දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දූවරුන් තිදෙනෙකු ජීවත් කරවන්නට දැඩි උත්සාහයක නිරත වන දෙමව්පියන්ගේ සංවේදී කතාව (VIDEO)
Homeප්‍රවෘත්ති

දූවරුන් තිදෙනෙකු ජීවත් කරවන්නට දැඩි උත්සාහයක නිරත වන දෙමව්පියන්ගේ සංවේදී කතාව (VIDEO)

PropellerAds

හඳුනා නොගත් රෝග තුනක් වැළඳුණු දූවරුන් තිදෙනෙකු ජීවත් කරවන්නට  මවක සහ පියෙකු  දැඩි  උත්සාහයක නිරත වෙමින් සිටිති. මේ අසරණ මාපිය යුවළ පදිංචි...

(EXCLUSIVE) ශ්‍රීලනිපය වැඩ අරඹයි - පැරණි සන්ධාන දෙකක් යළි සක්‍රීය කරයි
මිලියන තුනක් ඉක්මවු දෙරණ යූ ටියුබ් නාලිකාව හැක් වෙයි
නිහාල් නෙල්සන්ට ‘ලස්සනට පිපුණ වන මල් ගල්’ ගීතය ලියා දුන් ශාන්ත හිමි අපවත් වෙයි!
දූවරුන් තිදෙනෙකු ජීවත් කරවන්නට දැඩි උත්සාහයක නිරත වන දෙමව්පියන්ගේ සංවේදී කතාව (VIDEO)

හඳුනා නොගත් රෝග තුනක් වැළඳුණු දූවරුන් තිදෙනෙකු ජීවත් කරවන්නට  මවක සහ පියෙකු  දැඩි  උත්සාහයක නිරත වෙමින් සිටිති.

මේ අසරණ මාපිය යුවළ පදිංචිව සිටින්නේ  පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුබ්බෝගම කිරලව ගම්මානයේය . මෙම මාපිය යුවල වසර ගණනාවක සිට දූවරුන් තිදෙනා වෙනුවෙන් සිය සේසතම වියදම් කොට මේ වන විට වේලක් ඇර වේලක් ආහාර ගැනීමට හෝ නොමැතිව වත විලි වසා ගැනීමට ඇඳිවත හෝ නොමැති තරමට පීඩනයට පත්ව සිටීම විශේෂත්වයකි.

කේ .එම් .ජී . ප්‍රසන්න මද්දුම කුමාර (37) මහතා වයි .එම් .අනුෂා කුමාරි (31) මහත්මියත් මෙසේ දරුවන් තිදෙනා නිසා ආර්ථික, මානසික දුෂ්කරතාවයකට මුහුණ පා සිටිති.

 මෙම ආදරණීය දෙපළගේ පළමු දරුවා වූ ඉමාෂි සෙව්වන්දි   5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ සමාර්ථයක් ලබමින් ශිෂ්‍යත්ව විභාගයද සමත්වූ දැරියකි. තවමත් 13 වියේ පසුවන  ඇය  හදුනා නොගත් ඇටමිදුලු රෝගයකින් සහ නිතර නිතර විවිද රෝගාබාද වලට ලක්වන බැවින්   ප්‍රතිකාර ලබමින් සිටින්නීය. ඇය වසර කිහිපයක සිටම මහරගම  ෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබීම ද විශේෂත්වයකි. තවමත් ඇයට වැලඳී ඇති රෝගය නිශ්චිතවම හදුනාගෙන නොමැති බව දෙමාපියෝ පවසති. ඇයට පිටස්තර ස්ථානයකට ගමන් කිරීම පිටස්තර ආහාරපාන ලබාදීම   නතර කරන ලෙස වෛද්‍ය උපදෙස් ලබාදී ඇතැයි ප්‍රසන්න මහතා පවසයි . ඒ දියණිය ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය නොමැතිවීම හේතුවෙනි .ඇයට අවශ්‍ය ආහාරපාන ගෙනැවිත් දීමට තරම් පියාට හැකියාවක් නැතැයි හෙතෙම කියා සිටී.

මෙම යුවළගේ දෙවැනි දියණිය ඉෂාරා සෙව්වන්දි  තවමත් අට හැවිරිදි වියේ පසුවන්නීය. අධ්‍යාපනයට දක්ෂ වූ ඇය වසර කිහිපයක සිට ඇස් පෙනීමේ දුර්වලතාව යකට පත්ව සිටින්නීය. මේ වනවිට ඇය පාඩම් කටයුතු සිදුකරනු ලබන්නේ  පොත ඇයගේ දෑස් ආසන්නයටම ලබාගැනීමෙන් පසුවය. විවිධ  ප්‍රදේශවලට ගොස් වෛද්‍යවරුන් හමුවී ප්‍රතිකාර ලබා ගත්තද මෙතෙක් ඇයගේ ඇස් වල රෝගය හඳුනා ගෙන නැතැයි දෙමව්පියෝ පවසති. එහෙත් වෛද්‍යවරුන් කිහිප දෙනෙකු සඳහන් කොට ඇත්තේ නුදුරේම දැනට  පෙනෙන්නට ඇති ප්‍රමාණයද අවම වීමේ ප්‍රතිශතයක පවතින බවය.

 මෙම යුවළගේ බඩපිස්සීය වන්නේ ඉසුරිකා සෙව්වන්දිය  ඇය තවමත් පෙර පාසල් වියේ පසුවන්නීය. ඇයට සිදුව ඇති රෝගය බවට පත්ව ඇත්තේ එක වැරම ක්ලාන්තය සෑදී ශරීරය වෙව්ලීම ය. ඇයට තවමත් ප්‍රතිකාර කිරීමට තරම් ශක්තියක් මේ යුවළට නොමැතිය. පෙර දරුවන් තිදෙනා ගේ  කටයුතු සඳහා මහනුවර මහා රෝහලටත් පේරාදෙණිය මහා රෝහලටත් මහරගම  රෝහලටත් සතිපතා ගමන් කිරීම හේතුවෙනි.

ප්‍රසන්න මද්දුම කුමාර ටිපර් රථ රියැදුරෙකි. ඔහුට සිදුව ඇත්තේ එක තැනක දින කිහිපයක් සේවය කරද්දී දිගටම නිවාඩු ලබා ගැනීම සිදුවීමය. එනම් දරුවන්ගේ ෛවද්‍ය උපකාර සඳහා පිටත්ව යෑමට ය. ඒ අවසන් කොට නැවත රැකියාවට යද්දී එම රැකියා ස්ථානය ඔහුට අහිමි වී හමාරය. බොහෝදුරට එක් දිනක් කාගේ හෝ රියදුරු සේවයක් සිදු කොට නැවත සති කිහිපයක් යන තුරු සේවය අහිමි ව  සිටින බව පවසයි.

ප්‍රසන්න තමන්ට හැකි පරිදි කුඩා ගල් කැබලි සොයාගෙන ලබා ගන්නා මුදලින් සිමෙන්ති කොට්ටයක් දෙකක් ගෙන ඉතා කුඩාවට තමන්ගේම අතින් විවිධ ගඩොල් කෑලි තබා කාමර දෙකක් ඉදිකොට ගෙන තිබේ. එය ද ශක්තිමත්ව නොමැති කුඩා නිවහනකි. අසනීප දරුවන්ට අවම තරමේ වැසිකිලියක් හෝ ඔවුන්ට නොමැත. නිවසේ විදුලි බලය ද නැත. අවට නිරාවරණය වූ කුඩා කුස්සියේ පුංචි වළං මුට්ටි කිහිපයක් තිබුනද ඒවා එතරම් පොහොසත් බවක් දකින්නට නොමැතිය. දරුවන් කුසගින්නේ හඬා වැටෙද්දී දෙමව්පියන් දෙදෙනාද දරුවන් වෙනුවෙන් විශාල කැප කිරීමක් සිදුකර හමාරය ‍. අඩුම තරමේ මේ අසරණ පවුලට සමුර්ධි සහනාධාරයවත් නොමැත .ප්‍රරසන්න මද්දුම කුමාර මහතා අප සමඟ කියා සිටියේ මේ වන විට දරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 12කට අධික මුදල් ප්‍රමාණයක් වියදම් කළ ද මෙතෙක් රෝගී හෝ හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවය.

තම දියණියන් දෙදෙනාගේ ප්‍රතිකාර කටයුතු සහ ආහාරපාන කටයුතුවලට හෝ සහයෝගයක් ලබා දෙන්නේ නම් තමන්ට විශාල පකාරයක් බව ප්‍රසන්න මද්දුම කුමාර මහතා සඳහන් කළේය.

 එමෙන්ම අනුෂා කුමාරි මහත්මිය අප සමඟ කියා සිටියේ තම වැඩිමහල් දියණිය මහරගම මහ රෝහලේ මාස හයක පමණ කාලයක් නැවතී ප්‍රතිකාර ගනිද්දී ටෙලිනාට්‍ය නිළියක් වූ ගයත්‍රී ඩයස් මහත්මිය ආහාර පාන ලබා දී විශාල කැපකිරීමක් සිදු කළ බවය. ඇය නොසිටින්නට තම වැඩිමහල් දියණිය මේ වන විටත් තමන් හැර ගොස් ඇති බව ඇය හැඬූ කඳුළින් පැවසුවාය.

මෙම දරුවන් තිදෙනාගේ මව්වරුන් දෙදෙනා ඇවැස්ස මස්සිනා නෑනා බව ඔවුන් පැවසූහ.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

එම වීඩියෝව පහතින්,

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දූවරුන් තිදෙනෙකු ජීවත් කරවන්නට දැඩි උත්සාහයක නිරත වන දෙමව්පියන්ගේ සංවේදී කතාව (VIDEO)
දූවරුන් තිදෙනෙකු ජීවත් කරවන්නට දැඩි උත්සාහයක නිරත වන දෙමව්පියන්ගේ සංවේදී කතාව (VIDEO)
http://am.lk/media/k2/items/cache/7a37f5d4e35249c713304fc8ee6e3bab_S.jpg
https://i.ytimg.com/vi/jmI8QeR2ZoM/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/video_78.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/video_78.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy