දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
SBට කට නිසා කෝටි පහක්‌ වන්දි ඉල්ලා නඩු.
Homeප්‍රවෘත්ති

SBට කට නිසා කෝටි පහක්‌ වන්දි ඉල්ලා නඩු.

PropellerAds

සමෘද්ධි සංවර්ධන අමාත්‍ය එස්‌. බී. දිසානායක මහතා විසින් සිය කීර්තිනාමයට හානි වන අයුරින් ද්වේශ සහගතව ඔහුගේ අමාත්‍යාංශය තුළදී පැවැති මාධ්‍ය හ...


සමෘද්ධි සංවර්ධන අමාත්‍ය එස්‌. බී. දිසානායක මහතා විසින් සිය කීර්තිනාමයට හානි වන අයුරින් ද්වේශ සහගතව ඔහුගේ අමාත්‍යාංශය තුළදී පැවැති මාධ්‍ය හමුවකදී අපහාසාත්මක අසත්‍ය ප්‍රකාශයක්‌ සිදු කරන ලදැයි සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා විසින් ඇමැතිවරයාගෙන් රුපියල් කෝටි පහක (ලක්‍ෂ 500) වන්දි මුදලක්‌ ඉල්ලා කඩුවෙල දිසා අධිකරණය හමුවේ ඊයේ (03 දා) නඩු පවරන ලදී.

 වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව සමෘද්ධි ව්‍යාපාරය තුළ හටගෙන ඇති ගැටලු ගණනාවක්‌ සම්බන්ධයෙන් සමෘද්ධි අමාත්‍යවරයා ඇතුළු රජයේ අවධානය යොමුකිරීමේ අරමුණින් සමෘද්ධිලාභී හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 15000 ක පමණ පිරිසක්‌ ඒකාබද්ධව පසුගිය අගෝස්‌තු 31 දින පාර්ලිමේන්තු වට රවුමේ හා බත්තරමුල්ල සමෘද්ධි අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ පවත්වන ලද බවත් ඊට වියරු වැටුණු එස්‌. බී. දිසානායක අමාත්‍යවරයා ඔහුගේ අමාත්‍යාංශය තුළදී මාධ්‍ය හමුවක්‌ කැඳවා තමාගේ කීර්ති නාමය කෙළෙසෙන ආකාරයෙන් ප්‍රකාශයක්‌ කර ඇතැයි ජගත් කුමාර මහතා අධිකරණයට ගොනු කළ පෙත්සමේ දැක්‌වේ. 

 සිය නීතිඥ මණ්‌ඩලයක්‌ මාර්ගයෙන් පෙත්සම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණ භූමියෙන් පිටතදී මාධ්‍යවේදීන් හමුවූ ජගත් කුමාර මහතා මෙසේ ප්‍රකාශ කළේය.

 "රට පුරා විසිරී සිටින ලක්‍ෂ පහළොවක්‌ වන සමෘද්ධි සහනලාභීන් හා සමෘද්ධි නිලධාරීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් රැකගැනීමේ අරමුණ ඇතිවයි මගේ මෙහෙයවීම ඇතිව විරෝධතා ව්‍යාපාරය ක්‍රියාත්මක කළේ."

 එයින් වියරු වැටුණු ඇමැති එස්‌. බී. දිසානායක මහතා එදිනම සමෘද්ධි සංවර්ධන අමාත්‍යාංශයට මාධ්‍ය හමුවක්‌ කැඳවා මගේ කීර්තිනාමයට කැලලක්‌ සිදුකරමින් මගේ දේශපාලන ගමන නැවැත්වීමට උත්සාහයක්‌ වශයෙන් අපහාසාත්මක ප්‍රකාශයක්‌ කර තිබෙනවා.

 "මා සමෘද්ධි ව්‍යාපාරයට එක්‌වූයේ විශ්වවිද්‍යාලයක (බාහිර) උපාධියක්‌ සමග උසස්‌ අධ්‍යාපනයක්‌ ඇතිවයි. එහෙත් එදා ඇමැති එස්‌. බී. දිසානායක මහතා මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත්තේ මා සාමාන්‍ය පෙළවත් සමත් නොවූ "හොට්‌ටෙක්‌" යනුවෙන්. මේ ප්‍රකාශයෙන් මට විශාල අපහාසයක්‌ වගේම මානසික පීඩනයට ලක්‌වීමට හේතුවක්‌ වෙලා.

 ඊට එරෙහිව මා මගේ නීතිඥ මණ්‌ඩලයක්‌ හරහා රුපියල් කෝටි පහක වන්දි මුදලක්‌ ඉල්ලා එස්‌. බී. දිසානායක මහතාට එරෙහිව මේ පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: SBට කට නිසා කෝටි පහක්‌ වන්දි ඉල්ලා නඩු.
SBට කට නිසා කෝටි පහක්‌ වන්දි ඉල්ලා නඩු.
http://ift.tt/2fIQ24B
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/sb.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/sb.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy