මුලතිව් පුදුකුඩිඉරිප්පු වලෙයි ඒර්මඩම ප්‍රදේශයේදී යුද සමයේදී කොටි සංවිධානය විසින් වල දැමූ බවට සැකකෙරෙන ස්ථානයක ඊයේ (31) සවස කැනීමක් සිදු කල...
මුලතිව් පුදුකුඩිඉරිප්පු වලෙයි ඒර්මඩම ප්‍රදේශයේදී යුද සමයේදී කොටි සංවිධානය විසින් වල දැමූ බවට සැකකෙරෙන ස්ථානයක ඊයේ (31) සවස කැනීමක් සිදු කල බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය කියා සිටියේය.
පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුනු තොරතුරකට අනුව වලෙයි ඒර්මඩම ප්‍රදේශයේ කැලෑ බද ප්‍රදේශයක මෙම කැනීම සිදු කල අතර ඒ සඳහා පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් මුලතිව් අධිකරණයෙන් අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබුණි.
අදාල කැනීම සඳහා පුදුකුඩිඉරිප්පු යුද හමුදා නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටි අතර පසු කපන යන්ත්‍රයක් මගින් පැය තුනක පමණ කාලයක් කැනීම සිදු කලද එම ස්ථානයෙන් කිසිවක් හමු නොවීම හේතුවෙන් කැනීම් කටයුතු නවතා දැමීමට පුදුකුඩඉරිප්පු පොලීසිය විසින් පියවර ගැනුනි.
පසුගිය දින කිහිපයේදී මුලතිව් දිස්ත්‍රීක්කයෙදී සිදු කල කැනීම් කිහිපයකදී එක් අවස්ථාවක පමණක් නාවික හමුදාවෙන් සිදු කල කැනීමකදී පමණක් කොටි අවි ගබඩාවක් සොයා ගත හැකි විය.
එම වීඩියෝව පහතින්,
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS