දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මහා පරිමාණ අක්‍රමිකතා - විදෙස් ආයෝජකයින්ගෙන් චෝදනා
Homeප්‍රවෘත්ති

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මහා පරිමාණ අක්‍රමිකතා - විදෙස් ආයෝජකයින්ගෙන් චෝදනා

PropellerAds

ස්ථාවර කැබිනට් අනුයුක්ත ප්‍රසම්පාදන කමිටු, අමාත්‍ය මණ්ඩල පත්කළ ප්‍රසම්පාදන කමිටු සහ අමාත්‍ය මණ්ඩල පත්කළ සාකච්ඡා කමිටු ආදිය සම්බන්ධ මෙරට මහ...

11 දෙනෙක් බිලිගත් යාපනයේ මාරක රිය අනතුර (PHOTOS)
ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරීන් 500 කට විශේෂ වැඩමුළුවක්
ධීවර සංස්ථාවේ නව අලෙවි මධ්‍යස්ථාන 50ක්
ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මහා පරිමාණ අක්‍රමිකතා - විදෙස් ආයෝජකයින්ගෙන් චෝදනා

ස්ථාවර කැබිනට් අනුයුක්ත ප්‍රසම්පාදන කමිටු, අමාත්‍ය මණ්ඩල පත්කළ ප්‍රසම්පාදන කමිටු සහ අමාත්‍ය මණ්ඩල පත්කළ සාකච්ඡා කමිටු ආදිය සම්බන්ධ මෙරට මහා පරිමාණ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇතිව පවතින පැහැදිලි අක්‍රමිකතාවක් පිළිබඳව විදෙස් තානාපති කාර්යාල, විදෙස් ආයෝජකයින් මෙන්ම දේශීය කොන්ත්‍රාත්කරුවන් වෙතින් ද මැසිවිලි ගලා එමින් තිබේ.

ආරංචි මාර්ගවලට පෙන්වා දෙන ආකාරයට ඉන්දියාවේ විශාලතම වරාය මෙහෙයුම් සහ නාවික සේවා සමාගමක් වන Ocean Sparkle සමාගම ඉකුත් සතියේදී ප්‍රසම්පාදන අභියාචනා ක්‍රියාවලිය හා එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් තමන් තුළ පවතින අවිශ්වාසය ශ්‍රී ලංකා රජයට සහ  ඉන්දියාවේ මහකොමසාරිස් කාර්යාලය වෙත දන්වා තිබේ.

IFC Washington, Standard Chartered සහ Kaup Capital වැනි කීර්තිමත් කොටස් ආයෝජන සමාගම් විසින් පාලනය කරන Ocean Sparkle සමාගම යනු ඉන්දියාවේ සහ ඉන් පිටත ටග් බෝට්ටු, පී.එස්.වී., නියාමන බෝට්ටු, මුවරින් බෝට්ටු, මඩ ඉසින යන්ත්‍ර සහ බත්තල් ආදී වරාය ආශ්‍රිත විශාලතම යාත්‍රා ඇණියක් (100කට වැඩි) සහිත සමාගමකි. එම සමාගම ඉන්දියාවේ ප්‍රධාන වරායන් 12 (ජවහල්ලාල් නේරු වරාය, මුම්බායි වරාය, ටුචිකොරින්, එනෝර්, චෙන්නායි, ගෝවා ආදී) මෙන්ම සෙසු වාණිජ සහ පෞද්ගලික වරායන් ආශ්‍රිතවද මෙහෙයුම් සිදුකරයි. එමෙන්ම ඉන්දියාවේ ස්වභාවික ද්‍රව ඉන්ධන පර්යන්ත හතරෙන් තුනකම විස්තීර්ණ වරාය මෙහෙයුම් සහ කළමනාකරණ සේවා සපයන Ocean Sparkle සමාගම, කෝචි සහ ඩාහේජ් හි Petronet සේවා සම්පාදකයා ද වේ.

Ocean Sparkle සමාගම විසින් 2010 සිට 2016  දක්වා කාලය අතරතුර කොළඹ වරායේ යාත්‍රා ඇදගෙන යාමේ සේවය සපයා ඇති අතර මෑතකදී ටග් බෝට්ටු වෙනුවෙන් තුන් අවුරුදු ටෙන්ඩරයක් ද ඉදිරිපත් කරතිබේ. “එහිදී ඉදිරිපත් වුණු ලන්සු තුනෙන් ඔවුන් ඉදිරිපත් කළ ලන්සුව අවම මිලක් සහ වැඩිම සුදුසුකම් ඇති ලන්සුවයි. ඒ වගේම කොළඹ වරාය පිළිබඳ පළපුරුද්දක් සහ අත්දැකීමක් තිබුණු එකම ලන්සුකරුවාත් Ocean Sparkle සමාගමයි. කෙසේ නමුත් ඔවුන් යම්කිසි ක්‍රියාවලි පටිපාටියක් අනුගමනය නොකළ බව කියමින් ඔවුන්ගේ ලන්සුව ප්‍රතික්ෂේප කෙරුණා. ඉන් අනතුරුව ඔවුන් තම අභියාචනය, ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය හමුවට ඉදිරිපත් කළා” ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩල ආරංචි මාර්ග පැවසීය.

Ocean Sparkle සමාගම ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන හා එක්ව ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට ලිඛිත අභියාචනයක් ඉදිරිපත් කරන්නට යෙදුණි. ඒ හරහා තමන් අදාළ ටෙන්ඩරයේ අවම ලන්සුව ඉදිරිපත් කළ සහ වැඩිම සුදුසුකම් තිබූ ටෙන්ඩර්කරු බව ද අදාළ ටෙන්ඩරය ප්‍රතික්ෂේප කිරීමට මුල්වූ ක්‍රියාවලි පටිපාටිය එම අවස්ථාවේදී කිසිදු ටෙන්ඩර්කරුවෙකු සඳහා සුදුසුකමක් ලෙස දක්වා නොතිබුණු බවටද සමාගම කරුණු දැක්වීය. “ඔවුන් ඉදිරිපත් කළ ලියකියවිලි මෙන්ම තමන් සතුවූ කරුණුද අනුව තාක්ෂණික ඇගැයීම් කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය පත්කළ සාකච්ඡා කමිටුව වරක් නොව තෙවරක්ම තීරණය කර තිබුණේ  ක්‍රියාවලි පටිපාටිමය ගැටලුව හැරුණු විට අවම ලන්සුකරු සහ වැඩිම සුදුසුකම් සහිත ලන්සුව Ocean Sparkle සමාගම ඉදිරිපත් කර තිබූ බවයි” නම සඳහන් කිරීමට අකමැති වූ නිලධාරියෙකු පැවසීය.

අදාළ ක්‍රියාවලි පටිපාටිය යටතේ ඉදිරිපත් කර තිබුණේ Ocean Sparkle සමාගමේ පූර්ණ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම විසින් සිය ටග් බෝට්ටුවල ශ්‍රී ලාංකික ධජය ප්‍රදර්ශනය කළ යුතු බව සහ තම මව් සමාගම වන Ocean Sparkle සමාගම සමඟ සහයෝගීතා ව්‍යාපාරයකට පිවිසෙන බවට වූ අභිලාෂය පළ කරන ලිපියක් තබාගත යුතු බව ය. එහෙත් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය තීරණය කර තිබුණේ  අමාත්‍ය මණ්ඩලය පත්කළ සාකච්ඡා කමිටුව Ocean Sparkle සමාගමේ ලන්සුව ප්‍රතික්ෂේප කිරීම නිවැරදි නොවන බවයි.

ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව යමින් සිය තීන්දුව වරාය සහ නාවික කටයුතු අමාත්‍යංශ ලේකම් එල්.පී. ජයම්පති මහතා වෙත ද එහි පිටපතක් කැබිනට් මණ්ඩලය වෙත ද යොමුකොට තිබුණි.

වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ආරංචි මාර්ගවලට අනුව ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ තීන්දුව අමාත්‍යංශ ලේකම්වරයා විසින් නොසලකා හැර ඇති අතර අවම ලන්සුව තීරණය කිරීමේදී ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය වැරැදි තීරණයක් ගෙන ඇති බවට කැබිනට් අවබෝධතාවක් ද සකස්කර තිබුණි. “තාක්ෂණික ඇගැයීම් කමිටුවත් අමාත්‍ය මණ්ඩලය පත්කළ සාකච්ඡා කමිටුවත් කරුණු දැක්වීමේදී Ocean Sparkle සමාගම අවම ලන්සුව ඉදිරිපත් කළ බව පිළිගත්තා. ප්‍රසම්පාදන අභියාචනා කමිටුව සිදුකළේ එය නැවත ගෙනහැර දැක්වීමක් පමණයි. ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය පත්කළ සාකච්ඡා කමිටුව ඉදිරිපත් කළ ක්‍රියාවලි පටිපාටිමය ගැටලුව අදාළ සමාගමේ ලන්සුව ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොවන බව පමණක් ඔවුන් ඉදිරිපත් කළා” යනුවෙන් අමාත්‍යංශ ආරංචි මාර්ග පැවසීය.

මේ අතර saidSri Lankahalf of the companyrded to the intended Joint Venture, to sign all documentation necessary on behalf of the company වාර්තා වූයේ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ තීන්දුව නිවැරදි නොවන බවත්, ඒ  අනුව මුලින් තීරණය කර තිබූ පරිදි ධම්මික පෙරේරාට අයත් හේලීස් සමූහයේ ශ්‍රී ලංකා ෂිපින් සමාගමට අදාළ ටෙන්ඩරය පිරිනමන ලෙසත් දක්වා සකස් කළ කැබිනට් අවබෝධතාවය අමාත්‍යංශ ලේකම් ජයම්පති මහතා විසින් මුදල් අමාත්‍යංශයට යොමුකර තිබු බවය. කෙසේවුවද මුදල් අමාත්‍යංශ නිලධාරීන් විසින් ලේකම් ජයම්පති මහතාට දන්වා තිබුණේ අදාළ ලේඛනය සමඟ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ තීන්දුව අමුණා නොමැති බැවින් අදාළ අවබෝධතා ලේඛනය කැබිනට් මණ්ඩලයට යොමුකිරීමට ප්‍රථම ජූලි 26 දිනයේදී අදාළ තීන්දුව රැගත් ලේඛනය ද යොමුකරන ලෙස ය.

ජාතික ප්‍රසම්පාදන කොමිසමේ නවතම මාර්ගෝපදේශයන්ට අනුව ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය යනු කැබිනට් මණ්ඩලයට ඍජුවම වගකියන ස්වාධීන ආයතනයක් වන අතර අමාත්‍ය මණ්ඩල මට්ටමේ ප්‍රසම්පාදන කටයුත්තක අර්බුදයක් පැන නැඟි අවස්ථාවකදී කැබිනට් මණ්ඩලයට තම තීරණය ඍජුව ඉදිරිපත් කිරීමටත් රේඛීය අමාත්‍යංශ ලේකම්වරුන්ට අදාළ විස්තර පිටපත් යැවීමටත් එය බැඳී සිටී. වත්මන් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය ක්‍රියාත්මක වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය මඟිනි.

“ප්‍රායෝගිකව ප්‍රසම්පාදන අභියාචනා කමිටුව අභියාචනාධිකරණයට සමානයි. කැබිනට් මණ්ඩලය හැරුණු විට වෙනත් කිසිදු ආයතනයකට එහි තීරණ වෙනස් කිරීමේ බලයක් නැහැ. කැබිනට් මණ්ඩලයට පවා එහි තීරණවලට අභියෝග කළ හැක්කේ ඒවා ජාතික අභිලාෂයන්ට හෝ ප්‍රසම්පාදන ක්‍රියාවලීන්ට පටහැනි වන අවස්ථාවන්හිදී පමණයි” යනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශේෂඥයෙකු පැවසීය. ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ තීන්දුව කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු නොකරමින් මෙම ක්‍රියාවලිය බිඳ වැටීමට සැලැස්වීම තුළින් පරිපාලන ක්‍රියාවලියේ විශ්වාසයට විශාල හානියක් සිදුකරන බව ද නම සඳහන් කිරීමට අකමැති වූ අදාළ විශේෂඥයා ප්‍රකාශ කළේය.

