වත්මන් ආණ්ඩුවේ තෙවැනි සංවත්සරය වෙනුවෙන් “හුස්ම ගත්ත වසර තුනක්” යන තේමාව යටතේ මෙම මස 12 වැනිදා සිට 21 වැනිදා දක්වා අගමැති රනිල් වික්‍රමසි...
වත්මන් ආණ්ඩුවේ තෙවැනි සංවත්සරය වෙනුවෙන් “හුස්ම ගත්ත වසර තුනක්” යන තේමාව යටතේ මෙම මස 12 වැනිදා සිට 21 වැනිදා දක්වා අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇතැයි අගමැති කාර්යාලය නිකුත්කළ නිවේදනයක සඳහන් වේ.
එම නිවේදනයේ මෙසේද දැක්වේ.
2015 වසරේ බලයට පැමිණි වත්මන් යහපාලන ආණ්ඩුව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් ජනතාව වෙනුවෙන් සමාජ, ආර්ථික, සංස්කෘතිකමය වශයෙන් වැඩසටහන් රැසක් දියත් කරමින් මේ වන විට එහි ප්‍රතිලාභ ජනතාවට හිමිකර දෙමින් සිටී.
මෙම වැඩපිළිවෙලේ තවත් එක් පියවරක් ලෙස නිවාස හිමිකම නොමැති දුගී ජනතාව වෙනුවෙන් නිවාස අයිතිය ලබාදීමේ වැඩසටහන යටතේ නුවරඑළිය, පූඩලූඔය, ඩන්සිනන් වතුයායේ දී 12 වැනි දින නිවාස 404 ක් සහ 17 වැනි දින මොණරාගල, දෙව්පුදගම ගම්මානයේ දී නිවාස 52 ක් ජනතා අයිතියට පැවරීම අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබයි.
රුපියල් මිලියන 15,500 ක් වැය කරමින් කුරුණෑගල නගරයේ ඉදිකරන ලද ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘති විවෘත කිරීම 13 වැනි දින පස්වරුවේ සිදු කරනු ලබන අතර 14 වන දින අනුරාධපුර මහා විහාරයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප්‍රාකාරය හා ශෛලමය පොකුණ විවෘත කිරීමත් සිදු කෙරේ.
ඉඩම් හිමිකම නොමැති ජනතාව වෙනුවෙන් ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ මෙම 16 වැනි දින රත්නපුර නගර සභා පිටියේ දී ඉඩම් ඔප්පු 2000 ක් ද, 18 වැනි දින දෙනියාය, පස්ගොඩ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී ඉඩම් ඔප්පු 1000 ක් ද, 19 වැනි දින කෑගල්ල නිදහස් මාවතේ දී ඉඩම් ඔප්පු 2500 ක් ද, 21 වැනි දින බද්දේගම මහජන ක්රීඩාංගනයේ දී ඉඩම් ඔප්පු 4000 ක් ද ලබාදීමට නියමිතය.
උපාධිධාරීන් 4130 දෙනෙකු රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය 20 වැනිදා අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
COMMENTS