ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉතාම පැහැදිලිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හෝ හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට නැව...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉතාම පැහැදිලිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හෝ හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට නැවත ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකි යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (II) වගන්තියට අනුව ජනතාව විසින් දෙවරක් තෝරා පත් කර ගනු ලැබු තැනැත්තෙකු නැවත එකී ධුරයට තෝරා ගැනීම සඳහා සුදුස්සෙක් නොවන බව පැහැදිලිවම සඳහන් වන බවද ඇමැතිවරයා කීවේය.
මීට අමතරව ජනාධිපති මැතිවරණ පනතට අනුව ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු දුවුරුමක් අත්සන් කළ යුතු අතර එම දිවුරුම් දීම වැරැදි ලෙස ලබා දීම දණ්ඩනීතී සංග්‍රහයේ 190 වැනි වගන්තියේ අනුව අපරාධ වරදක් වන බවද එකී වරදට වසර තුනක සිර දඩුවමක් හිමි වන බවද ඒ මහතා පැවසීය.
COMMENTS