දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වදුරු කතා ගැන අකුරක් නෑ... විදුලිය බිදවැටීමට හේතු ලංවිම ඉංජිනේරු සංගමය කියයි
Homeප්‍රවෘත්ති

වදුරු කතා ගැන අකුරක් නෑ... විදුලිය බිදවැටීමට හේතු ලංවිම ඉංජිනේරු සංගමය කියයි

PropellerAds

ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීම...

ජනපතිට එරෙහි අධිකරණ සටන යලි ඇරඹේ.. ජනපති මත විමසුමට විරුද්දව සුමන්දිරන් උපරිමාධිකරණයේ !
මුස්ලිම් අවම විවාහ වයස 18 කරන්න කැබිනට් අනුමැතිය
හෙල්මට් නැතිව අපිට යන්න පුළුවන් කී එජාප මන්ත්‍රීනිය නැගණිය සමග අත්අඩංගුවට !
ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීම සමස්ථ විදුලිබල පද්ධතිය බිඳවැටීම සඳහා බලපාන මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

කෙසේ නමුත් මෙම තත්ත්වය, නිසි විමර්ශනයක් මගින් තහවුරු කරගත යුතු බව එම සංගමය පෙන්වා දෙයි.

අදාල නිවේදනය මෙසේය.

“ඊයේ දින පෙරවරු 11.15ට පමණ දිවයිනේ සමස්ත විදුලිබල පද්ධතිය බිඳවැටීමක් සිදු විය.
මේ සඳහා බලපාන ලද මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීමත්ය. කෙසේ නමුත් මෙම තත්ත්වය, නිසි විමර්ශනයක් මගින් තහවුරු කරගත යුතුවේ.

පානදුර විදුලි උපපොලේ 33 kV පෝෂක අංගනය (33 kV Bus Bar) ආශ්‍රිතව සිදුවූ හදිසි විදුලි වැටීමක් සමඟ අඩු විදුලි ඉල්ලුම නිසා හා ඉහළ සූර්ය විදුලි නිෂ්පාදනය නිසා ස්ථායිතාවය අඩු මට්ටමක පැවති ජාතික විදුලි බල පද්ධතිය, අසමතුලිත වී, ස්වයංක්‍රීය හදිසි බිඳවැටුම් කළමනාකරණ ක්‍රියාවලිය මගින් පද්ධතිය යථාවත් කර ගැනීමට නොහැකිවීම තුළ සමස්ත දිවයිනේම විදුලි සැපයුම විසන්ධි විය.

ජාතික විදුලිබල පද්ධතිය මෙවැනි අවදානම් තත්ත්වයක ආසන්නයට මීට පෙර ඉරිදා දින කීපයකදීම පැමිණියද, එහිදී විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන අංශයේ දක්ෂතාවය මත පූර්ණ විදුලි විසන්ධි වීමක් සිදු නොවී වළක්වා ගත හැකි විය.

කෙසේ නමුත් අද දින ජාතික විදුලිබල පද්ධතිය පැවති දුර්වල තත්වය හේතුවෙන් සමස්ත විදුලි බිඳ වැටීම වළක්වා ගත නොහැකි වූ බව අනුමාන කෙරේ.

මෙවැනි විදුලි බිඳ වැටුම් ඉදිරියේදී සිදු නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විදුලිය ගබඩා කිරීමේ බැටරි පහසුකම් (Battery Storages) හා ජල පොම්ප බලාගාර (Pump Storage) වලට අදාළ ව්‍යාපෘති කඩිනම් කිරීමට දැනටමත් ලංකාවේ විදුලබල මණ්ඩලය හා බලශක්ති අමාත්‍යංශය එක්ව කටයුතු කරමින් පවතී.

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලනය අංශය හා අනෙකුත් අංශ යුහුසුළුව කටයුතු කරමින් සමස්ත විදුලි පද්ධතිය කඩිනමින් ප්‍රතිස්ථාපනය කිරීමට ක්‍රියා කරන ලදී.

තවද මේ සම්බන්ධයෙන් ඇතැම් වැරදි මත සමාජ ගත කිරීමට යම් පාර්ශව උත්සාහ ගන්නා බවද අප විසින් නිරීක්ෂණය කර ඇත”
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29263,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වදුරු කතා ගැන අකුරක් නෑ... විදුලිය බිදවැටීමට හේතු ලංවිම ඉංජිනේරු සංගමය කියයි
වදුරු කතා ගැන අකුරක් නෑ... විදුලිය බිදවැටීමට හේතු ලංවිම ඉංජිනේරු සංගමය කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgey7dEdN6ZM50BWPCq80pusEWMlNt5mlH5S8-WXBCGIUsy1dYaNFgC66GzPZ6fBT64EDeYI6C2WDHr5gSbvFGACWOFqLcpnuSU7Wq48aYQ1BIkjhiq8CjgcAC9iJ4jkqmhfvyP7b6HyUVCXofHc8FC7G3Krq-ZZStoLJk91jRcPYbNGRgvu1XoihvqdCHt/s320/ceb.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgey7dEdN6ZM50BWPCq80pusEWMlNt5mlH5S8-WXBCGIUsy1dYaNFgC66GzPZ6fBT64EDeYI6C2WDHr5gSbvFGACWOFqLcpnuSU7Wq48aYQ1BIkjhiq8CjgcAC9iJ4jkqmhfvyP7b6HyUVCXofHc8FC7G3Krq-ZZStoLJk91jRcPYbNGRgvu1XoihvqdCHt/s72-c/ceb.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/02/blog-post_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/02/blog-post_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy