අපි ජිවත් වෙන්නේ බුද්ධ ශාසනයේ අවසාන කාලයේවත්ද? යැයි ගැටළුවක් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අත්තනායක එ...
අපි ජිවත් වෙන්නේ බුද්ධ ශාසනයේ අවසාන කාලයේවත්ද? යැයි ගැටළුවක් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අත්තනායක එම් හේරත් මහතා මෙසේ අදහස් දැක්විය.
දිවංගත හිටපු ඇමතිවරයකු වන ආචාර්ය රිචඩ් පතිරණ මහතාගේ 10 වැනි ගුණසමරු උත්සවයට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.
ගාල්ල ක්‍රිඩා මණ්ඩප ශාලාව අභියස පැවති මෙම සමරු උත්සවයේ දි හිටපු ජනාධිපතිවරයා මෙසේද කිවේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මා දේශපාලන වේදිකාවක කථා කරනවාට ගොඩක් අය කැමති නැහැ. මා අක්මීමන ආසනයේ ඉපදුණු කෙනෙක් ඒ නිසා තමයි රිචඩ් පතිරණ ශුරින් ගැන කථා කරන්න ආවේ. මා ගමේ කෙනෙක්. රිචඩ් පතිරණ ශුරින් ගුරුවරයකු වෙලා ඉදලා ගුරු භූමිකාවෙන් එතුමා දේශපාලනයට ආවේ. ගුරුවරයකු අධ්‍යාපන ඇමතිවරයකු වු පළමු හා අවසාන අවස්ථාව මෙය වෙන්න පුළුවන්. උගතුන් පාර්ලිමෙන්තුවට යවන්නේ නැහැ.පසුගිය මැතිවරණයේ දි මාගේ මිත්‍ර මහාචාර්යවරු කිහිප දෙනෙක් දේශපාලනයට ඇවිත් ඒ අයට තිබු නමත් ගෞරවයත් නැති කර ගත්තා. ගැමි කථාවක තියෙනවා රජතුමා විසින් කාලගුණ ඇමති අස් කරලා බුරුවා ඇමති පදවියට පත් කරනවා. එදා ඉදලා තමයි ඒ වර්ගයේ ඇමතිවරු සහිත රටක අපි අද ජිවත් වන්නේ.”
“එජාප ආණ්ඩුව තිබු කාලයේ බුද්ධශාසනයට සම්බන්ද දරුණු පනතක් ගෙනාවා. ඒපනත ගෙනාපු අවස්ථාවේ රිචඩ් පතිරණ ශුරින්ට පුළුවන් වුනා පනතත් පරාජය කරලා. ඒ පනත ඉල්ලාඅස්කර ගන්න හාමුදුරුවනේ අප ජිවත්වන්නේ බුද්ධ ශාසනයේ අවසාන දින කිහිපයද කියලා හිතෙනවා. එළවා එළවා මහා සංඝරත්නය පහර දෙනවා. ඊට එරෙහිව අපේම මහානායක හිමිවරු අහක බලාගෙන සිටින යුගයක මගේ මතකය යන්නේ වෙල්ලස්සට.. මට දැනෙනව චිවරයට අත තබන බව. හුගක් අයට දැන් චිවරය ඉස්සර තරම් වැදගත් සාධකයක් නොවන බව තමයි පෙනෙන්නේ. මා අනතුරු අගවනවා චිවරයට තබන මේ අත මේ ආණ්ඩුවේ අවසානය විය හැකියි කියලා. රිචඩ් පතිරණවැන්නන් එදාට වඩා අවශ්‍ය වන්නේ අද.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS