මොන ක්‍රමයෙන් හරි මැතිවරයක් ජනාවාරි හෝ පෙබරවාරි තිබිය යුතුය යන තැන තමන් ඉන්න බවත් ඒ සදහා අග්‍රාමාත්‍යවරයාට මාස දෙකක් කල් තිබෙන බව කෘෂිකර...
මොන ක්‍රමයෙන් හරි මැතිවරයක් ජනාවාරි හෝ පෙබරවාරි තිබිය යුතුය යන තැන තමන් ඉන්න බවත් ඒ සදහා අග්‍රාමාත්‍යවරයාට මාස දෙකක් කල් තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව අවධාරණය කලේ අද (27) පෙරවරුවේ අම්බලන්තොට රිදියගම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
''මේක පැත්තකට ගියේ නෑ මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒක තමයි මේ ක්‍රියාවලියේ අවසානය. මාස දෙකක් ඇතුලත මේ කාරණය සම්බන්ධයෙන් අඩුපාඩු සකස් කරලා වාර්තාවක් දෙන්න තියෙන්නේ. නැතිව මේ ලක්ෂ 225 පැත්තකට දමා නෑ. මේකට මාස දෙකක නොගෙන සති දෙකකින් හරි සකස් කරලා ජන්දයක් කඩිනමින් ලබා ගැනීම අපේක්ෂාව.” බවයි ආමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් කියා සිටියේය ''සිමානිර්ණ කමිටු වාර්තාව සැකසීම සදහා යෝජනාව ආවේ පාර්ලිමේන්තුවෙන්. මේක දේශපාලනඥයින් හදපු වාර්තාවක් නොවෙයි. මේක ස්වාධින කමිටුවකින් සකස් කරපු වාර්තාවක්. ඒකේ වගකීම ඒ කමිටුවටත් පැවරෙනවා. ඒකේ අඩුපාඩු තිබෙන නිසා තමයි මේ තත්වය ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසා අපි මුල්‍යමය ගැටළු ගැන මේක සම්මත කලානම් ප්‍රශ්න රාශියකට මුහණ දෙන්න සිද්ද වෙනවා. වැරදි දෙයක් කලොත් ඒකෙන් ප්‍රතිවිපාක විදින්න වෙන්නේ මේ රටේ ජනතාවට”යැයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට )
COMMENTS