දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලලිත් ජයසිංහ ළඟ නීතිය නැවුණු හැටි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රශ්න කරයි
Homeප්‍රවෘත්ති

ලලිත් ජයසිංහ ළඟ නීතිය නැවුණු හැටි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රශ්න කරයි

PropellerAds

 අත්අඩංගුවට ගැනීම සිදු කරන ලද්දේ පොලිස් මූලස්ථානයේ පිහිටුවා ඇති විශේෂ විමර්ශණ ඒකකය මගිනි. එලෙස එකී ඝාතනයේ සැකකරුවන් ආරක‍්ෂා කිරීම සඳහා තම...

බසලග ඇමත ලයසතවට කපලලක! පහටට මනතරවරන සවදනකග නම කප හර!
කට නස ඩයන ගස යන ලකණ!
දනෂ ඉවතට... පහටට ලකකකට අගමතකම... ජනපත ගදරටම ගස කත කරල?
ලලිත් ජයසිංහ ළඟ නීතිය නැවුණු හැටි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රශ්න කරයි

 අත්අඩංගුවට ගැනීම සිදු කරන ලද්දේ පොලිස් මූලස්ථානයේ පිහිටුවා ඇති විශේෂ විමර්ශණ ඒකකය මගිනි. එලෙස එකී ඝාතනයේ සැකකරුවන් ආරක‍්ෂා කිරීම සඳහා තම ධුරයේ බලය අයුතු ආකාරයෙන් යොදවමින් බරපතල විෂමාචාරයක් සිදු කරන ලදැයි චෝදනා ලද්දේ වුවද හිටපු නි.පොලිසිපතිවරයා කිසිදු අපහසුතාවයකින් තොරව එම දිනයේදීම පැය කිහිපයක් තුළ ඇප ලැබීම පිළිබඳව මෙරටේ මැතිවරණ නිරීක‍්ෂණ සංවිධාන තම කනස්සල්ල පළකර සිටී.

මෙලෙස ඝාතනයට ලක් වූයේ ශාන්ත දොඩංගොඩ මහතාය (57). ඔහු පසුගිය ජනාධිපතිවරණය සඳහා තරඟ වැඳුණු පොදු අපේක‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැළියක් පැවැත්වීම සඳහා අවශ්‍ය වේදිකාවක් සකසමින් සිටින අතරතුර ඝාතනයට ලක් වූ අතර ඒ වෙනුවෙන් චෝදනා එල්ල වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හා තවත් ප්‍රාදේශීය දේශපාලඥයන් දෙදෙනෙකුට එරෙහිවය. එහෙත් කහවත්ත පොලිසිය ඝාතනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ බී වාර්තාව තුළ අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නම සඳහන් නොවූ බවට වාර්තා විය. එලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නම බී වාර්තාවේ සඳහන් නොකරන ලෙසට උපදෙස් ලබන දෙන ලද්දේ මෙකී හිටපු නි.පොලිස්පතිවරයා ය යන සැකය මත ඔහු ඊයේ දිනයේ දී පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස චෝදනා ලැබූ හිටපු නි.පොලිස්පතිවරයා පසුගිය කාල සීමාව පුරාවට ම තම ධූරයේ බලය අයුතු ලෙස භාවිත කරමින් ශ්‍රී ලංකා පොලීසිය අපකීර්තියට පත්වන ලෙස ක්‍රියාකරන ලද බව මෙරටේ මැතිවරණ සංවිධාන වල නිරීක‍ෂණයයි. වසර 2014 දී පැවති ඌව පළාත් සභා ඡන්ද විමසීමේදී ද එකී පළාත භාරව කටයුතු කරමින් සිටි මොහු, අංක තහඩු රහිතව ප්‍රදේශය පුරා සැරිසරමින් ප්‍රචණ්ඩත්වයක් මුදාහළ දේශපාලන ආධාරකරුවන්ට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් ගනු නොලැබීය. තවද මෑතදී ඉතා අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ විද්‍යා දැරියගේ ඝාතකයන් හට රැකවරණය සපයන ලදැයි යන චෝදනාව ද ඔහුට එල්ල වීය. ඔහු වැඩ තහනමට ලක් කරන ලද්දේ ද එකී සිදුවීම පාදක කර ගනිමිනි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට කළ හැකි කාර්යභාරය ඉතා තීරණාත්මකය. මෙරටේ අවසන් වරට පැවති මහ මැතිවරණය සාපේක‍්ෂව නිදහස් හා සාධාරණ එකක් වූ අතර එහිලා ශ්‍රී ලංකා පොලීසිය දැක්වූ දායකත්වය අනභිබවනීය විය. ඒ අනුව පක‍ෂග්‍රාහීත්වයකින් තොරව කටයුතු කිරීම ශ්‍රී ලංකා පොලීසියේ ගෞරවය ඉහළ නංවන්නක් බව අවිවාදිත කරුණකි. එහෙත් පසුගිය මැතිවරණ කාලසීමාවන් හිදී කවර චෝදනා එල්ල වුවද මෙකී හිටපු නි. පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට එරෙහිව පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගනු නොලැබීය. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දිගින් දිගටම කරුණු අනාවරණය කළද ඔහුට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් හෝ නොගැනීම විශ්මය දනවන්නකි. එපමණක් නොව සාක‍ෂි වසන් කිරීම සහ ව්‍යාජ වාර්තා සකසා ඝාතකයන් නිදහස් කිරීම සඳහා කටයුතු කරන ලදැයි යන බරපතල චෝදනාව ලත් අවස්ථාවකදී පවා ඔහුට ඇප ලබාදීමට එරෙහිව කරුණු නොදක්වා අදාළ පොලිස් නිලධාරීන් නිහ`ඩව සිටීම කණස්සල්ලට කරුණකි. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව ඇති චෝදනාව සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණයක් පවත්වා අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කරමු.

දිගින් දිගටම මෙකී හිටපු නි.පොලිස්පතිවරයා හා සබැඳි සිද්ධීන් වලදී ශ්‍රී ලංකා පොලීසිය ක්‍රියා කර ඇති ආකාරය අතිශය ගැටලූ සහගතය. ඒ අනුව මේ පිළිබඳ කරුණු සළකා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින අතර එවන් සිදුවීම් නැවත සිදු නොවන බවට වග බලා ගන්නා ලෙස ද මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පොලිස්පතිවරයාගෙන් සහ අදාළ අනෙකුත් පාර්ශවයන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටී.

රෝහණ හෙට්ටිආරච්චි - විධායක අධක‍්ෂ, පැෆරල් සංවිධානය
කීර්ති තෙන්නකෝන් - විධායක අධක‍්ෂ, කැෆේ සංවිධානය
අශෝක ඔබේසේකර - විධායක අධ්‍යක්ෂ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය
මංජුල ගජනායක - ජාතික සම්බන්ධීකාරක, මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක‍ෂණ මධ්‍යස්ථානය
රසාංග හරිස්චන්ද්‍ර - ජාතික සංවිධායක, ජාතික මැතිවරණ නිරීක‍ෂණ සංවිධානය

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලලිත් ජයසිංහ ළඟ නීතිය නැවුණු හැටි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රශ්න කරයි
ලලිත් ජයසිංහ ළඟ නීතිය නැවුණු හැටි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රශ්න කරයි
http://ift.tt/2xIxyLF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_937.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_937.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy