරූප කිහිපයකුත් තියෙනවා." යනුවෙන් ඔහු සඳහන් කර තිබිණි.

වරකපොල ප්‍රදේශයේ පදිංචි නාමල් කුමාර තමන් හඳුන්වා දෙන්නේ, සිංහල ජාතික සංවිධාන සමග එක්ව අන්තවාදයට එරෙහිව ක්‍රියාකරන පුද්ගලයෙකු වශයෙනි.

නැගෙනහිර ප්‍රදේශයේ මුස්ලිම්-දෙමළ ගැටුමක් ඇති කිරීමට විදේශගතව සිටින පිරිසක් විසින් ගනු ලැබූ උත්සාහයක් පිළිබඳව පැමිණිලි කිරීමට පොලිස්පතිවරයා හමුවීමත් සමග, ඒ මාර්ගයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියා ඔහුට හඳුනාගැනීමට ලැබී තිබේ. ඉන් අනතුරුව එයින් ගොඩනැගුන හිතවත්කම මත පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල නොවන පොලිස් ඔත්තුකරුවකු ලෙස ද ඔහු කටයුතු කර තිබේ.

මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින්ට ගල්කිස්සේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් වශයෙන් නම් කර සිටි අරඹේපොල රතනසාර හිමියන් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගැනීමට මෙන් ම, මහනුවර ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට ගැනීමට තමන් පොලිසියට සහය වූ බව නාමල් කුමාර පවසයි.

ගල්කිස්සේ ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස් දහසක් සහ මහනුවර ගැටුම සම්බන්ධ තොරතුරැ ලබාදීම වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස් දහසක ත්‍යාග මුදලක් පොලිසිය විසින් ඔහුට ප්‍රදානය කරනු ලැබ තිබේ.

නාමල් කුමාර සිදුකර ඇති ප්‍රකාශ හා ඔහු ලබා දී ඇති හඬ පට ගැන සති දෙකකට ආසන්න කාලයක් දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ පවත්වමින් සිටී.

ඇතැමුන් පවසන්නේ නාමල් කුමාරගේ මෙම චෝදනා කිසිම පදනමක් නැති ඒවා බව ය. තවත් අය පවසන්නේ, මේ ගැන නිසි විමර්ශනයක් පවත්වා මෙහි සත්‍ය අසත්‍යතාව සොයා ගැනීම අනිවාර්යයෙන් ම සිදුකළ යුතු බව ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිදුවීම ගැන පරීක්ෂණ අවසන් වන තුරු මෙම සිදුවීම රටේ දේශපාලනයට හා මාධ්‍යයට උණුසුම් පුවත් ලබාදෙමින් තිබෙන ආකාරයක් දක්නට ලැබේ.

ඉන්දීය ජාතිකයාගෙන් ප්‍රශ්න කිරීමට අවසර: තවත් තොරතුරු හෙළිවෙයි

මේ අතර, අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයා බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 27) කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු මාස 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබේ.

ඉන්දියාවේ රාජ්‍ය නොවන සංවිධානයකින් තමන්ට ජීවිත තර්ජන ඇතැයි පවසමින් මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවේ සරණාගතභාවය ඉල්ලා ප්‍රතික්ෂේප වූ අයෙකු බව ද පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.

මෙම ඉන්දීය ජාතිකයා සෞඛ්‍ය පරීක්ෂණයක් සඳහා කායික, මානසික හා විකලාංග වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ අවසරය ලබාගෙන තිබේ.

මේ අතර, අනිවාර්ය නිවාඩු යැවූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ කටහඬ පරීක්ෂා කිරීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදී අවසර ලැබිණි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති, ගෝඨා 'ඝාතන කුමන්ත්‍රණය': තවත් තොරතුරු හෙළිවෙයි!
ජනපති, ගෝඨා 'ඝාතන කුමන්ත්‍රණය': තවත් තොරතුරු හෙළිවෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj76p002CpkLSwu2O51N4zrU7viE9-LV5nuUQ0YVzUh9ijekO78b4ffTzASVF1doWdNDwW2vuhm4aHK4pWlGPo92Q3QVK3PE-7fe8fGaApw2DGy1S1_ph2vljhVB1nynk_7oXFYbBqeUnN5/s1600/_103597177_9dc2a16e-fcb8-40c1-9721-24d501bb0ab4.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj76p002CpkLSwu2O51N4zrU7viE9-LV5nuUQ0YVzUh9ijekO78b4ffTzASVF1doWdNDwW2vuhm4aHK4pWlGPo92Q3QVK3PE-7fe8fGaApw2DGy1S1_ph2vljhVB1nynk_7oXFYbBqeUnN5/s72-c/_103597177_9dc2a16e-fcb8-40c1-9721-24d501bb0ab4.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_205.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_205.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy