පිළිකා රෝගීන්ට ලබාදෙන මෝෆීන් නැමැති වේදනා නාශක ඖෂධය සති කිහිපයක සිට හිඟව පවතින බව මහරගම පිළිකා රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි. නේවාසික හා බ...
පිළිකා රෝගීන්ට ලබාදෙන මෝෆීන් නැමැති වේදනා නාශක ඖෂධය සති කිහිපයක සිට හිඟව පවතින බව මහරගම පිළිකා රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
නේවාසික හා බාහිර පිළිකා රෝගීන්ට නිතර ගත යුතු ඖෂධයක් වන මෝෆීන් හිඟවීම නිසා එම රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවද එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පිළිකා රෝගීන්ට ලබා දෙන මෝෆීන් නැමැති වේදනා නාශකයේ වර්ග දෙකක් තිබෙන අතර අයි.ආර් නැමැති වර්ගයේ හිඟයක් තිබෙන හෙයින් එස්.ආර් නැමති වර්ගය රෝගීන්ට ලබා දීමට පිළිකා රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කරන බවද පැවසේ.
රෝහල්වල විශාල ඖෂධ හිඟයක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා මාධ්‍යයට කර ඇති ප්‍රකාශය පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කරුණූ දැක්වීමක් සිදු කොට ඇත.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරන පරිදි රෝහල්වල විශාල ඖෂධ හිඟයක් මතුව ඇත්නම් ඒ පිළිබදව සියලු තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියි.එම තොරතුරු පදනම් කර ගනිමින් අවශ්‍ය පියවර ගැනීමට තමන් සුදානම් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධරණය කර සිටියි.
සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්වන විට ඖෂධ වර්ග 49 -70 අතර ප්‍රමාණයක හිඟයක් දිනපතාම පැවැති බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා එම හිඟය මගහරවා ගැනීම සදහා රෝහල් පද්ධතියට මෘදුකාංගයක් හදුන්වා දුන් බව ද සදහන් කරයි. එම පරිගණක මෘදුකාංගයට අනුව ඕනෑම රෝහලක සිට අනෙක් රෝහලට අවශ්‍ය හිඟ ඖෂධ ලබාගැනීමේ හැකියාව පවති.
ඒ අනුව ඇතැම් හිඟ ඖෂධ කඩිනම්න් වෛද්‍ය සැපයුම් අංශයෙන් සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ලබාදීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියේ සදහන් ප්‍රධාන කරුණූ 03 ක්‍රියාත්මක කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
අත්‍යාවශ්‍ය ඖෂධ වර්ගවල මිල අඩු කිරීම, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම, රජය හරහා එම ඖෂධ බෙදාහැරීම ඇතුලු එම කරුණු ක්‍රියාත්මක කිරීමට තමන් පියවර ගෙන ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
COMMENTS