දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"එජාප ප‍්‍රතිසංවිධාන යෝජනා කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා" - රංගේ බණ්ඩාර
Homeප්‍රවෘත්ති

"එජාප ප‍්‍රතිසංවිධාන යෝජනා කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා" - රංගේ බණ්ඩාර

PropellerAds

එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙලට අදාලව යෝජනා වූ බොහෝ දේ මේ වන විට සැලකිය යුතු මට්ටමකින් ක්‍රියාවට නැගෙන බව වාරිමාර්ග හා ආපදා ...

රනිල් ජනපති.. සජිත් අගමැති… SJB සහාය රනිල්ට.. පණිවුඩය රැගෙන මන්ත‍්‍රීවරයෙක් ජනපති හමුවෙයි!
ඛනිජ තෙල් සංස්ථාවට සුපිරි නීතියක්ද? පාඩු ලබද්දිත් 60 පැන්න නිලධාරීන් පිරිසකට සේවා දිගු දෙන්න නිර්දේශ කරලා!
‘ඔබතුමා මොකට ඇමැතිකමක් දරනවද?’ පන්සලට ආ ඇමැති බන්දුලට අටමස්ථානාධිපති පල්ලේගම හිමියෝ මූණටම කියති!

එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙලට අදාලව යෝජනා වූ බොහෝ දේ මේ වන විට සැලකිය යුතු මට්ටමකින් ක්‍රියාවට නැගෙන බව වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

පක්‍ෂයේ හා පාක්‍ෂිකයින්ගේ අනාගතය වෙනුවෙන් පක්‍ෂය තුළ සිදු කළ අරගලය සැබෑවක් කර ගැනීමට හැකි මට්ටමක් නිර්මාණය වෙමින් තිබෙන බවද ඔහු පැවැසීය.

එමෙන්ම අදාල යෝජනා මේ දක්වා ක්‍රියාත්මක වී ඇති ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය හැකි බවත්, තවත් බෙහෝ දේ සිදු කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඒ තුළ ගම් මට්ටමේ පාක්‍ෂිකයින්ගේ පිබිදීමක් ඇති වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

ආණමඩුව, එක්සත් ජාතික පක්‍ෂ කාර්යාලයේ ඊයේ (02) පැවැති පාක්‍ෂික හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය. 

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන් තවත් කාරණයක් වන්නේ රජයේ මුදල්වලින් අම්මගේ තාත්තගේ සොහොන් කොත් හදපු පුද්ගලයින් මේ රටේ බලයට පත්කිරීමට උත්සාහ කිරීම කොතරම් සුදුසුද යන්න පිළිබඳ සමාජය ප‍්‍රශ්න කරමින් සිටින බවයි.

බලයට ඇති කෑදරකමේ පිපාසය සංසිදුවා ගැනීම සඳහා පොහොට්ටු පිල ජනතාව උගසට තැබීමේ ව්‍යාපාරයක නිරිතව සිටින බවද ඔහු අවධාරණය කළේය. සුදු වෑන් සංස්කෘතියක් හදුනවා දෙමින් මුළුමහත් සමාජයක් භිතියට පත්කළ යුගයක් නැවත රටට අවශ්‍ය නොමැති බව මේ රටේ ජනතාව එක හඩින් කියා සිටින යුගයක් නිර්මාණය වී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රටක් ණය බරින් පෝෂණය කළ හා බිය, සැකය, දුක බලහත්කාරයෙන් ජනතාවට තුරුළු කරමින් රට පාලනය කළ යුගය වෙනස් කළ ජනතාවට නැවත එවැනි ඉරණමකට මුහුණ දීමට එක්සත් ජාතික පක්‍ෂය කිසි විටෙකත් ඉඩ නොතබන බවද ඔහු කියා සිටියේය.

එබැවින් සුදුසුකම් පරීක්‍ෂා කර 2020 නායකයා තෝරා ගැනීම ජනතාවගේ වගකීමක් බවත්, ඒ සඳහා සුදුසුම තෝතැන්න එක්සත් ජාතික පක්‍ෂය බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "එජාප ප‍්‍රතිසංවිධාන යෝජනා කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා" - රංගේ බණ්ඩාර
"එජාප ප‍්‍රතිසංවිධාන යෝජනා කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා" - රංගේ බණ්ඩාර
http://am.lk/media/k2/items/cache/caae36a1caa5a77b5def43c94587bc8c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_38.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_38.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy