කොළඹ නගරයේ ගොඩනැගිලි, නිවාස හා පැල්පත්වලින් ඉවත්කෙරෙන මළ අපජලය බේරේ වැවට මුදා හැරීමෙන් කොළඹ අසූචි වළ බවට පත්ව ඇතැයි ඉඩම් ගොඩකිරීම් හා සංව...
කොළඹ නගරයේ ගොඩනැගිලි, නිවාස හා පැල්පත්වලින් ඉවත්කෙරෙන මළ අපජලය බේරේ වැවට මුදා හැරීමෙන් කොළඹ අසූචි වළ බවට පත්ව ඇතැයි ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධන සංස්ථාව සිදු කළ පරීක්ෂණයක දී තහවුරු වී ඇත.
මේ වන විට බේරේ වැව තුළ ගොඩ ගැසී ඇති රොන් මඩ ඇතුළු ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ නියමු ව්‍යාපෘතියක් එම සංස්ථාව මගින් ආරම්භ කර තිබුණ ද කොළඹ නගර සභාව මෙම මළ අපද්‍රව්‍ය බේරේ වැවට නොඒම සඳහා විකල්ප නළ පද්ධතියක් ඉදිකර නැත.
එම නිසා බේරේ වැව ශුද්ධ කිරීම අභියෝගයක්ව ඇතැයි ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධන සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
කොළඹ මහනගර සභාව වාර්ෂිකව රුපියල් මිලියන 20,000ක පමණ ආදායම් උපයන ආයතනයක්ව තිබියදී වුවද බේරේ වැව බේරාගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම අවාසනාවක් යැයි ඔහු පැවසීය.
ඉංග්‍රීසීන්ගේ පාලන සමයේ දී කොළඹ මළ අපද්‍රව්‍ය බේරේ වැවට මුදා හැරියේ මුහුදට ගෙන යන මළ අපද්‍රව්‍ය නළය යම් කිසි දෝෂයකට ලක්වීමේ අවස්ථාවක දී පමණ කැයි ද මේ වන විට එය සම්පූර්ණයෙන්ම වෙනස් වී අසූචි වළ බවට බේරේ වැව පත් වී ඇතැයි ද මේ පිළිබඳව කිසිවෙකු මෙතෙක් කලක් සොයා නොබැලූයේ යැයි ද හෙතෙම කීය.
COMMENTS