දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රවී ඇමතිකමෙන් ඉවත්වී වසරයි : යළි පත්කරන්නැයි පසුපෙලින් බලපෑම්?
Homeගොසිප්

රවී ඇමතිකමෙන් ඉවත්වී වසරයි : යළි පත්කරන්නැයි පසුපෙලින් බලපෑම්?

PropellerAds

එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතාට යලි ඇමතිධුරය ලබාදෙන ලෙස එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ම අගමැති රනිල් වික්‍...

අසන්ති රණසිංහ යුග දිවියට
චීනයේ ප්‍රාථමික පාසලක බිත්තියක් කඩා වැටී දරුවන් 2 ක් මියගොස් 20 කට තුවාල
යශෝදරා බාලිකාවට අනවසරෙන් ඇතුළු වූ මහනාමේ සිසුවා පරිවාස භාරයට



එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතාට යලි ඇමතිධුරය ලබාදෙන ලෙස එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ඉල්ලීමක් කර ඇතයි ' සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමටත් කොළඹ දිස්ත්‍රීක්කය තුල එක්සත් ජාතික පක්ෂයේ බලය අඛණ්ඩව පවත්වා ගේනයාමටත් විශාල කාර්ය භාරයක් ඉටුකළ රවී කරුණානායක මහතා මේ මොහොතේ ඇමති ධුරයෙන් ඉවත්කර තැබීම පක්ෂයට බරපතල ලෙස අවාසිදායක බව එම මන්ත්‍රීවරුන් පිරිස අගමැතිවරයාට පෙන්වා දී ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එජාප පසුපෙළ මන්ත්‍රීවරයෙක් කියා සිටියේ, බැඳුම්කර සිද්ධියට රවී කරුණානායක මහතා සම්බන්ධදැයි සොයා බැලීමට අගමැතිවරයා විසින් පත්කළ 'මාරපන කමිටුව' ද සිය නිරීක්ෂණ වාර්තාවෙන් මගින් රවී කරුණානායක මහතා නිදොස්කොට නිදහස් කර තිබියදී, තවදුරටත් ඔහුට ඇමැතිධුරයක් දීමෙන් වැලකි සිටීම යුක්ති සහගත නොවන බවයි.

පක්ෂයේ බල කේන්ද්‍රය වන කොළඹට එජාප ප්‍රබල ඇමතිවරයකු නොමැතිවීම බරපතල අඩුවක් බවද එම මන්ත්‍රීවරයා කියා සිටියේය.

රවී කරුණානායක මහතා පසුගිය බ්‍රහස්පතින්දා (09) අගමැතිවරයා හමුවී තමන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇතැයි ද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මාස දෙක තුනකට ඉල්ලා අස්වීමට කළ බලපෑම :

 විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා පසුගිය අගෝස්තු මාසයේ 10 වෙනිදා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූයේ, බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලු ජනාධිපති කොමිසමේ සඳහන් කාරණයක් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වන තෙක් මාස දෙක තුනකට ඔහුට ඇමතිකමෙන් ඉල්ලා අස්වන ලෙස අගමැතිවරයා කල ඉල්ලීමක් සලකා බලමිනි.

කෙසේනමුත් තමාට එරෙහිව එල්ල කෙරෙන චෝදනාවලට තමන් නිවැරදිකරු වන නමුත්, රට සහ පක්ෂය ගැන සිතා පදවියෙන් ඉල්ලා අස්වෙන බව සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් රවී කරුණානායක මහතා එදින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය.

එසේම එක්සත් ජාතික පක්ෂය සහ සහ ආණ්ඩුව විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බවත් ඉතිහාසය විසින් තමා නිවැරදි බව තීන්දු කරනු ඇති බවත් ඔහු පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළේය.

 මාරපන කමිටුව :

 අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය විසින් බැඳුම්කර සිද්ධිය සම්බණ්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කරුණු අධ්‍යයනය කර එක්සත් ජාතික පක්ෂය ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා තිලක් මාරපන කමිටුව පත්කර කරනු ලැබිය.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව වෘත්තීයවේදීන්, පරිපාලන නිලධාරීන් හා නීතිඥයින් ඇතැලු නියෝජිතයින් පිරිසකගෙන් සමන්විතය.

දීර්ඝ කරුණු අධ්‍යනයකින් පසු රවි කරුණානායක මහතාට එරෙහිව ඇති චෝදනාවලින් ඔහුව නිදහස් කල 'තිලක් මාරපන කමිටුව', එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය යලි කරුණානායක මහතාට ලබාදීමට සිය වාර්තාව මගින් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට නිර්දේශ කර තිබිණ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවී ඇමතිකමෙන් ඉවත්වී වසරයි : යළි පත්කරන්නැයි පසුපෙලින් බලපෑම්?
රවී ඇමතිකමෙන් ඉවත්වී වසරයි : යළි පත්කරන්නැයි පසුපෙලින් බලපෑම්?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiE_cWvbCPkelJXiRa2z2tovwysXAyUnXQnp8XvoV-CVYv2nLBpOh68UBRMFlEx6XlKgFQSRPn-B0FEU-IwRnoGlkCsiiW3aoyw5Clo-E1bBLTsIcWStB1bklIKcKifuGCRDkG12BuV0MVf/s1600/Ravi+K+MP.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiE_cWvbCPkelJXiRa2z2tovwysXAyUnXQnp8XvoV-CVYv2nLBpOh68UBRMFlEx6XlKgFQSRPn-B0FEU-IwRnoGlkCsiiW3aoyw5Clo-E1bBLTsIcWStB1bklIKcKifuGCRDkG12BuV0MVf/s72-c/Ravi+K+MP.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_678.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_678.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy