ඊයේ දිනයේ සිට කොළඹ නාගරික සීමාව හැර ලංකාවේ සෙසු සියලූ ප‍්‍රදේශවලට බලපාන පරිදි සිදුකරන විදුලි බල කප්පාදුව අවිධිමත් බවට රටපුරා විවේචන පළවෙමි...
ඊයේ දිනයේ සිට කොළඹ නාගරික සීමාව හැර ලංකාවේ සෙසු සියලූ ප‍්‍රදේශවලට බලපාන පරිදි සිදුකරන විදුලි බල කප්පාදුව අවිධිමත් බවට රටපුරා විවේචන පළවෙමින් පවතී.
විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය 16 ඉරිදා දිනයේ කියා සිටියේ විදුලි බල කප්පාදු කාලසටහන සඳුදා මාධ්‍ය වෙත ඉදිරිපත් කරන බවකි.
එසේ තිබියදී 17 සඳුදා දිනයේ
අනතුරුව සඳුදා දහවල් මාධය නිවේදනයකින් දන්වා සිටියේ තොළඹ නැතිව සෙසු ප‍්‍රදේශ කාන්ඩ 4 කට බෙදා දිනකට පැය තුනහමාරක විදුලි කප්පාදුවක් සිදු කරන බවකි.
ඒ අනුව ඊයේ දිනයේ දහවල් හා රාත‍්‍රියේ විදුලි බල කප්පාදු සිදුවිය. මේ අතර මුල් නිවේදනයෙන් පැය කිහිපයක් ගතවී සවස අමාත්‍යංශය දන්වා සිටියේ 18 අඟහරුවාදා සිට කප්පාදු කාලය පැය එකහමාර දක්වා අඩු කළ බවයි.
කෙසේ නමුත් එහි සටහන්වූ වේලාවන් වලට පෙර හා පසු වෙනත් වේලාවන් වල විදුලි කප්පාදු සිදුව ඇති අතර ඇතැම් ප‍්‍රදේශවල ඊයේ කාලසටහනට කැපූ වේලාවේම අදත් කපා ඇත්තේ දෙවන දැනුම් දීම නොදැන හෝ වෙනත් හේතුවක් නිසාය.
මේ හේතුවෙන් ඇතැම් ප‍්‍රදේශවල දහවල් කාලයේදී අවස්ථා දෙකකදීම මෙම කප්පාදු සිදු කර ඇත.
මෙම විදුලි කප්පාදුව මාධ්‍ය මගින් දැනුවත් කිරීමේ දුර්වලතාද පැවති අතර අති දීර්ඝ ප‍්‍රදේශ ලැයිස්තුව බොහෝ මාධ්‍ය මගින් සම්පූර්ණයෙන් ප‍්‍රසිද්ධ කර තිබුනේද නැත.
කොළඹට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වා විදුලි බල කප්පාදුවෙන් නිදහස් කරන ලද්දේද මෙවර පමණක් වන අතර ඒ ගැන තදාසන්න නාගරිකයින්ගේ නොසතුට පළව තිබේ.
COMMENTS