දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අල කිලෝවක් රු 95කට හෙට සිට මිලට ගනී.
Homeගොසිප්

අල කිලෝවක් රු 95කට හෙට සිට මිලට ගනී.

PropellerAds

අල ගොවීන්ගේ ගැටලු විසඳමින් අල කිලෝවක් රුපියල් අනුපහ ගණනේ දිනකට අල මෙට්‍රික් ටොන් දෙසීයක් වහාම මිලදී ගැනීමට සමූපකාර පාරිභෝගික සංගමය හෙවත් ...

සිරස නිවුස් වොක්ස්වැගන් හෙළිදරව්වට -අගමැති රනිල්ගෙන් පිළිතුරු
මනුෂ අහක බලා වසර 5 කට පසු රොෂානා අලූත් ජීවිතයකට
තමා සමග නදීෂා වාහනේ හිටියා කියූ අයට එරෙහි නඩුවට ඇමති පාඨලී ඇවිත් උත්තර දුන් හැටි


අල ගොවීන්ගේ ගැටලු විසඳමින් අල කිලෝවක් රුපියල් අනුපහ ගණනේ දිනකට අල මෙට්‍රික් ටොන් දෙසීයක් වහාම මිලදී ගැනීමට සමූපකාර පාරිභෝගික සංගමය හෙවත් කෝප්ෆේඩ් හෙට (21) සිට සියලු කටයුතු ආරම්භ කර තිබෙන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත්දා (18) එම අමත්‍යාංශයේ පැවැති අල ගොවීන් මුහුණදී සිටින ගැටලු සාකච්ඡා කොට විසඳුම් සෙවීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් කතා කළ ඇමතිවරයා මෙසේද කීය "සැප්තැම්බර්, ඔක්තොම්බර්,නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදි වැලිමඩ,ඌවපරණගම යන පළාත්වල අල වෙළෙඳපොළට එන්නේ. තිබෙන වාර්තාවලට අනුව සැප්තැම්බර් මාසයට අල මෙට්‍රික් ටොන් හාරදහසක්ද, ඔක්තොම්බර් මාසයට මෙට්‍රික් ටොන් දහතුන් දහසක්,නොවැම්බර්වලදි මෙට්‍රික් ටොන් අටදහසක් හා දෙසැම්බර් මාසයේදි මෙට්‍රික් ටොන් හාරදහසක් වී එය අඩුවෙලා යනවා.

මෙහිදි දේශීය අල ගොවියා රැක ගැනීමට අවශ්‍ය නිසා මම ජීවන වියදම් කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කෙරුවා ආනයනික අර්තාපල් වෙනුවෙන් බද්දක් පනවන ලෙස. පසුව එය රුපියල් හතළියක් ලෙස තීරණය වුණා. එසේ තත්ත්වය පවතිද්දි මෙම සැප්තැම්බරයේ අල ඵලදාව ලබා ගැනීමේදි අල වල මිල පහත වැටෙන්න පටන් ගත්තා. ඒ නිසා අල ගොවීන්ගේ විරෝධතා මතුවුණා. මෙහිදි රුපියල් එකසිය දහයට තිබු අල කිලෝවක මිල රුපියල් හැටපහ පමණ දක්වා මිල පහත වැටුණා. පුද්ගලික වෙළෙඳුන්ද මෙහිදී ප්‍රයෝජන ගන්න බලනවා. මෙහිදි අපි ජීවන වියදම් කමිටුවෙන් රුපියල් දහයක බද්දක් ආනයනික අල වෙනුවෙන් පනවල ලෙස ඉල්ලුවත් මේවනවිට ආනයනික අල මෙරටට මෙරටට ගෙනැල්ල අවසන් බැවින් මේ බද්ද පැනවුවහොත් ඔවුන් එම කිලෝවක මිල ඉහල දැමීමට ඉඩ තිබෙන බවද මෙයද ආනයනික අල වෙළඳුන්ගේ උපක්‍රමයක් විය හැකි බැවින් එම රුපියල් දහයේ බදු වැඩිවීම සිදුවූයේ නැහැ. පසුව මම ස.තො.ස. මේ අල ලබාදීමේ ක්‍රමයක් සකස් කළත් එම ආයතනයට මිලදි ගැනීමේ සීමාවක් තිබෙන නිසා එහිදි ගැටලු මතුවුණා. පසුව සමුපකාර දෙපාර්තමේන්තුව, සමුපකාර පාරිභෝගික සංගමය හා කීල්ස්, කාගිල්ස් ෆුඩ්සිටි, ආර්පිකෝ ආයතන සමගද සාකච්ඡා කළ අතර එම පුද්ගලික ආයතන අල තෝරලා රුපියල් සීය ගණනේ සුළු ප්‍රමාණයක් මිලදි ගැනීම ඇරඹුවා.

මෙහිදි පැවැති සාකච්ඡාවේදි සමූපකාර පාරිභෝගික සංගමය (කෝප්ෆෙඩ් ආයතනය) කිව්වා අපි අල මිලදි ගන්නම් හැබැයි අපට පහසුකම් අවශ්‍යයි කියලා. එහිදි තමයි තීරණයුවුණේ දිනකට අල මෙට්‍රික් ටොන් දෙසීයක් දිනකට මිලදි ගන්න. මෙය සතියේ දින හයක් මිලදි ගැනීම සිදුවෙනවා. කෝප්ෆේඩ් ආයතනය අපෙන් ගබඩා පහසුකම් ඉල්ලා සිටියා. එය නොමිලේ ලබාදීමට පියවර ගන්නවා. මෙහිදි අපි ඉදිරියේදි මුදල් , කෘෂිකර්ම හා වෙළඳ යන අමත්‍යාංශ එකට සිට සාකච්ඡාවක් පවත්වමින් අගර්තාපල් ආනයනය කරනවිට ඉවක් බවක් නැතිව සිදුනොකර මෙරට තිබෙන අර්තාපල් නිෂ්පාදනය සැළකිල්ලට ගෙන හිඟ ප්‍රමාණය පමණක් ආනයනය කරන්න යෝජනාවක් ඉදිරිපත් කර තියෙනවා. එමෙන්ම අල කිලෝවකට වැයවෙන නිෂ්පාදන වියදම අඩු කිරීමට කිරීමටත් එහිදි දැනට අලබීජ හෝන්ඩරයක් විදේශවලින් ගෙනැත් ගොවීන්ට ලබාදීමට රුපියල් දහසය දහසක් පමණ වැයවෙනවා. ඒ ගැනත් අවධානය යොමු කළ යුතුයි. සමූපකාර පාරිභෝගික සංගමයද අල ගොවීන්ට කෘෂිරසායන හා පොහොර සහනදායි ලෙස ලබාදීමට පියවර ගන්ත කටයුතු කරන බව පැවසු අතර ඒ සඳහා ඉදිරියේ යම් ගිවිසුම් ඇති කර ගත හැකියි. ඒ අනුව මේවන විට දිස්ත්‍රික්ක දහතුනක ජනතාව නියඟයෙන් පීඩා විඳින බැවින් එම ජනතාවට ලබාදෙන සහනාධාර මල්ලට අල කිලෝ දෙක බැගින් ලබාදීමට ආපදා කළමනාකරණ අමත්‍යාංශය හරහා ලබාදීම, ගබඩා පහසුකම් සඳහා අඹගස්දෝව සමූපකාර ගොඩනැඟිල්ල, අඹගස්දෝව නවනගරයේ පොහොර ගබඩාව නොමිලේ ලබාදීම, මෙම මිලදි ගැනීමේ වැඩ සටහන ගැන ප්‍රාදේශීය ලේකම්වරු හරහා ගොවි ජනතාව දැනුවත් කිරීම, අර්තාපල් නියමිත් ප්‍රමිතියෙන් යුතුව මිලදි ගැනීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම පිළිබඳ හා අර්තාපල් මිලදි ගැනීමේ වැඩපිළිවෙල ගැන ගොවීන් දැනුවත් කිරීම,ගොවි සමිති හරහා අවශ්‍ය සහයෝගය ලබාදීම, ඉදිරි කාලය සඳහා ගිවිසුම්ගත අර්තාපල් වගාවකට ගොවීන් යොමු කිරීමේ වැඩපිළිවෙලක් සැකසීමටද අමත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේදි තීරණය කර තිබේ.

මේ සාකච්ඡාවටඅපදා කළමනාකරණ රාජ්‍ය අමත්‍යාංශයේ ලේකම් කපිල ජයසේකර බදුල්ල දිස්ත්‍රික්ක ලේකම් දමයන්ති පරණගම, ඇතුළු සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ හා සමුපකාර පාරිභෝගික සංගමයේ නිලධාරි මහත්ම මහත්මිහුද , කාගිල්ස්,කීල්ස් හා ආර්පිකෝ ආයතනවල නිලධාරින්ද අර්තාපල් ගොවී සමිතිවල නියෝජිතයින්ද එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අල කිලෝවක් රු 95කට හෙට සිට මිලට ගනී.
අල කිලෝවක් රු 95කට හෙට සිට මිලට ගනී.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBy3ClCQSRous-ApYuz88yMCcEu1_7eY2rzrskvYZFv2EPpp7nS6tyFoEaTVvLHzMsRdneouf_j2z-fghRshbKMaNh9y0WjvhyphenhyphengdkR5b_TWe9m7kCDbaOQR1t4EDOxW5dMXVHZxOpKOpYy/s1600/%25E0%25B6%259C%25E0%25B7%259C%25E0%25B7%2580%25E0%25B7%2593%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%259C%25E0%25B7%2599%25E0%25B6%25B1%25E0%25B7%258A+%25E0%25B6%2585%25E0%25B6%25BD+%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B6%25BD%25E0%25B7%259D%25E0%25B7%2580%25E0%25B6%259A%25E0%25B7%258A+%25E0%25B6%25BB%25E0%25B7%2594+95%25E0%25B6%259A%25E0%25B6%25A7+%25E0%25B7%2584%25E0%25B7%2599%25E0%25B6%25A7+%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%25A7+%25E0%25B6%25B8%25E0%25B7%2592%25E0%25B6%25BD%25E0%25B6%25A7+%25E0%25B6%259C%25E0%25B6%25B1%25E0%25B7%2593.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBy3ClCQSRous-ApYuz88yMCcEu1_7eY2rzrskvYZFv2EPpp7nS6tyFoEaTVvLHzMsRdneouf_j2z-fghRshbKMaNh9y0WjvhyphenhyphengdkR5b_TWe9m7kCDbaOQR1t4EDOxW5dMXVHZxOpKOpYy/s72-c/%25E0%25B6%259C%25E0%25B7%259C%25E0%25B7%2580%25E0%25B7%2593%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%259C%25E0%25B7%2599%25E0%25B6%25B1%25E0%25B7%258A+%25E0%25B6%2585%25E0%25B6%25BD+%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B6%25BD%25E0%25B7%259D%25E0%25B7%2580%25E0%25B6%259A%25E0%25B7%258A+%25E0%25B6%25BB%25E0%25B7%2594+95%25E0%25B6%259A%25E0%25B6%25A7+%25E0%25B7%2584%25E0%25B7%2599%25E0%25B6%25A7+%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%25A7+%25E0%25B6%25B8%25E0%25B7%2592%25E0%25B6%25BD%25E0%25B6%25A7+%25E0%25B6%259C%25E0%25B6%25B1%25E0%25B7%2593.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/95.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/95.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy