පුත්තලමට ආසන්නයේ පවතින උඩප්පුව සිට තොඩුවාව දක්වා වන වෙරල තීරයට මෙලෙස අපද්‍රව්‍ය ගොඩ ගසා තිබුණේ පසුගිය 10 වනදා සිටයි. එම වෙරල තිරයේ කිලෝමීට...
පුත්තලමට ආසන්නයේ පවතින උඩප්පුව සිට තොඩුවාව දක්වා වන වෙරල තීරයට මෙලෙස අපද්‍රව්‍ය ගොඩ ගසා තිබුණේ පසුගිය 10 වනදා සිටයි. එම වෙරල තිරයේ කිලෝමීටර් 10ක පමණ දුරට මෙලෙස අපද්‍රව්‍ය රැස්ව තිබේ.
ප්‍රදේශවැසියෙක් මෙලෙස අදහස් දැක්විය.
“ඉන්ජෙක්සං කටු, ප්ලාස්ටික් බෝතල්, වීදුරු බෝතල් මේවා කුඩු වෙලා වෙරළේ අඩිය තියන්න බැරි වෙලා තියෙනවා. කල්පිටියේ තිබ්බේ සංචාරක කලාපයක්. සංචාරකයන්ට වෙරලට එන්න බැහැ. මොකද වෙරළේ අඩිය තියන්න බැහැ.”
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පිළිබඳ විමර්ශන ආරම්භ කළ අතර එම අධිකාරියේ මූලික නිගමනය වී ඇත්තේ ඉන්දියාවේ රෝහල් වලින් ඉවත් කරන ලද බවට අනුමාන කරන සායනික අපද්‍රව්‍ය මෙලෙස මුහුදු රළ ඔස්සේ පැමිණ ගොඩගැසී ඇති බවයි.
එන්නත්, විවිධ සිරප් වර්ග, පෙති වර්ග ඇතුළු වෙනත් ඖෂධ හා සායනික ද්‍රව්‍ය ඇතුළත්ව තිබූ භාජන විශාල ප්‍රමාණයක් ඒ අතර වනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මතය සනාථ කරමින් ඉන්දීයා ටුඩේ පුවත්පත වාර්තා කර තිබුණේ කල් ඉකුත් වී ගිය භාවිතයට නොගත් ඉන්දියාවේ නිෂ්පාදනය කළ ඖෂධ විශාල ප්‍රමාණයක් මේ අතර ඇති බවයි.
අදාළ අපද්‍රව්‍ය ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කරන බැවින් නැවත දැනුම් දීමක් සිදු කරන තෙක් එම ප්‍රදේශයේ වෙරළ තීරය භාවිතයෙන් වළකින ලෙස සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා මෙසේ අදහස් දැක්විය.
“සායනික අපද්‍රවය මේ අවස්ථාව වෙනකොට එකතු කරලා ඒ ප්‍රදේශයේ තියෙන රෝහල් ආශ්‍රිතව තියන ඝන අපද්‍රව්‍ය අපහරණය කිරීමේ අධි උෂ්ණත්ව උදුන් වෙත යොමු කරලා විනාශ කර දැමීම තමයි අපේ ඊළඟ පියවර ලෙස දකින්නේ. මේ ඝන අපද්‍රවය වල ලේබල් පිරික්සීමේදී දැන ගන්න පුළුවන් වුණා මේ සියලුම ඝන අපද්‍රවය ඉන්දියාවේ කේරල ප්‍රදේශයට ආශ්‍රිතව ලැබුණු ඝන අපද්‍රවය බවට. පසුගිය සතිය තුළ දී කේරල ප්‍රදේශයේ මහා පරිමාණ ගංවතුරක් ඇති වුණා ඒ අනුව අපි හිතනවා කේරල වෙරළට එකතු වුණා ඝන අපද්‍රව්‍ය සුළඟ බලයෙන් හා මුහුදු තරංග හරහා වෙරළ කලාපයට ලඟා වුණා කියලා.”
COMMENTS