ඉකුත්දා සිව් දෙනකු මියගිය වාද්දුව ෆේස් බුක් සාදය පිටුපස ප්‍රබල ඇමැතිවරයකු සිටින බවට චෝදනා කරන්නේ තමාට යැයිද තමා කිසි විටෙකත් මෙවැනි දේවල...
ඉකුත්දා සිව් දෙනකු මියගිය වාද්දුව ෆේස් බුක් සාදය පිටුපස ප්‍රබල ඇමැතිවරයකු සිටින බවට චෝදනා කරන්නේ තමාට යැයිද තමා කිසි විටෙකත් මෙවැනි දේවලට අනුබල දී නැති බවද කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
සාදය පැවැත්වීමට අවසර දී ඇත්තේ වාද්දුව පොලිසිය ඉකුත් ජුනි මස 21 වැනිදා බවත් ඒ අවසර දුන් පුද්ගලයා අද පොලිසියෙන් ඉවත් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කිසියම් සිද්ධියක් පිළිබඳව චෝදනාවක් එල්ල වුවහොත් එය භාර නොගෙන හැංගෙන්නට තමා සූදානම් නැති බවත් තමා එවැනි දේශපාලනයක් නොකරන බවත් පෙන්වා දුන් ඇමැතිවරයා සිද්ධිය පිළිබඳව කරන පරීක්‍ෂණවලට තමා බලපෑම් කර නොමැති බවද කියා සිටියේය.
මෙවැනි සාදයක් බේරුවල පැවැත්වීමට මීට පෙර අවසර ඉල්ලා තිබූ අවස්‌ථාවකදී තමා ඊට ඉඩ නොදුන් බවත් පසුව සිදුවූ බලවත් ඉල්ලීම මත පොලිස් නිලධාරීන් 10 දෙනෙකුගේ ආරක්‍ෂාව මත ඊට ඉඩ දුන් බවත් ඇමැතිවරයා පැවසී ය.
ඊයේ (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් පෙරේදා(07) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා සඳහන් කළේ පුද්ගලයන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ වාද්දුව වෙරළ සාදය පිටුපස ප‍්‍රබල දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක බවත් එහි බලපෑම මත මෙතෙක් කිසිදු සංවිධායකයකු අත්අඩංගුවට ගෙන නොමැති බවත්ය.
COMMENTS