උතුරු පළාත් සභාවේ මීළග ප්‍රධාන අමාත්‍යධූරය සදහා තරග කරන පුද්ගලයා සම්බන්ධයෙන් යළිත් වරක් අර්බුදකාරී තත්ත්වයක් හට ගෙන තිබේ. සී.වී.විග්නේස්ව...
උතුරු පළාත් සභාවේ මීළග ප්‍රධාන අමාත්‍යධූරය සදහා තරග කරන පුද්ගලයා සම්බන්ධයෙන් යළිත් වරක් අර්බුදකාරී තත්ත්වයක් හට ගෙන තිබේ.
සී.වී.විග්නේස්වරන් මහතාට ඒ සදහා යළි අවස්ථාවක් ලබා නොදෙන බව දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රකාශ කොට තිබියදී එම අදහසේ වෙනසක් මේ සතියේදී සිදුව තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ඉන්දීය ජනමාධ්‍යවේදීන් පිරිසකට පවසා ඇත්තේ විග්නේස්වරන් මහතා ඒ සදහා සුදුසුම පුද්ගලයා බවයි.
මේ ප්‍රකාශයත් සමග දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා හා සුමන්තිරන් මන්ත්‍රීවරයා තරමක් කලබල වී සිටින්නේ ඔවුන් දෙදෙනාම මීළග ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයින් වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසයි. මේ පිළිබදව මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා යාපනයේ මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා කවුරුන්ද? යන්නත් එය කුමන දිනයක දැනුවත් කරන්නේද? යන්නත් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් ඒකාබද්ධවී තිරණයක් ගෙන නිසි වේලාවේදී දැනුවත් කරන්නෙමු” යනුවෙනි.
උතුරු පළාත් සභාව විසුරුවා හැරීම සඳහා තව කාලය තිබෙන අතර, උතුරු පළාත සඳහා වන මැතිවරණය පවත්වන්නේ කවදාද? යන්න සම්බන්ධයෙන් ස්ථිර වශයෙන් තීරණයක් ගෙන නොමැත. මෙවැනි පසුබිමකදී, මිළඟ ප්‍රධාන ආමාත්‍ය අපේක්‍ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විවිධ අදහස් ප්‍රකාශ කරමින් සිටින නමුත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තව කල් ඇති බව මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා පවසා තිබේ.
දිනසේන රතුගමගේ
COMMENTS