මෙවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදු කිරීමට කටයුතු කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ තැන්පත් නි...
මෙවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදු කිරීමට කටයුතු කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ තැන්පත් නිලංග දෑල මහතා පවසයි.
නර්තන කණ්ඩායම් පිළිබඳ වැඩි අවධානය යොමු කරමින් මෙම පියවර ගන්නා බව දියවඩන නිලමේවරයා සඳහන් කළේය.
ඇසල මංගල්‍ය සඳහා කප් සිටුවිමේ කටයුතු ඊයේ (12) දිනයේදී සිදු කෙරුණු අතර ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ ශ්‍රී දළදා මාලිගාවේ දියවනඩ නිළමේ තැන්පත් නිලංග දෑල මහතා මේ බව පැවසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මෙවර ඇසළ පෙරහැර සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සංවිධානය වෙලා තියෙනවා. විශේෂයෙන් සිව් මහා දේවාල නිළමේ තුමන්ලා ප්‍රමුඛ ව මෙවර පෙරහර පිළිබඳ ව අපි වරින් වර සාකච්ඡා කරලා නොයෙක් තියුණු තීරණවලට එළඹියා. විශේෂයෙන් කලාකරුවන්, කලාකරුවන් කිව්වම පෙරහැරේ ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා කලාකරුවන් තේරීම සහ කණ්ඩායම් සීමා කිරීම මේ පෙරහැර තුළ සිදු කළා. ඒකට හේතුව කණ්ඩායමක සාමූහිකත්වය සහ ඔවුන්ගේ නර්තන හැකියාවන් ඒකාකාරීව ඉදිරිපත් කිරීමට අවශ්‍ය කණ්ඩායමක් අපි සකස් කළා. ඒ වගේම ඊට අමතරව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළා අපි ඉදිරියේදී යම් සම්මුතියකට පැමිණිය යුතුයි. සම්මුතිය මොකක් ද අද අපේ රටේ උඩරට නර්තන කලාව අද මේ රියැලිටිකරණය තුළ රූපවාහිනී නාලිකාව ඔස්සේ කලාකරුවන්ගේ කලා කුසලතාවන් වලට අමතරව ආකර්ෂණය සඳහා නොයෙක් වර්ණ, මෙවලම්, වස්ත්‍රාභරණ නොයෙක් නිර්මාණ ආභාෂ වලට සකස් වෙමින් තිබෙනවා."
"නමුත් එය අපේ පෙරහර සංස්කෘතියට ඒ මේ ප්‍රවණතාවයක් අපි රට තුළ දැක්කා. එනිසාම විශේෂ අපි සාකච්ඡා කරලා යම් යම් සම්මුතීන්වලට ආවා. මේ පෙරහැර තුළත් ඉදිරියේදී මින් ඉදිරියට යම් නීතිමය රාමුවක් නීතිගත කරගෙන මෙතනින් එහාට පෙරහැර කණ්ඩායම් වල මෙන්න මේ වර්ණ ප්‍රභේද මේවා, මේ දේවාලයට මෙහෙමද, දළදා මාලිගාවට මේ ආකාරයෙන් කියලා අපි තෝරා බේරා ගෙන යම් යම් සම්මුතීන් වලට මේ වසරේ පැමිණියා, ඉදිරි එය තවත් තීව්‍ර වෙයි. තවත් නිර්නායයන් අපි හදාගෙන මේක නීතිගත කරගෙන මොකද අපි අද ඉඳලා හෙට අපි යන්න පුළුවන්. නමුත් හැම එන ඕනෙම නිලමෙ කෙනෙක් බලාපොරොත්තු වෙනවා කලින් කෙනාට වැඩි යමක් කරන්න. ඒ කරන්න ගන්න උත්සාහයක මේ වගේ වැරදි දේවල් ඒ මේ සම්භාවිතාවක් තියෙනවා.ඒක වැලැක්වීම අපි වගකිව යුත්තන් හැටියට කවුරුන් හැටියට අපි කවුරුත් නිලමේ වරුන් හැටියට අපි ඒ සම්මුතීන් වලට එන්න ඕනේ."යැයිද පැවසීය.
COMMENTS