දුම්රිය වර්ජනය කඩාකප්පල් කරන් ඕන උනාම වෙනම කණ්ඩායමක් හදලා ඒ අය සමග ගැටුමක් ඇති කරන්න රජය කටයුතු කළ බව ලැබෙන ආරංචි වලින් පැහැදිලි වෙන බවත්...
දුම්රිය වර්ජනය කඩාකප්පල් කරන් ඕන උනාම වෙනම කණ්ඩායමක් හදලා ඒ අය සමග ගැටුමක් ඇති කරන්න රජය කටයුතු කළ බව ලැබෙන ආරංචි වලින් පැහැදිලි වෙන බවත් මේ ආණ්ඩුව එකිනෙකා කොටවමින් රට පාලනය කරන්න හදනවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගාල්ලේ දි පැවසිය.
දිවංගත හිටපු ඇමතිවරයකු වන ආචාර්ය රිචඩ් පතිරණ මහතාගේ 10 වැනි ගුණසමරු උත්සවයට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය. ගාල්ල ක්‍රිඩා මණ්ඩප ශාලාව අභියස පැවති මෙම සමරු උත්සවයේ දි හිටපු ජනාධිපතිවරයා මේසේද කිවේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“කෙසේ වෙතත් හැම ප්‍රශ්ණයකදීම රජය මැදිහත් නොවී ඔවුන් පොලීසිය සහ වෙනත් කණ්ඩායම යොදවා ඒවා මර්ධණය කිරීමේ වැඩපිළිවෙල දිගින් දිගට යනවා. අපි මේක දැක්ක 89 /90 වේ. අසූනවය අනූව කාලේ තරුණයෝ මැරