තමිල්නාඩු මහ ඇමති ලෙස කටයුතු කළ මුත්තුවේල් කරුණානිධි මහතා ජිවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව මුලතිව් ජනතාව රතිඤ්ඥා පත්තු කරමින් සතුටු වු බව මුලත...
තමිල්නාඩු මහ ඇමති ලෙස කටයුතු කළ මුත්තුවේල් කරුණානිධි මහතා ජිවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව මුලතිව් ජනතාව රතිඤ්ඥා පත්තු කරමින් සතුටු වු බව මුලතිව් ප්‍රදේශවාසීන් පවසති.
ඔවුන් පවසා සිටියේ, උතුරේ බහුතර පිරිසක් කරුණානිධි මහතා මියයැමේ පුවත ඇසීමෙන් සතුටට පත්වු බවයි.
අවසන් යුද සමයේ මුලතිව් ප්‍රදේශයේ ජනතාව දුකට පත්වු අවස්ථාවේ මුලතිව් ජනතාව හා උතුරේ ජනතාව වෙනුවෙන් කරුණානිධි මහතා කිසිදු සහයක් නොදැක්වීම හා දමිළ ජනතාව වෙනුවෙන් කිසිදු හිතවාදී ප්‍රකාශයක් නොකිරීම හේතුවෙන් මොහු සම්බන්ධයෙන් දෙමළ ජනතාව තුළ ප්‍රසාදයක් නොපවතින බව මුලතිව් ජනතාව පැවසූහ.
මුලතිව් ජනතාව වැඩිදුරටත් පැවසූවේ එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මවට අසනීපයක් වු අවස්ථාවේ තමිල්නාඩුවේ තබා ඇයට ප්‍රතිකාර ලබාදීමටද කරුණානිධි ප්‍රතික්ශේප කොට තිබිමේ කාරණාව හේතුවෙන්ද දෙමළ ජනතාව තුළ මොහු සම්බන්ධයෙන් පැහැදීමක් නොතිබු බවයි.
මුත්තුවේල් කරුණානිධි මහතා පස් වතාවක් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය තනතුරට පත්වු අයෙක් වන අතර, ඉන්දීය දේශපාලන තුළ ප්‍රභල චරිතයක් විය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS