ආහාර විස විමක් හේතුවෙන් වටවල ප්‍රාදේශිය රෝහලට ළමුන් 65 දෙනෙකු පමණ ඊයේ (05) රාත්‍රි ඇතුලත් කල බව වටවල පොලිසිය පැවසිය. වටවල පොලිස් වසමට අයත...
ආහාර විස විමක් හේතුවෙන් වටවල ප්‍රාදේශිය රෝහලට ළමුන් 65 දෙනෙකු පමණ ඊයේ (05) රාත්‍රි ඇතුලත් කල බව වටවල පොලිසිය පැවසිය.
වටවල පොලිස් වසමට අයත් ටෙම්පල්ස්ටො වතු යායේ පදිංචි අවුරුදු 1 සිට අවුරුදු 10 දක්වා වු පිරිමි සහ ගැහැණු ළමයි මෙසේ රෝහල් ගත කර ඇත.
එම වතුයායේ රාජ්‍යය නොවන සංවිධානයක් මගින් පවත්වාගෙන යන ආගමික ස්ථානයක් මගින් එම වතුයායේ පාසල් ළමුන් වෙනුවෙන් දිනපතා පාසල් නිමවිමෙන් පසු අමතර පන්තියක් පවත්වා එම පන්තියට පැමිණෙන ළමුන් වෙනුවෙන් ඊයේ පස්වරු 5 ට පමණ ලබා දුන් ආහාර අනුභව කල ළමුයි මෙසේ රෝහල් ගත කර ඇත.
එම ආගමික ස්ථානය මගින් ළමුන් 160 දෙනෙකු සහ වැඩිහිටියන් කිහිපදෙනෙකුට බත් සහ ව්‍යාංජන වශයෙන් කුකුල් මස් ව්‍යාජංනය ලබා දි ඇති අතර , එය ආහාරයට ගත් ළමුන් කිහිප දෙනෙකු ඊයේ පස්වරු 6 සිට වරින් වර රෝගාතුර විම නිසා ඊයේ රාත්‍රි 7 සිට රාත්‍රි 10 පමණ වන තෙක් අවස්තා කිහිපයකදි මෙම ළමුන් රෝහල වෙත ඇතුලත් කරනු ලැබීය.
එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරි සනත් පෙරේරා මහතා කියා සිටියේ අහාර විෂ විම හේතුවෙන් එම ළමුන් ක්ලාන්තය වමනය සහ පාචනය යන රෝග ලක්ෂණ වලින් පෙලෙන බවය.
රෝහල වෙත ඇතුලත් කල සියළුම ළමුන් තව දුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවද දිස්ත්‍රික් වෛද්‍යවරයා කියා සිටියේය.
ළමුන්ට ලබා දුන් ආහාර විෂ විම සම්බන්ධයෙන් වටවල පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් වෙන් වෙන් වශයෙන් පරික්ෂණ ආරම්භ කර ඇත.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS