දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ද්‍රවිඩ තරුණන් නොමඟ යන්නේ බෞද්ධ, මුස්ලිම්, කතෝලික දහම් පාසල් නොමැති නිසාද?
Homeප්‍රවෘත්ති

ද්‍රවිඩ තරුණන් නොමඟ යන්නේ බෞද්ධ, මුස්ලිම්, කතෝලික දහම් පාසල් නොමැති නිසාද?

PropellerAds

“මුලූ මහත් රට පුරාම බෞද්ධ දහම් පාසැල්, මුස්ලිම් දහම් පාසැල්, කතෝලික දහම් පාසැල් විවිධ ආගමික සංවිධාන විසින් පවත්වා ගෙන යනවා. නමුත් හින්දු ආ...

'බලය බෙදන්න, රට නොබෙදන්න' - මල්වතු මහ නාහිමි.
තමිල්නාඩු මහ ඇමති : රැජිනි ද? කමල් ද? ස්ටාලින් ද?
SBට කට නිසා කෝටි පහක්‌ වන්දි ඉල්ලා නඩු.
ද්‍රවිඩ තරුණන් නොමඟ යන්නේ බෞද්ධ, මුස්ලිම්, කතෝලික දහම් පාසල් නොමැති නිසාද?

“මුලූ මහත් රට පුරාම බෞද්ධ දහම් පාසැල්, මුස්ලිම් දහම් පාසැල්, කතෝලික දහම් පාසැල් විවිධ ආගමික සංවිධාන විසින් පවත්වා ගෙන යනවා. නමුත් හින්දු ආගමික දහම් පාසැල් රටේ කොහේවත්ම නැහැ. විශේෂයෙන්ම එවැනි දහම් පාසැල් උතුරේවත් නැහැ. එම නිසා හින්දු ආගමික නායකයන් ඔවුන්ගේ ආගමානුකූලව පවත්වාගෙන යන දහම් පාසැල් ආරම්භ කිරීමට සිතා බැලිය යුතු කාලය පැමිණ ඇතැයි” උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ දින පැවසීය.

රෙජිනෝල්ඩ් කුරේ මහතා එසේ පැවසුවේ යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ දින පැවති යාපනය ආරක්‍ෂක කමිටු රැස්වීමේදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

”දැනට වාර්තා වන කරුණු අනුව උතුරු පළාතේ ගංගා, කලපු හා ඇළ ඉවුරු ආශ‍්‍රිතව අනවසර වැලි කැනීම් බහුල වශයෙන් සිදුවන අතර අනවසර වැලි ප‍්‍රවාහනයද බහුල වශයෙන් ක‍්‍රියාත්මක වන බව මා වෙත තොරතුරු ලැබී තිබෙනවා. එසේම තහනම් මත් ද්‍රව්‍ය උතුරු පළාතේ බහුල වශයෙන් සංසරණය වන බවටද වාර්තා ලැබී තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය හා අනවසර වැලි ප‍්‍රවාහනය, ලී ප‍්‍රවාහනය වැනි කටයුතු නතර කිරීමට මහජන සහාය නිතැතින්ම අවශ්‍ය වන බව ඔබ කවුරුත් වටහා ගත යුතුයි. මේ සඳහා දකුණේ ගම් ප‍්‍රදේශ වල පවතින සමාජ සංවිධාන, ආගමික සංවිධාන, පරිසර සංවිධාන, නීතිමය සංවිධාන වැනි සංවිධාන කඩිනමින් ආරම්භ කරන ලෙස ප‍්‍රදේශයේ සිටින සියලූම ආගමික නායකයන්ගෙනුත් වගකිව යුතු අනික් අයගෙනුත් ඉල්ලා සිටිනවා. පොලිස් දෙපාර්තමේන්තුවට හෝ ත‍්‍රිව්ධ හමුදාවට තොරතුරු ලබා දෙන මහජන කණ්ඩායම් හෝ පිරිස් යම් ප‍්‍රමාණයක් හෝ සිටී නම් මෙවැනි අනර්ථකාරී ක‍්‍රියා නතර කරන්න පහසු වෙනවා.”

“අද මෙම රැස්වීමේදි මෙන්ම මීට කළින් රැුස්වීම් කිහිපයකදීම පොලිස් මුරපලවල් පහත සඳහන් ස්ථාන වලට ඉල්ලා ඇති බවද සිහිපත් කළ යුතුයි. එනම් නාවට්කුලි, අරියාලයි, කයිට්ස්, වෙලනෙයි සහ කරෙයිනගර් යන ස්ථාන සඳහායි. යාපනයේ සිදුවන අනර්ථකාරී ක්‍රියා වලට බෙහෙවින් බලපාන තවත් ප‍්‍රශ්නයක් තමයි පදිංචිකරුවන් නොමැති නිවාස බහුල වශයෙන් තිබීම. එම නිවාස වල විවිධ අපචාර සහ වෙනත් හිංසාකාරී ක‍්‍රියා සිදු වන බව අපහට වාර්තා වී තිබෙනවා. එම ස්ථානවල අනර්ථකාරී කි‍්‍රයා වලට සම්බන්ධ වන පිරිස් නිතර ගැවසෙන බවද අපට වාර්තා වි තිබෙනවා. ඒ නිසා මෙවැනි සමාජ විරෝධි සිදුවීම් වන සියලූම දේවල් පොලිස් ස්ථාන හෝ වෙනත් ආරක්‍ෂක අංශ වෙත නිර්නාමිකව හෝ පැමිණිලි කිරීම හෝ ලිඛිතව දැනුම් දීම හෝ කිරීම මහජනතාවගේ යුතුකම බව මා විශ්වාස කරනවා. උතුරේ පොලිස් ස්ථාන හා පොලිස් දෙපාර්තමේන්තුවට අයත් කාර්යාල වැඩි ප‍්‍රමාණයක් පවත්වා ගෙන යන්නේ පෞද්ගලික අයිතිකරුවන්ට අයත් නිවාස වල නිසා එම ස්ථාන වෙනුවට වෙනත් ගොඩනැගිලි ඉදි කර යාපනයේ ප‍්‍රදේශවාසීන්ගේ ඉඩම් නිදහස් කිරීමට කටයුතු කළ යුතු බවයි.” එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දක්විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ද්‍රවිඩ තරුණන් නොමඟ යන්නේ බෞද්ධ, මුස්ලිම්, කතෝලික දහම් පාසල් නොමැති නිසාද?
ද්‍රවිඩ තරුණන් නොමඟ යන්නේ බෞද්ධ, මුස්ලිම්, කතෝලික දහම් පාසල් නොමැති නිසාද?
http://am.lk/media/k2/items/cache/120785c0999417face62b97541105912_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_483.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_483.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy