වත්මන් සංවර්ධනයේ ප‍්‍රධාන බාධකය මාර්ග තදබදය බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ ක...
වත්මන් සංවර්ධනයේ ප‍්‍රධාන බාධකය මාර්ග තදබදය බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන මාතලේ නගර සංවර්ධන වැඩසටහනට සමගාමීව රුපියල් මිලියන 50 ක වියදමින් ඉදිවන මාතලේ, ගොංගාවෙල බස්නැවතුමේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අද නගර සංවර්ධනයේ ප‍්‍රධානතම බාධකය වන්නේ මාර්ග තදබදයයි. එම ගැටළුව විසඳන්න පුද්ගලික වාහන වැඩි වශයෙන් ගෙන්වීමෙන් කළ නොහැකියි. මේක පොඩි රටක්. රටේ හැම තැනම නගර ඉදිවෙලා, ගෙවල් ඉදිවෙලා. එම නිසා හැකිතාක් පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කළ යුතුයි. එ නිසා අපි නගර 13 ක් හඳුනාගෙන තිබෙනවා උපාය මාර්ගික නගර හැටියට දියුණු කරන්න. එයින් එකක් තමයි මාතලේ නගරය.
අපි අතිවිශාල මුදල් ප‍්‍රමාණයක් සම්පාදනය කරනවා මහනුවරට. තව අවුරුදු දෙක තුනකින් බලාගන්න පුළුවන් ලෝකයේ තිබෙන දියුණුම බස් නැවතුම්පලත්, දුම්රිය ස්ථානයත් මහනුවරට එනවා. ඒ වගේම දඹුල්ල නගරය ඇත්තටම අපේ අනාගත සැලසුම අනුව කොළඹ සිට ත‍්‍රිකුණාමලය දෙසට තමයි ප‍්‍රධාන නාගරික මධ්‍යස්ථානය, නාගරික කොරිඩෝව ගොඩනැගෙන්නේ. එතකොට මේ දිස්ත‍්‍රික්කවලට අලූත් ආලෝකයක් ඉදිරි කාලවලදී ලැබෙනවා. අපිට තිබෙනවා ලොකු ප‍්‍රශ්නයක්, ණය ගෙවන එක. මේ ණය ගෙවන්න ගියාම ආණ්ඩුවේ ආදාමයමෙන් 90%ක්ම යන්නේ මේ ණය ගෙවන්න. මොකද ආදායම් නැති තැන්වල තමයි ගිය ආණ්ඩුව ආයෝජනය කරලා තියෙන්නේ. මිත‍්‍රවරුණි මේ ණය ගෙවන්න වෙලා තියෙන්නේ අපිට. දැන් හාල්, පිටි, කිරි පිටි වැනි සෑම දෙයකටම බදු අයකරලා මේවයේ ණය ගෙවන්න වෙලා තියෙන්නේ. ඒක නිසා මේ ආණ්ඩුව ආයොජනය කරන්නේ ආදායම් ලැබෙන තැන්වල. ආදායම උපදවන්න පුලූවන් තැන්වල ජනතාවට මෙහෙවරක් වෙන්න පුළුවන් තැන්වල මිසක් බොරු ෂෝක්, බොරු සෝබන ජනතාවට බරක් වන සංවර්ධනයක් නෙවෙයි අප කරන්නේ. අපේ අමාත්‍යාංශය අද මහා පරිමාණ ආයෝජන විස්සක් අපි සිදුකරගෙන යනවා. අති විශාල ධනස්කන්ධයක් අපේ අමාත්‍යාංශය හරහා ක‍්‍රියාත්මකයි. මහවැලි ව්‍යාපාරය වැනි කිහිප ගුණයක් විශාල ව්‍යාපෘති ගණනාවකට අපි අතගහල තියෙනවා. ඒවායේ ප‍්‍රතිඵල අනාගතයේදී ලැබෙයි. විශේෂයෙන්ම අපි කියන්න ඕනෙ අපි මෑතකදී හදපු මොරගහකන්නද. එය මීට අවුරුදු පනහකට කලින් සැලසුම් කළ දෙයක්, මහවැලි ව්‍යාපාරය එක්දහස් නවසිය හැට ගණන්වල මුල් භාගයේ. දැන් තමයි ප‍්‍රතිඵල ලැබෙන්නේ. එනිසා විධිමත් ව්‍යාපෘතියක් කරන්න නොයෙක් අධ්‍යයනයන් කරලා ඒවා විධිමත්ව ඉදිරියට දාන්න ඕනේ. එනිසා අපේ අමාත්‍යාංශය සිදු කරගෙන යන මේ මහා ව්‍යාපෘතිවලින් හා කුඩා ව්‍යාපෘතිවලින් මේ හැම එකකින්ම ජනතාවට ප‍්‍රතිලාභයක් මිසක් ජනතාවට ණය කරවන්නේ නැති බවද පැවසීය.
COMMENTS