විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනයට ලක් කෙරෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සියලූ පාර්ශවවල සහයෝගය ලබාගනිමින් සම්මත කර ගැනීමට බලාපොරොත්තු ...
විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනයට ලක් කෙරෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සියලූ පාර්ශවවල සහයෝගය ලබාගනිමින් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව කියා සිටියහ.
තුනෙන් දෙකක සාමාන්‍ය බහුතරයකින් පාර්ලිමේන්තුවේ කෙටුම්පත සම්මත කර අවශ්‍ය නම් ජනමත විචාරණයකට යාමට සූදානම් බවද විජිත හේරත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
"විධායක බලතල අහෝසි කිරීම සඳහා වන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීම අනුමත කරාට පස්සේ මාස 6 ක උපරිම කාල සීමාවකට යටත්ව ආණ්ඩුව පැත්තෙන් තමන්ගෙ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින් 20 සංශෝදනය අවසන් අනුමැතිය සඳහා ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුව තුළ සම්මත කරන්න බලාපොරොත්තු වෙනවා. මහින්ද රාජපක්ෂ කණ්ඩායමත්, එක්සත් ජාතික පක්ෂය වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල මහතාගේ පාර්ශ්වය සහයෝගයත් දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ඒ අයත් එක්ක මේ ගැන කතාබහ කරලා මේක 3න් 2න් අනුමත කරන්න. අපි ඊයේ දැක්කේ කාලා, බීලා ජොලියේ නටන නාඩගම්ක්. ඒක මෙහෙයවපු කට්ටියම දැන් කියනවා ඒක අසාර්ථකයි කියලා."
COMMENTS