විරෝධතාවයට සහභාගී වීමට පැමිණි පිරිසකට නොමිලේ බෙදා දුන් දියර කිරි වර්ගයක් පානය කළ විසි දෙනෙක් පමණ උදරාබාධයට ලක්ව ඊයේ (05) රාත්‍රියේ කොළඹ ජා...
විරෝධතාවයට සහභාගී වීමට පැමිණි පිරිසකට නොමිලේ බෙදා දුන් දියර කිරි වර්ගයක් පානය කළ විසි දෙනෙක් පමණ උදරාබාධයට ලක්ව ඊයේ (05) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.
මෙම පිරිස වීරකැටියේ සිට විරෝධතාවට පැමිණි අය වෙති. බස් රථය නතර කර මෙම දියර කිරි ලබා දුන් බවත් ඒවා පානය කර මද වෙලාවකින් පසු වමනය හා පාචන තත්ත්වයක් ඇති වූ බවත් රෝගී වූ පිරිස කියා සිටියහ.
මින් එක් අයෙකු ජාතික රෝහලේ 14 වාට්ටුවට ඇතුළත් කර ඇති රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියේය.
සෙසු පිරිස බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබේ.
COMMENTS