බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිරෝගී සුවය ලැබෙන ලෙසත් උන්වහන්සේට ලැබී ඇති සිරදඬුවමට පොදු සමාවක් ලැබෙන ල...
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිරෝගී සුවය ලැබෙන ලෙසත් උන්වහන්සේට ලැබී ඇති සිරදඬුවමට පොදු සමාවක් ලැබෙන ලෙසත් ඉල්ලා දේව කන්නලව්වක් පැවති බව වාර්තා වේ.
මෙම දේව කන්නලව්ව ඊයේ (10) උදෑසන සීනිගම දේවාල පරිශ්‍රෙය්දී පැවැත්විය.
දේවකන්නලව්ව කිරීමෙන් පසු සෙත් පිරිත් සජ්ජායනා කර පසුව සීනිගම දේවල භූමියේදී පොල් ගසා ඇති බවද සඳහන් වේ.
මෙම දේව කන්නලව්ව සඳහා සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ බොදුබල සේනා සංවිධානයේ ගිහි පිරිස් එක්ව සිටි බව වාර්තා වෙයි.
COMMENTS