යාපනය චාවා කච්චේරිය සංගත්තානෙයි දුම්රිය ස්ථානයට පිවිසෙන මන්සන්ධියේදී 17 දා දහවල් සිදු වූ බස් සහ වෑන් රිය අනතුරකින් 11 දෙනෙකු මිය ගොස් තවත්...
යාපනය චාවා කච්චේරිය සංගත්තානෙයි දුම්රිය ස්ථානයට පිවිසෙන මන්සන්ධියේදී 17 දා දහවල් සිදු වූ බස් සහ වෑන් රිය අනතුරකින් 11 දෙනෙකු මිය ගොස් තවත් 21 දෙනෙකු තුවාල ලැබූ අතර ඉන් තිදෙනෙකු බරපතල තුවාල ලැබූ බවට යාපවනය පොලීසිය පවසයි.
මාදම්පෙ හල්තොට ප්‍රදේශයේ සිට යාපනය නාගදීපයට ගමන්ගත් වෑන් රථයක් යාපනය සිට වව්නියාව දක්වා ගමන් ගත්ලංගම බස් රථයක මුහුණට මුහුණ හැපීමෙන් මෙම නතුර සිදුව ඇති බවට මූලික පරික්ෂණ සිදු කරන යාපනය පෙළීසිය කියා සිටියේය.
අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ 13 දෙනෙකු ගමන්කොට ඇති අතර ඉන් 10 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇත. මිය ගිය පිරිසෙන් තිදෙනෙකු කාන්තාවන් වන අතර 07 දෙනෙකු පිරිමි පුදගලයින් වෙයි.
ඊට අමතරව අදාල අනතුරේදී වෑන් රථයේ තුවාල ලැබූ තිදෙනා සහ බස් රථයේ ගමන්ගත් 8 දෙනෙකුද තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබන බවටද යාපනය ශික්ෂණ රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේය.
අනතුරට පත් වෑන් රථය අධික වේගයකින් ගමන්ගෙන ඇති බවටත් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇති බවටත් සැක කරන බවට මූලික පරික්ෂණ කටයුතු කරන චාවා කච්චේරිය පොලීසිය හා යාපනය පොලීසිය කියා සිටියේය.
COMMENTS