දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උඩරට මැණිකේ දුම්රියේ ගැටි පියා, මව, පුතා ජිවිතක්ෂයට.. පුතාට විවාහ හතරක්.. පොලිසියේ පැමිණිලි රැසක්…
Homeප්‍රවෘත්ති

උඩරට මැණිකේ දුම්රියේ ගැටි පියා, මව, පුතා ජිවිතක්ෂයට.. පුතාට විවාහ හතරක්.. පොලිසියේ පැමිණිලි රැසක්…

PropellerAds

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටි පියා මව පුතා ජිවිතක්ෂයට පත් වි ඇති බව වටවල පොලිසිය පැවසිය. මෙසේ ජිවිතක්ෂයට පත් වි...

බියගමට හෙට පැය 12ක ජල කප්පාදුවක්
හෙට සිට දුරකතන ගාස්තු ඉහළ යන හැටි
මට්ටක්කුලිය වෙඩි තැබීමේ සිද්ධියට 13ක් රිමාන්ඩ්
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටි පියා මව පුතා ජිවිතක්ෂයට පත් වි ඇති බව වටවල පොලිසිය පැවසිය. මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත නව නිවාස සංකිර්ණයක පදිංචිව සිටි එස්.ෆැන්සිස් (70) (පියා) , පි.කමලාවති (65) (මව) , ෆැන්සිස් කුමාර්රාජ් (40)(පුතා) යන අයයි.

(08) දින උදැසන 11.45 ට පමණ මෙම තිදෙනා දුම්රියේ ගැටි ඇත්තේ රොසැල්ල සහ වටවල දුම්රිය ස්ථාන අතර 103 සැතපුම් කණුව අසලදිය.

දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් තිදෙනා මස්කෙලිය සාමිමලේ ප්‍රදේශයේ පදිංචිව සිට මිට වසරකට පමණ ප්‍රථම දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත නව නිවාස සංකිර්ණයේ කුලි පදනම මත ලබාගත් නිවසක පදිංචිව සිට ඇත.

උඩරට මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයට ළගා විමට ප්‍රථම එම තිදෙනා  රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයින්ගෙන් දුම්රිය ධාවනය වන වේලාවන් විමසා රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට වටවල දුම්රිය ස්ථානය දෙස ගමන් කල බව රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයෙකු පැවසිය.

මෙම තිදෙනා දුම්රියට පැන සිය දිවි හානි කර ගත්තාද නැතහොත් දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වුවාද යන්න පිලිබදව වටවල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.

දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් තිදෙනාගේ සිරුරු එම දුම්රියෙන්ම නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත භාරදිමට එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරින් පියවර ගෙන ඇත.

ජිවිතක්ෂයට පත් එකම පවුලේ තිදෙනා දින 10 පමණ ප්‍රථම නිවාස වසා දමා නිවසින් බැහැරව ගොස් ඇති බවත්, එම තිදෙනා (08) දින දුම්රිය අනතුරකින් මියගොස් ඇති බවට තොරතුරු ලැබුණු බවයි මිය ගිය තිදෙනා කුලි පදනම මත පදිංචිව සිටි නිවාස අසල පදිංචිකරුවෙකු කියා සිටියේ.

මිය ගිය පුතා කුළුබඩු වෙලදාමේ නිරතව සිටි අයෙකු බවත්, මිය ගිය පුතා විවාහ 04 ක් සිදු කරගෙන ඇති බවට තොරතුරු ලැබුණු බවත්, එසේ විවාහ වු කාන්තාවන් අවස්තා කිහිපයකදිම මියගිය තරුණයා සොයගෙන නිවසට පැමිණි බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ.

ණයකරුවන්ගෙන් බේරිමට ජිවිතක්ෂයට පත් පුතා සිය පියා සහ මව සමග දුම්රියට පැන සියදිවි හානි කර ගන්නට ඇති බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ.

මුදල් වංචා සම්බන්ධයෙන් මිය ගිය පුතාට එරෙහිව දිඹුල පතන පොලිසියේද පැමිණිලි කිහිපයක් ප්‍රදේශවාසින් විසින් කර ඇති බවත්,එසේ පොලිසියට පැමිණිලි කර විශාල පිරිසක් මියගිය පුතාව සොයා නිවසට අවස්තා කිහිපයකදි පැමිණි බවද දිඹුල පතන බෝගහවත්ත ප්‍රදේශවාසින් කියා සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උඩරට මැණිකේ දුම්රියේ ගැටි පියා, මව, පුතා ජිවිතක්ෂයට.. පුතාට විවාහ හතරක්.. පොලිසියේ පැමිණිලි රැසක්…
උඩරට මැණිකේ දුම්රියේ ගැටි පියා, මව, පුතා ජිවිතක්ෂයට.. පුතාට විවාහ හතරක්.. පොලිසියේ පැමිණිලි රැසක්…
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjZuAwoEAU1g-VB3jfQEX1zr8ItkbEThFjvrClaH8khLYICFdlktbH5wgA5f6vljF6sNSjG5k248Lp1NuJJdgOSmkc-tneVf6831G-yImDmE6C3RyMKlT1T8c9iXIfpGjUK28yuKaOuTAY6PM9D8ZhxK6JCHojxDbhYrMIZVlip3ZNbdZ9ceWcNwQx4ig=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjZuAwoEAU1g-VB3jfQEX1zr8ItkbEThFjvrClaH8khLYICFdlktbH5wgA5f6vljF6sNSjG5k248Lp1NuJJdgOSmkc-tneVf6831G-yImDmE6C3RyMKlT1T8c9iXIfpGjUK28yuKaOuTAY6PM9D8ZhxK6JCHojxDbhYrMIZVlip3ZNbdZ9ceWcNwQx4ig=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy