දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දට යළිත් ජනපති ඡන්දයට එන්න ඉඩක් නෑ?
Homeගොසිප්

මහින්දට යළිත් ජනපති ඡන්දයට එන්න ඉඩක් නෑ?

PropellerAds

අපේ රටේ මුඛ්‍ය නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ජනාධිපති මැතිවරණ පනතට අනුව දෙවතාවක් මහජන ඡන්දයෙන් විධායක ජනාධිපති ධුරයට තේරීපත්වූ මහින...

සුනාමි බේබි 81ට දැන් අවුරුදු 14යි
අමුතු ලිංගික ආශාවලින් තිබුණු රාජකීය පවුල්වල ගැහැණුන් සහ පිරිමින්
දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි


අපේ රටේ මුඛ්‍ය නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ජනාධිපති මැතිවරණ පනතට අනුව දෙවතාවක් මහජන ඡන්දයෙන් විධායක ජනාධිපති ධුරයට තේරීපත්වූ මහින්ද රාජපක්ෂ මහතාට තෙවැනි වතාවටත් ජනාධිපති මැතිවරණයකට ඉදිරිපත්වීමට කිසිඳු හැකියාවක් නැතැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කෙළේය.

දෙවතාවක් මහජන ඡන්දයෙන් විධායක ජනාධිපති ධුරයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාට නැවැත වතාවක් ජනාධිපති මැතිවරණයකට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය හැකි යැයි රටේ ඇතැමෙකු මතයක් විමසන්නට සූදානම් බවත්, එම මතයට කිසිඳු නීතිමය ඉඩක් හිමි නොවන බවත් පැහැදිලි කරමින් විජයදාස රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

කොළඹ, නුගේගොඩ නාවල පාරේ විජයබා මාවත පිහිටි අමාත්‍යවරයාගේ නිවසේ ඊයේ (19) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් රටේ ව්‍යවස්ථාවට කරනු ලැබූ සංශෝධනයට අනුව 20 වැනි ව්‍යවස්ථාවේ 01 වැනි අනු ව්‍යවස්ථාව මඟින් මේ රටේ දෙවතාවක් ජනාධිපති වූ අයකුට නැවතත් ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට කිසිඳු හැකියාවක් නැතැයිද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

මෙය අනාගතයට බලපාන නීතියක් ලෙස සමහර තර්ක ඉදිරිපත් කරනවා. එය නිවැරදියි. එය බලපාන්නේ අනාගතයට තමයි. අනාගතයේදී ජනාධිපති මැතිවරණයේ අපේක්ෂකයා වන තැනැත්තා අතීතයේ එම තනතුර දෙවතාවක් දරා තිබෙනවා නම් ඒ නීතිය ක්‍රියාත්මක යැයි ද රාජපක්ෂ මහතා අවධාරණය කෙළේය.

ඒ නිසා බොහෝම පැහැදිලියි, අතීතයේ දෙවතාවක් මෙම ධුරය දරා ඇත්නම් අනාගතයේදී ඒ පුද්ගලයාට අපේක්ෂකයෙකු වීමට නොහැකි බව යැයි ද ඇමැතිවරයා කීය.

මේ සම්බන්ධයෙන් සමහර අය ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ඉදිරිපත් වී සිටිනවා. නමුත් මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමැසීමට හැකි එකම බලධාරියා ජනාධිපතිවරයා පමණයි. අන් අය මේ ගැන විමසීමක් කළත් ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය එම ඉල්ලීම් ‍ඉවත දමනවා.

රටේ පවතින ජනාධිපති මැතිවරණ පනතේ 14 වැනි වගන්තිය අනුව යම් අපේක්ෂකයෙකු නාමයෝජනා භාරදීමේදී ඔහුට හෝ ඇයට විරුද්ධව විරෝධතා එල්ල කිරීමේ හැකියාව තිබෙනවා. අපේක්ෂකයෙකු විදිහට ඉදිරිපත් කරන තැනැත්තා තමන් අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්වීම සඳහා නොසුදුසුකමකට පත් නොවුණු බවට අවසානයේ දිවුරුමකින් අස්සන් කරනවා. යම් අපේක්ෂකයෙකු තමන් නුසුදුසු බව දැන දැනත් තුන්වැනි වතාවටත්, අපේක්ෂකත්වය ඉදිරිපත් කළොත් දිවුරුමක් දෙන්න ඕනෑ. ඒ දෙන දිවුරුම බොරුවක්. ව්‍යාජ එකක්. මේවාගේ ව්‍යාජ දිවුරුමක් දුන්නොත් දණ්ඩ නීති සංග්‍රහයේ 190 වගන්තිය යටතේ වසර තුනක හිරගතවීමකට යටත් වෙනවා යැයි ද ඇමැතිවරයා පැහැදිලි කෙළේය.

නමුත් දෙවතාවක් ජනාධිපති ධුරය දැරුවෙකුට අගමැති ධුරයට පත්විය හැකි දැයි මාධ්‍යවේදියකු නැගූ පැනයකට පළිතුරු දුන් අගමැතිවරයා ඒ සඳහා නොහැකියාවක් නොමැති බව කීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දට යළිත් ජනපති ඡන්දයට එන්න ඉඩක් නෑ?
මහින්දට යළිත් ජනපති ඡන්දයට එන්න ඉඩක් නෑ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCb7ybTmD4HjqCx4kxANB3vyiPjthy6DB90U9ISmXD71Gsnflx0jYvNwYyelhJu3IpswTCJpi5nd0kconzcFhisCJpEXURLTygHUkjFiaU8wYCn8W66w3EFPcrw1G3pxSfn1PlgzGRJ8QU/s1600/mahinda_rajapaksha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCb7ybTmD4HjqCx4kxANB3vyiPjthy6DB90U9ISmXD71Gsnflx0jYvNwYyelhJu3IpswTCJpi5nd0kconzcFhisCJpEXURLTygHUkjFiaU8wYCn8W66w3EFPcrw1G3pxSfn1PlgzGRJ8QU/s72-c/mahinda_rajapaksha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_500.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_500.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy