ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා පාර්ලිමේන්තුව විතරක් නෙමේ මුළු ජාතියම රැවැට්ටූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. ඒ ...
ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා පාර්ලිමේන්තුව විතරක් නෙමේ මුළු ජාතියම රැවැට්ටූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
ඒ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“කතානායකතුමා කරන්නේ මුළු රටම ජාතියම මුලා කිරීමේ වැඩපිළිවෙළක්. ඔය වැඩේ කවදාවත් කෙරෙන්නෙ නෑ. ඡන්දෙ තියන්නේ නෑ. මේ ආණ්ඩුව ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා ගෙනල්ලා පාර්ලිමේන්තුව විතරක් නෙමේ මුළු ජාතියම රැවැට්ටුවා. එතුමා තරම් බොරු කියන බොරු කප්පිත්තෙක් මේ ලංකාවේ නෑ. ඒ තරම් බොරු කියලා බොරු කියලා පලාත් පාලනමැතිවරණය කල් දැම්මා. දැන් බොරු කියලා පළාත් සභා මැතිවරණය කල්දාන්න හදනවා. එතුමා ගැන අපි ලැජ්ජා වෙනවා. මේ තරම් බොරු කාරයෙක් අපේ රටේ ඇමතිවරයෙක් වෙලා ඉන්නවද කියන එක ගැන අපි කනගාටු වෙනවා. පනත සම්මත කරද්දී සම්පුර්ණ වැරදි විදියට තමයි තිබුණේ. ජන්දය ගන්න තිබුණේ 6.30 ට 8.30 වෙනකන් විවිධ දේශපාලන පක්ෂ ඉල්ලන ඉල්ලන දේවල් දීලා ඒ ගොල්ලත් එක්ක කතා කරලා මේ ගොල්ලන්ට 50% ක ප්‍රතිශතයක් දෙන්න කතා කරලා තමයි අවසානයේ මේක සම්මත කර ගත්තේ. එච්චර ජර මර වෙලා සම්මත කර ගත්ත පනත ඊළඟ පාර්ලිමේන්තුවේ සම්පූර්ණයෙන් ඒගොල්ලොත් ජන්දය නොදී ප්‍රතික්ෂේප කරනවා. මේකෙන් තේරෙනවා මේගොල්ලොන්ට සැලැස්මක් නෑ. මේ ගොල්ලන්ගේ එකම සැලැස්ම තියෙන්නෙ මැතිවරණය ගැනීමේ සැලැස්ම විතරයි ඒක තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.”
COMMENTS