මේ අතර රේඛීය අමාත්‍යංශ විසින් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ තීන්දු නොසලකා හැරි පළමු සහ එකම අවස්ථාව මෙය නොවේ. “ජනාධිපති නියෝගයෙන් සහ කැබිනට් මණ්ඩල අනු කමිටුවක තීරණයකින් කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් පිරිපහදුව සහ ගබඩා සංකීර්ණය දක්වා තෙල් ගෙන යන අබලන් නල පද්ධතිය පිළිසකර කිරීම සඳහා අඩුම ලන්සුව ඉදිරිපත් කළ සමාගමට දිගුකාලීන ටෙන්ඩරයක් පිරිනැමීමට ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය තීරණයක් ලබාදී තිබියදීත් ඛනිජ තෙල් අමාත්‍යංශය එම තීරණය පිළිගත්තේ නැහැ. ඒ වගේම ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ තීන්දුව ඛනිජතෙල් සම්පත් අමාත්‍යංශ ලේකම් උපාලි මාරසිංහ මහතා වෙත යවා මාස හතරකට වැඩි කාලයක් ගතවී තිබුණත් අමාත්‍යංශ විසින් ඒ පිළිබඳ කිසිදු සඳහනක් හෝ කර නැහැ” එම ප්‍රසම්පාදන විශේෂඥයා පැවසීය.

හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද තම ඉල්ලා අස්වීමට ප්‍රථම අදහස් දක්වමින් පවසා තිබුණේ, ඛනිජතෙල් නලය සම්බන්ධයෙන් වූ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩල තීරණය අමාත්‍යංශ ලේකම් මාරසිංහ මහතා වෙත යොමුකර ඇති බවයි. “අපි අපට නියමිත කාර්යය සිදුකර අදාළ තීරණය දැනුම්දුන්නා. මා විශ්වාස කරන අන්දමට ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ තීරණය වුණේ එම ටෙන්ඩරය අහෝසිකර නැවත කැඳවන ලෙසයි. නමුත් ඒ පිළිබඳ සියලු තොරතුරු මා සතුව නැහැ” ප්‍රනාන්දු මහතා පැවසීය. කෙසේ වුවද අදාළ තීරණය ඉකුත් අප්‍රේල් මාසයේදී යොමුකරන ලද බව හෙතෙම සඳහන් කළේය.

ඉහළ පෙළේ ආරංචි මාර්ගවලට අනුව ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ තීන්දුව ක්‍රියාත්මක කිරීමට මාරසිංහ මහතාට නොහැකි වී ඇත්තේ ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතුව ඇති දේශපාලන මැදිහත්වීම නිසාවෙනි. මේ පිළිබඳ කරුණු විමසීමට මාරසිංහ මහතා සම්බන්ධ කරගැනීමට දැරූ ප්‍රයත්නයන් සියල්ල අසාර්ථක විය.

“ඛනිජ තෙල් නලය ගමන් කරන භූමියේ අනවසරයෙන් පදිංචි වී සිටින ජනතාවට මේ හේතුවෙන් නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන මැදිහත්වීමක් එල්ලවෙමින් තිබෙනවා. අදාළ භූමියේ පදිංචි ජනතාවගේ නිවාසවලට හානියක් නොවන ආකාරයෙන් තෙල් නලයේ නඩත්තු සිදුකිරීමට ටෙන්ඩරය පිරිනැමුණත් මෙය නිවාස ලබාදී ඡන්ද ඩැහැගැනීමේ දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්වෙමින් තිබෙනවා” යැයි ද ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කළේය.

 

 

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මහා පරිමාණ අක්‍රමිකතා - විදෙස් ආයෝජකයින්ගෙන් චෝදනා
ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මහා පරිමාණ අක්‍රමිකතා - විදෙස් ආයෝජකයින්ගෙන් චෝදනා
http://am.lk/media/k2/items/cache/7fd6e888b71d8f26673edf80a4cf28ce_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_77.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_77.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy