දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තමිල්නාඩු මහ ඇමති : රැජිනි ද? කමල් ද? ස්ටාලින් ද?
Homeප්‍රවෘත්ති

තමිල්නාඩු මහ ඇමති : රැජිනි ද? කමල් ද? ස්ටාලින් ද?

PropellerAds

ඉන්දීය දමිල සිනමාවේ සුපිරි නළු රැජිනි කාන්ත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියහොත් රටට සෙතක් කරනු ඇති බව ඔහුගේ බිරිඳ වන ලතා රැජිනි කාන්ත් පවසන...

මෙම ඔලමොට්ටල තීරණ ගන්නේ කවුද?...බාර් ඇරිල්ල විද්‍යාත්මක ඇමති මණ්ඩලය වගේ - ගීතා කුමාරසිංහ
විදේශ ආයෝජකයෙක්ට අයත් කොළඹ පර්චස් 214ක් ආණ්ඩුවේ නිලධාරිනුයි-මරදාන පොලිසියයි මහදවල් බලෙන් අල්ලගෙන - (video & photos)
වීරකැටියේ දී තාත්තාට තැබූ වෙඩි පහරින් 14 හැවිරිදි පුතා මරුට

ඉන්දීය දමිල සිනමාවේ සුපිරි නළු රැජිනි කාන්ත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියහොත් රටට සෙතක් කරනු ඇති බව ඔහුගේ බිරිඳ වන ලතා රැජිනි කාන්ත් පවසනවා. ඇය ඉන්දීය දේශපාලනඥයන් හමුවූ අවස්ථාවේ දී මේ බව පවසා තිබෙනවා.

රැජිනි කාන්ත් හා ලතා රැජිනි කාන්ත් දේශපාලනයට පිවිසෙන බව පසුගියදා විවිධ පාර්ශ්ව කියා සිටියා. ඒ  අතරවාරයේ  භාරතීය ජනතා පක්ෂය ද අවස්ථා කිහිපයක දී තමන්ට එම පක්ෂය සමග එක්වන ලෙස ඉල්ලා සිටි බව ඇය කියා සිටියා. 

කෙසේ වෙතත් තවත් අවස්ථාවක ලතා රැජිනි කාන්ත්ට  තමිල්නාඩුවේ ආණ්ඩුකාර ධුරය ලබා දීමට ද  යෝජනා වී තිබුනා.

නමුත් රැජිනි කාන්ත් දේශපාලනයට පිවිසීමට අකැමැත්ත පලකල නිසා ඒ පිළිබඳව වැඩි උනන්දුවක් නොදැක්වූ බව ලතා කියා සිටියා.

තමිල්නාඩුවට සුදුසු නායකයෙක් නොමැති නිසා තම සැමියාට දේශපාලනයට පිවිසෙන ලෙස තමාද බල කර සිටින බවයි ලතා පවසා තිබෙන්නේ.

මේ අතර රැජිනි කාන්ත්ගේ සමකාලීන මිතුරෙකු වන තවත් සුපිරි නළුවෙකු වූ කමල් හසන්ද  දේශපාලනයට පිවිසීමට සුදානම් වනවා. ඔහු තම ඉදිරි දේශපාලන ප්‍රචාරක කටයුතු  ආරම්භ කර ඇති බවයි පසුගියදා කියා සිටියේ.

කමල් හසන්ද කියා සිටියේ තමිල්නාඩුවට සුදුසු නායකයෙකු අවශ්‍යව ඇති බවයි. ඒ නිසා තමන් ජනතා සේවයට පිවිසෙන බවයි කමල් හසන් කියා සිටියේ.

සිනමා දිවියේ සමීපතම මිතුරන් වන රැජිනි කාන්ත් සහ කමල් හසන් මේ දිනවල දේශපාලන වේදිකාවේ දෙදෙනා සම්බන්ධයෙන් උණුසුම් වචන හුවමාරුවක නිරත වනවා.  

කලක් තිබු මිත්‍රත්වය පවා දේශපාලනය බිලි ගන්නා බවයි ඔවුන් දෙදෙනාගේ රසිකයන් පවසන්නේ.

රැජිනි කාන්ත් සහ කමල් හසන්ගේ දේශපාලන පිවිසුම සැලවීමත් සමගම DMK පක්ෂය තරමක් බියට පත්ව තිබෙනවා.

තමිල්නාඩුවේ  හිටපු මහ ඇමතිනි ජයලලිත ජයරාම් මිය යාමත්‍  සමග එහි දේශපාලන අර්බුධයක් පවතිනවා. එහි වාසිය ලබාගෙන ඉදිරි ප්‍රාන්ත සභා මැතිවරණයෙන්  මහ ඇමති ධුරය ලබා ගැනීමට මුත්තුවේල් කරුණානිධිගේ පුතෙකු මෙන්ම තමිල්නාඩු විපක්ෂ නායක ස්ටාලින් සිහින දුටුවා.

නමුත් එය දැන් බොඳවන සිහිනයක් බවට පත්ව ඇති බවයි  වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් තමිල්නාඩු විපක්ෂ නායක ස්ටාලින් ප්‍රසිද්ධව පවසන්නේ සිනමා කරුවෙකුට තමිල්නාඩු ප්‍රාන්ත පාලනය තවදුරටත් ලබාදිය නොහැකි බවයි.

නමුත් විපක්ෂ නායක ස්ටාලින් ද සිනමා කරුවෙකුගේ පුත්‍රයෙකු බව ඔවුට අමතක වී ඇති බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තමිල්නාඩු මහ ඇමති : රැජිනි ද? කමල් ද? ස්ටාලින් ද?
තමිල්නාඩු මහ ඇමති : රැජිනි ද? කමල් ද? ස්ටාලින් ද?
http://ift.tt/2fI34Px
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_35.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_35.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy