දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සතොස පිරිවැටුම රු. බිලියන 31 ක ඉහළ අගයකට.
Homeගොසිප්

සතොස පිරිවැටුම රු. බිලියන 31 ක ඉහළ අගයකට.

PropellerAds

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ විශාලතම රජයට අයත් සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස තම පිරිවැටුම රු. බි...

බයිසිකලයක් හොරකම් කරන්න ගසක් කැපූ චීනා CCTV
සුසන්තිකා ජයසිංහට දයාසිරිගෙන් උපදේශක තනතුරක්
රැකියා විරහිත උපාධිධාරීන් යොදවා සම්බාහන සේවය විධිමත් කිරීමට රාජිත පියවර ගනී

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ විශාලතම රජයට අයත් සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස තම පිරිවැටුම රු. බිලියන 31 ක් දක්වා ඉහළ අගයක් ලබා ගෙන තිබෙන බවත්, එය ලංකා සතොස මේ දක්වා වාර්තා කළ ඉහළම පිරිවැටුම අගය වන බවත්, ඉදිරි මාස 06 තුළ සතොස ආදායම් තත්ත්වය තව දුරටත් වැඩි කර ගැනීමට සතොස භාණ්ඩ ඔන්ලයින් (Online) ක්‍රමයටත් අලෙවි කිරීමට සැලසුම් කර තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ කිංස්බරි හෝටලයේ පැවති ලංකා සතොස වෙබ් අඩවිය දියත් කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

ලංකා සතොස වෙබ් අඩවිය www.Lankasathosa.org වේ. මෙම වෙබ් අඩවියෙන්  ලංකා සතොස ගැන තොරතුරු ලබා ගැනීමට පුළුවන.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“ලංකා සතොස පසුගිය වසරේදී වාර්ෂික පිරිවැටුම බිලියන 31 දක්වා වර්ධනය කර ගැනීමට සමත් වුණා.  එය 2016 වසර සමඟ සංසන්දනය කරන විට සියයට 15% ක වර්ධනයක් බව සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. අපි ලංකා සතොස අලෙවිසැල් ජාලය ඔස්සේ අඩුම මිළට, ප්‍රමිතියෙන ඉහළ පාරිභෝගික භාණ්ඩ පරිභෝගිකයින්ට ලබා දෙනවා. අපේ රටේ ජීවන වියදම තීරණය කිරීමේ ප්‍රධාන යාන්ත්‍රණය වන්නේද ලංකා සතොසයි. ඒ වගේම ඉදිරි කාලය තුඝ ලංකා සතොස විද්‍යුත් වාණිජ්‍ය (E - commerce) උපයෝගී කර ගෙන ගණුදෙනු කිරීමට සැලසුම් කිරලා තිබෙනවා. එය 2019 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා මේ මඟින් භාණ්ඩ වෙළෙඳාම කිප ගුණයකින් ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා.

ඒ අනුව අපි ලබන වසර වන විට දැනට පවතින ලංකා සතොස අලෙවිසැල් සංඛ්‍යාව වැඩි කිරීමටත්, සතොස ජංගම රථ අලෙවිසැල් සංඛ්‍යාව වැඩි කිරීමටත්, මෙගා අලෙවිසැල් ජාලය තවදුරටත් ව්‍යාප්ත කිරීමටත්, බලාපොරොත්තු වෙනවා. දැනට අපිට ලංකා සතොස අලෙවිසැල් 398 ක් තිබෙනවා. එහි සේවය කරන සේවක සංඛ්‍යාව 5000 ක් පමණ වෙනවා. අපි ඉදිරි කාලය තුළ මේ සේවක පිරිස මනා ලෙස වැඩිදුර පුහුණුවක් ලබා දීමත් ඔස්සේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, එමඟින් සතොස ඵලදායීතාය වැඩි කිරීමටත් අපේක්ෂා කරනවා.” යැයි පැවසීය.

මෙම අවස්ථාවට ලංකා සතොස සභාපති මොහොමඩ් රිෂ්වාන් හමීන් සතොස ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එම්.ෆරාස්, මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29359,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සතොස පිරිවැටුම රු. බිලියන 31 ක ඉහළ අගයකට.
සතොස පිරිවැටුම රු. බිලියන 31 ක ඉහළ අගයකට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFP6I78Zpz-F0fX9LXGW0vKJj1xTpV7nVlUTjCKp_wYCwZ9GGpI7bHONqGsOMGh5ie_XjBgGVbgoA6p1TD2v4TaCQEjvtZxdoqY-OEgNswjzCgghvPzrPkpCXdQ5B5mtHfw7cGQojY1V0/s1600/Lanka+Sathosa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFP6I78Zpz-F0fX9LXGW0vKJj1xTpV7nVlUTjCKp_wYCwZ9GGpI7bHONqGsOMGh5ie_XjBgGVbgoA6p1TD2v4TaCQEjvtZxdoqY-OEgNswjzCgghvPzrPkpCXdQ5B5mtHfw7cGQojY1V0/s72-c/Lanka+Sathosa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/31_5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/31_5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy