දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චීන සමාගමකින් බැසිල්ගේ බිරියට දෙකෝටියකට ආසන්න මුදලක්.
Homeගොසිප්

චීන සමාගමකින් බැසිල්ගේ බිරියට දෙකෝටියකට ආසන්න මුදලක්.

PropellerAds

කොළඹ දකුණු වරාය ඉදිකිරීම් කටයුතු බාරගෙන තිබූ චීන සමාගමක් වූ CICT සමාගමෙන් පුෂ්පා රාජපක්ෂ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිය විසින් ...

ප‍්‍රබල ඇමති අලුත් අවුරුද්දට නිලියක් සමගින් සීතල රටකට පනී.. නිල කටයුත්තක් යයි පවුලේ අය රවටයි..
මට අසාධාරණයක් වෙලා තියෙන්නේ.... පොඩ්ඩක් ගංජා වලට දාලා තියෙන්නේ.... - රයන් වැන් 25වනදා දක්වා රිමාන්ඩ් - Video
‘මං ගහන්නේ මගෙ ගෑණිටයි.. වෙන උන් ඇයි දගලන්නේ..’- පියුමි හංසමාලිට බිම දමාගෙන ගුටි දුන් සැමියා අසයි..


කොළඹ දකුණු වරාය ඉදිකිරීම් කටයුතු බාරගෙන තිබූ චීන සමාගමක් වූ CICT සමාගමෙන් පුෂ්පා රාජපක්ෂ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිය විසින් පවත්වාගෙන යන පදනමට රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක් (19,410,000) පමණ මුදලක් ආධාර මුදලක් වශයෙන් බැර කරගෙන තිබේ.

එහෙත් එම සමාගම එම මුදල ආධාරයක් වශයෙන් පරිත්‍යාග නොකළ බවත් දකුණු වරාය සංවර්ධන කිරීම සඳහා දරන ලද වියදමක ලෙස ගිණුම් ගත කර තිබේ.‍

මෙතරම් විශාල මුදලක් පුෂ්පා රාජපක්ෂ ස්වේච්ඡා සංවිධාන අරමුදලට දකුණු වරාය සංවර්ධන කටයුතු බාරගත් චීන සමාගම වූ සීමාසහිත කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්ත සමාගම විසින් වරාය සංවර්ධන වියදම්වලට එකතු කර ගෙවීම සම්බන්ධයෙන් රාජ්‍ය විගණනය 2016 මාර්තු 01 වැනිදින POS/A/SLPA/2016/4 යටතේ විමසා තිබේ.

දකුණු වරාය පර්යන්ත බහාලුම් මෙහෙයුම් සංවර්ධන කටයුතු සඳහා වසර 35කින් ආපසු ගෙවීමේ පදනම මත CICT සමාගම 2013 ජූලි 13 වැනි දින මෙහෙයුම් ආරම්භ කර තිබිණි.

එම මෙහෙයුම් අතර 2012 මැයි 21 දින පුෂ්පා රාජපක්ෂ ස්වේච්ඡා සංවිධානයට රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක (19,410,000) මුදලක් ගෙවීම් කර තිබේ.

හොංකොං ෂැන්හයි බැංකුවේ චෙක්පතක් : 

CICT හොංකොං ෂැන්හයි බැංකුවේ අංක 594691 දරන චෙක්පත මඟින් එම මුදල ගෙවා තිබේ. මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ අංක 204 - 1 - 001 - 0003290ට එම මුදල බැරවීම සඳහා ලබාදී තිබේ.

එසේ මුදල් එම ගිණුමට බැර කර ඇති බවද රාජ්‍ය විගණනය මගින් තහවුරු කරගෙන ඇත.

වරාය අධිකාරියේ මුදල් අධ්‍යක්ෂවරයාගෙන් විගණනය මේ සම්බන්ධව විමසීමේදී සහ CICT සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ නිලධාරියාගෙන් විමසීමේදී ද ඉහත සංවිධානයට මුදල් ලබාදී ඇති බව තහවුරු කර තිබේ. එය ගෙවීම වරාය ඉදිකිරීම් පිරිවැයක් ලෙස ගිණුම් ගතකර ඇති බවද තහවුරු කර ඇත.

එහෙත් වරාය අධිකාරියේ කිසිදු ඉල්ලීමක් මත මෙම මුදල් අදාළ සමාගම විසින් පුෂ්පා රාජපක්ෂ පදනමට ලබාදී ඇති බවත් එම සමාගම සහ වරාය අධිකාරිය අතර වූ සංවර්ධන ගිවිසුම අතරට පැමිණි අතරමැදියකු විසින් එතරම් විශාල මුදලක් එම සංවිධානයට ලබාදී ඇති බවත් කියැවේ.

 මෙතරම් මුදලක් බැර කර ඇත්තේ කුමන අරමුණක් සඳහාද ?

 මෙහිදී මෙරට මෙතරම් ස්වේච්ඡා සංවිධාන විශාල ප්‍රමාණයක තිබියදී මෙම සංවිධානයට මෙතරම් මුදලක් බැර කර ඇත්තේ කුමන අරමුණක් සඳහාද යන්න විගණනය සිය විගණන විමසුමෙන් විමසා ඇත.

එපමණක් නොව වසර 35කට පසු CICT සමාගම සිය කොන්ත්‍රාත්තුව සම්බන්ධව ඇති එහි 62/8 වගන්තිය ප්‍රකාරව සහ අනුවගන්ති ප්‍රකාරව එම ගිවිසුම කල්පිරී අවසන් වූ පසු CICT වංචල දේපල සහ පර්යන්ත සංවර්ධනයෙහි වැය කළ මුදල්වල පොත් වටිනාකම මෙහෙයුම්කරුට ගෙවිය යුතු මුදල්වලට එකතු කර මෙම මුදලද ආපසු එම සමාගමට රජය හෙවත් වරාය අධිකාරිය විසින් ගෙවිය යුතු වෙයි.

එම නිසා දකුණු වරාය සංවර්ධන කටයුතුවල වියදමට එකතු කරමින් මෙතරම් විශාල මුදලක් මෙම චීන සමාගමෙන් පුෂ්පා රාජපක්ෂ ස්වේච්ඡා සංවිධානයට ලබාගැනීම සම්පූර්ණයෙන්ම වැරදි දෙයක් බවද විගණනය පෙන්වා දී ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චීන සමාගමකින් බැසිල්ගේ බිරියට දෙකෝටියකට ආසන්න මුදලක්.
චීන සමාගමකින් බැසිල්ගේ බිරියට දෙකෝටියකට ආසන්න මුදලක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIqL7osVJF1AJ2SvDDeU2rpRKmmwTHvzlP8HmDy0HNBHUINLZlHlg6udp4KAC2WJKVKZsmWIDSztmVXGrDg-BFRPuzHuSWcxWqQOfdLNF__geRAMWPo0hpoWNRIdBqzK4G5UBnNZMwt1k/s1600/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIqL7osVJF1AJ2SvDDeU2rpRKmmwTHvzlP8HmDy0HNBHUINLZlHlg6udp4KAC2WJKVKZsmWIDSztmVXGrDg-BFRPuzHuSWcxWqQOfdLNF__geRAMWPo0hpoWNRIdBqzK4G5UBnNZMwt1k/s72-c/1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_48.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_48.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy