නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රීකුණාමල මණ්ඩපයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීම සඳහා පැමිණි ජනාධිපතිවරයා හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක්...
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රීකුණාමල මණ්ඩපයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීම සඳහා පැමිණි ජනාධිපතිවරයා හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලබා නොදීම හේතුවෙන් සිසුන් නොසන්සුන්තාවයට පත්ව ඇති බව වාර්තා විය.
සිසුන් පා ගමනක් මඟින් විරෝධතාවය දක්වමින් ජනාධිපතිවරයා හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සිටින ස්ථානයට පැමිණීමට උත්සහ කලද එයට ආරක්ෂක අංශ විසින් ඉඩ ලබා දී නොමැත.
සිසුන් කථා කිරීමට අවශ්‍ය බව කියමින් දැඩි ලෙස බැගෑපත් වුවත් ඔවුන්ට කන් නොදී සිටිම නිසා ආරක්ෂක අංශයන්ට සිසුන් පාලනය කිරීමට මහත් වෙහෙසක් ගැනීමට සිදු විය.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රීකුණාමල මණ්ඩපයේ පිහිටුවා ඇති සන්නිවේදන හා කළමණාකරන අධ්‍යයන පීඨය වසා දැමීම සම්බන්ධයෙන් ඊයේ (07) ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන බවට අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ මහතා පසුගිය පළමුවෙනිදා පොළොන්නරුවේදී සිසුන්ට පොරොන්දු වු නමුත් ඊයේ සිසුන් මඟ හැර යෑම නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වී තිබේ.
ඊයේ වන විට ත්‍රීකුණාමල මණ්ඩපය වසා දමා මාස දෙකක පමණ කාලයක් ගත වී තිබේ.
ඊයේ දින ත්‍රීකුණාමල මණ්ඩපයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහභාගීව සිටි අතර එහිදී පොරොන්දු පරිදි සාකච්ඡාවක් ඉල්ලා සිසුන් විරෝධය දැක්විය.
ඒ අනුව සිසු සිසුවියන් එම සාකච්ඡාවට සූදානම්ව උත්සව භූමියට යාමට පැමිණයද ආරක්ෂක අංශ යොදවා මාර්ගය හරස් කර ඇති බව සරසවි ශිෂ්‍යයන් පැවසීය.
මාධ්‍යවේදීන්ටද සිසුන් රඳවාගෙන තිබෙන ස්ථානයට පැමිණීමට ආරක්ෂක අංශ ඉඩ නොදෙන බවත් කියා සිටි සිසුන් මෙම ගැටළුවට විසඳුමක් ලැබෙන තුරු නොනවත්වා අරගලයේ යෙදෙන බව ද කියා සිටියේය.
එම වීඩියෝව පහතින්,
COMMENTS