දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාදෙණියගෙන් මාධ්‍යවේදීන්ට තර්ජනයක්!
Homeගොසිප්

පාදෙණියගෙන් මාධ්‍යවේදීන්ට තර්ජනයක්!

PropellerAds

අගෝස්තු 3 දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ සංකේත වැඩවර්ජනය පිලිබඳ විශේෂාංග ලිපියක් සකස්කිරීමේදී ඊට අදාලව වෛද්‍ය නිලධාරීන්ගේ පාර්...

බන්ධනාගාර කැරැල්ලේදී මියගිය අයට වන්දි ලබාදීමෙන් රජය සිද්ධිය යටගහනවාලු
එස්එෆ් ලොක්කා ජාතිවාදී මුහුණුවරකින් අලුත් වීඩියෝවක් පිටකරයි
saitm අපට මෙහෙම කරනවට ජනපතිට බෝධිපූජා තියපු මේ අත්දෙක කපාගන්නවා – ගැමුණු


අගෝස්තු 3 දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ සංකේත වැඩවර්ජනය පිලිබඳ විශේෂාංග ලිපියක් සකස්කිරීමේදී ඊට අදාලව වෛද්‍ය නිලධාරීන්ගේ පාර්ශවයෙන් අදහස් ලබාගැනීමට කටයුතු කළ ‘Sunday Observer’ පුවත්පතේ මාධ්‍යවේදියාට සංගමයෙහි සභාපතිවරයාගෙන් එල්ලවූ බවට වාර්තා වන තර්ජනාත්මක ප්‍රතිචාරය ප්‍රජාතන්ත්‍ර විරෝධී  බවත් එය තරයේ හෙළාදකින බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ බව සඳහන් කරන අතර  විශේෂයෙන් ‘Sunday Observer’ පුවත්පත වාර්තා කරන පරිදි වෛද්‍ය පාදෙණිය මහතා ද්‍රෝහී ජනමාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවක් සකස් කොට ඇතිබවට කර ඇති ප්‍රකාශය අවධානයට ලක්විය යුත්තක් බවද එහි සඳහන් කර ඇත.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත්කළ සම්පුර්ණ නිවේදනය පහත දැක්වේ.

වෛද්‍ය සංගමය ජනමාධ්‍යට දැක්වූ ප්‍රතිචාරය ප්‍රජාතන්ත්‍ර විරෝධියි! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

පසුගිය අගෝස්තු 3 දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ සංකේත වැඩවර්ජනය පිලිබඳ විශේෂාංග ලිපියක් සකස්කිරීමේදී ඊට අදාලව වෛද්‍ය නිලධාරීන්ගේ පාර්ශවයෙන් අදහස් ලබාගැනීමට කටයුතු කළ ‘Sunday Observer’ පුවත්පතේ මාධ්‍යවේදියාට සංගමයෙහි සභාපතිවරයාගෙන් එල්ලවූ බවට වාර්තා වන තර්ජනාත්මක ප්‍රතිචාරය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එය හෙළා දකී.

ලැබී ඇති තොරතුරු අනුව, මෙම මාධ්‍යවේදියා වෛද්‍ය සංගමයෙහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අමතා ඇත්තේ තම වෘත්තීය වගකීමට අනුව අදාල වාර්තාකරණය සඳහා වෛද්‍ය සංගමයේ අදහස් ලබාගැනීමටය.

එම උත්සාහයෙදි වෛද්‍ය සංගමයට .තම මතය අනුව ප්‍රතිචාර දැක්වීමට අයිතිය තිබුනද තර්ජනාත්මකව ප්‍රතිචාර දැක්වීම , වගකිවයුතු වෘත්තිකයන්ගේ සංවිධානයක නායකත්වයෙන් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තම වෘත්තීමය අයිතීන් වෙනුවෙන් අරගල කිරීමට වෙනත් ඕනෑම වෘත්තීය සංවිධානයකට මෙන්ම වෛද්‍ය සංගමයට ද අයිතියක් ඇති අතරම ඒ හා සමාන අයිතියක් වන මාධ්‍ය නිදහස වැනි ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට ඔවුන් සංවේදී නොවීම කණගාටුදායක තත්ත්වයකි.

විශේෂයෙන් ‘Sunday Observer’ පුවත්පත වාර්තා කරන පරිදි වෛද්‍ය පාදෙණිය මහතා ද්‍රෝහී ජනමාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවක් සකස් කොට ඇතිබවට කර ඇති ප්‍රකාශය අවධානයට ලක්විය යුත්තකි.  ආචාරධාර්මික මිනුම් දඬු අනුව ජනමාධ්‍යවේදීන්ගේ භාවිතය මැන බැලිය හැකි වුවත් කිසියම් මාධ්‍යවේදියෙක් ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීම අප සලකන්නේ මර්දනීය ප්‍රයත්නයක් ලෙසයි. පසුගිය වකවානුවේද එවැනි ද්‍රෝහි  ලැයිස්තු පෙන්වමින් මාධ්‍යවේදීන් දැඩි පීඩනයකට ලක් කළ අතර ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීම සහ ඔවුන් ඝාතනය කිරීම එමඟින් සාධාරණීකරණය කිරීමට උත්සාහ කරනු ලැබිණ. මෙම ප්‍රයත්නය පිටුපස තිබෙන ජනමාධ්‍යවේදීන් බියගැන්වීමේ උත්සාහය සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි අප්‍රදසාදය පළ කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අප අවධාරණය කර සිටින්නේ, ඔබට රිසි මතයක් දැරීමේ, ප්‍රකාශ කිරීමේ හා ඒවෙනුවෙන් අරගල කිරීමේ අයිතියක් ඇති අතරම, ජනමාධ්‍ය ඇතුළු සෙසු පුරවැසියන්ටද එම අයිතිය සමානව ඇතිබව පිළිගනිමින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් තුළ පිහිටා කටයුතු කරන ලෙසයී.

[සි.දොඩාවත්ත - කැඳවුම්කරු |
දිලිෂා අබේසුන්දර - ලේකම්]

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාදෙණියගෙන් මාධ්‍යවේදීන්ට තර්ජනයක්!
පාදෙණියගෙන් මාධ්‍යවේදීන්ට තර්ජනයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhcjvQuE-u0cdB5nt3xlVGXIQW9O8rQ_LMjnxEcb6GGwC-2pY0nEMij6f1FaMSGu2WXdvrQQu25RkMmgJBO89ggSXpps3k4O22Zd4kat8Kq7WZU09Bpjo22AvNT4WJjzrrn-1OSzQehyCno/s1600/a7a54925.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhcjvQuE-u0cdB5nt3xlVGXIQW9O8rQ_LMjnxEcb6GGwC-2pY0nEMij6f1FaMSGu2WXdvrQQu25RkMmgJBO89ggSXpps3k4O22Zd4kat8Kq7WZU09Bpjo22AvNT4WJjzrrn-1OSzQehyCno/s72-c/a7a54925.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_402.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_402.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy