දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත්ගේ හෙවනැල්ලකට රනිල් හොඳටම බය වෙලා?
Homeගොසිප්

සජිත්ගේ හෙවනැල්ලකට රනිල් හොඳටම බය වෙලා?

PropellerAds

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශය යටතේ පවතින සංස්ථා ඇතුළු ආයතනවල සභාපතිවරුන් පිරිසක...

ප්‍රචාරක පුවරුවල 'ලයිට්‌ ඕෆ්' කරන්න - ජනපති ඉල්ලයි
මහජන විරෝධය හමුවේ තමිල්නාඩු ‘පොරගව කෙළිය‘ට මෝදිගෙන් අවසර
ට්‍රම්ප් විරෝධී කලහකාරීන් 217 ක් අත්අඩංගුවට - ලිමෝසින් රථයකුත් ගිනිතබලා


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශය යටතේ පවතින සංස්ථා ඇතුළු ආයතනවල සභාපතිවරුන් පිරිසක් කොළඹ බත්තරමුල්ලේ “වෝටර්ස් එජ්” හෝටලයේදී අඟහරුවාදා (07) රාත්‍රියේ හමුවී සාජ්ජයක් පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහත් කලබලයකට පත්ව තිබේ.

මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර සහ සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයකු වන නීතීඥ ගුණරත්න වන්නිනායක යන මහත්වරුන් ද එක්ව ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයකු ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටින පුද්ගලයකු මේ සිද්ධිය දැන ගත් වහාම සිදු කර තිබෙන්නේ, සජිත් ප්‍රේමදාස මහතා 2020 ජනාධිපති අපේක්ෂකයා කරවීමේ කුමන්ත්‍රණකාරී සාකච්ඡාවක් කොළඹ බත්තරමුල්ලේ “වෝටර්ස් එජ්” හෝටලයේදී සිදු කෙරෙමින් පවතින බව කියමින් ගින්නක් පත්තු කර අග්‍රාමාත්‍යවරයා නොමඟ යැවීමය.

සුපුරුදු පරිදි සිය උපදේශකයාගේ අපූරු ආරංචියට රැවටී,මේ වගේ රහස් තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් ඔහුට ස්තුතිය ද පුද කර ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කර තිබෙන්නේ එම සාජ්ජය සංවිධානය කළ බව කියන නිවාස සහ ඉදිකිරීම් අමත්‍යංශය යටතේ පවතින ආයතනයක සභාපතිවරයෙකුට ඒ මොහොතේම දුරකතනයෙන් කතා කර බැන වැදීමය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා දැයි ඔහුගෙන් විමසා ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එම ස්ථානයේ ඇත්තටම සිදු වන්නේ කුමක් ද කියා සොයා බැලීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය චර පුරුෂයින් කිහිපදෙනකු ද “වෝටර්ස් එජ්” හෝටලයට යවා ඇත.

මේ අවස්ථාවට එක්වූ අයගේ නාම ලේඛනයක් තමාට ලබා දෙන්න යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් නියෝග කර තිබේ.

මේ ආයතන ප්‍රධානීන් එක් වී සාකච්ඡා කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට හිතවත් සංස්ථා සභාපතිවරුන්ගේ සංසදයක් පිහිටුවා ගෙන පක්ෂයට සහ නායකයාට උදව් උපකාර කරන අතර සිය ප්‍රශ්න ද විසඳා ගැනීම සම්බන්ධයෙනි.

කෙසේ නමුත් මේ අවස්ථාවට එක්වූ වහාම සුදත් චන්ද්‍රසේකර මහතා එහි සිටි පිරිසක් සමග කියා ඇත්තේ සද්භාවයෙන් යුතු කුමන අරමුණක් ඇතිව මේ හමුව සංවිධානය කළත් මේ ගැන ආරංචි වූ වහාම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ සියලු දෙනා ද්‍රෝහීන් සහ කුමන්ත්‍රණකරුවන් ලෙස සලකන බවය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ සංස්ථා සභාපතිවරයාට දුරකතනයෙන් කතා කර බැන වැදීමෙන් පසුව සාජ්ජය එකම මළ ගෙයක් බවට පත්ව ඇති අතර සියලු දෙනාම එම ස්ථානයෙන් වහාම විසිර ගොස් ඇත.

[Lankanewsweek]

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29335,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ගේ හෙවනැල්ලකට රනිල් හොඳටම බය වෙලා?
සජිත්ගේ හෙවනැල්ලකට රනිල් හොඳටම බය වෙලා?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYCck1K35ebC1Zp0h0k5GaxFJ8olrlVjfcH_ra7904zTHoPsU_b4rsTu-NSiHYOxqlLXqhIUF9YbPIjTBNK11VmnGVm11AWKaGjrCDmu2YFEVYWBmatB_4hDCWUsAYc3u1jmB6Wf7WjiW5/s1600/sajith-ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYCck1K35ebC1Zp0h0k5GaxFJ8olrlVjfcH_ra7904zTHoPsU_b4rsTu-NSiHYOxqlLXqhIUF9YbPIjTBNK11VmnGVm11AWKaGjrCDmu2YFEVYWBmatB_4hDCWUsAYc3u1jmB6Wf7WjiW5/s72-c/sajith-ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_301.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_301.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy