ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන වෘත්තීය සමිති සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේදී ඊයේ ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන වෘත්තීය සමිති සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේදී ඊයේ පෙරවරුවේ හමුවක් සංවිධානය කෙරුනේ ප්‍රථම වරටය. ඒ සඳහා හිටපු නාගරික මන්ත්‍රී වරයෙක් වන ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම මහතා ද එක්වූ අතර එම රැස්වීමට මහින්ද කහඳගම මහතාව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා අවශ්‍ය පැමිණිල්ල ගොනු කළ සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමය සභාපති සුනිල් ජයවර්ධන මහතාද පැමිණ සිටියේය. ඔහු දුටු සැනින් මහින්ද කහඳගම මහතා ඊට සිය විරෝධය පළ කරමින් එම ස්ථානයෙන් පිටත්ව ගියේය.
එහිදී මහින්ද කහදගම මහතා මෙසේ පැවසීය.
“මාව හිරේ යවපු පැමිණිලිකාරයත් මෙතන වාඩි වෙලා ඉන්නවා. මොනවද විලි ලැජ්ජා නැති වැඩනේ සර් කරන්නේ.”
කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමෙන් අනතුරුව සාකච්ඡාව ආරම්භ වූ අතර මහින්ද කහඳගම මහතා මෙම හමුව සංවිධානය කර ඇති ආකාරය පිළිබඳව සිය අප්‍රසාදය පළ කර තිබේ.
එම වීඩියෝව පහතින්,
COMMENTS