සියලු පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමට රජයේ සූදානම් වීම හේතුවෙන් දැනට විසුරුවා නොමැති පළාත් සභාවල අමාත්‍ය මණ්ඩල එම පළාත්වල ඇති සියලු...
සියලු පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමට රජයේ සූදානම් වීම හේතුවෙන් දැනට විසුරුවා නොමැති පළාත් සභාවල අමාත්‍ය මණ්ඩල එම පළාත්වල ඇති සියලු රැකියා පුරප්පාඩු සඳහා කඩිමුඩියේම පත්වීම් ලබාදෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අතරින් සෞඛ්‍ය, අධ්‍යාපන ක්ෂේත්‍රවල රැකියා බහුල වශයෙන් ලබාදීමට නියමිතය. ඊට අමතරව එම පළාත් සභාවල ප්‍රසම්පාදන කමිටු, ටෙන්ඩර් කමිටු, වෙන්දේසි කිරීම් මේ දිනවල කඩිනමින් පැවැත්වීමට එම අමාත්‍යවරුන් දැඩි උනන්දුවෙන් යුතුව කටයුතු කරන බවද වාර්තා වේ.
මේ අතර රජයට බඳවා ගන්නා උපාධිධාරී සඳහාද මේ වන විට දේශපාලන ලැයිස්තුවක් සකස් කර පත් වීම ලබා දීමට සූදානම් බව වාර්තා වේ.
රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙල යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවා ගැනීමට නියමිතව තිබූ උපාධිධාරීන් වෙනුවට ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ ලැයිස්තුවලට එම පත්වීම් ලබා දීමට සැලසුම් කර ඇති බවත් මේවන විටත් එම සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වූ උපාධිධාරීන්ගේ නම් වෙනුවට වෙනත් නම් ඉදිරිපත් වී ඇති බවත් රැකියා විරහිත උපාධිධාරීන් කිහිපදෙනෙකු සඳහන් කළේය.
කෙසේ වෙතත් කඩයිම් ලකුණු ක්‍රමවේදයේ ඇති වූ ගැටලුවක් නිසා තාවකාලිකව නතර කරන ලද රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් ලබාදීම ලබන 20 වනදා ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබේ.
ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් මේ දිනවල ඊට අදාළ පත්වීම් ලිපි සියල්ල සකසමින් සිටින බවද වාර්තා වේ.
COMMENTS