හැටන් බස් නැවතුම්පොලට ඉහලින් වු කන්දක් නායයාමේ අවධානමට ලක් වි ඇත. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවතත්...
හැටන් බස් නැවතුම්පොලට ඉහලින් වු කන්දක් නායයාමේ අවධානමට ලක් වි ඇත.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවතත් සමගම හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලට ඉහලින් වු කන්දක පස් බස් නැවතුම්පොලට හා බස් නැවතුම්පොලේ මහජන වැසිකිලිය අසලට අද (15) කඩා වැටි ඇත.
පවතින වර්ෂාවත් සමගම තවදුරටත් එම කන්ද පහලට කඩා ඒමේ අවධානමක් පවතින බව හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ වේලා සටහන්කරු පැවසිය.
එම කන්දට ඉහලින් හැටන් ගාමිණිපුර ගම්මානයද පිහිටා ඇත.
එම ගම්මානයේ වැසි ජලය එම කන්ද හරහා පහලට ගලා ඒම නිසා මෙම පස් කන්ද කඩා වැටිමේ අවධානමක් පවතින බව හැටන් බස් නැවතුම්පොලේ පෞද්ගලික බස් රථ රියදුරන් කියා සිටියේය.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS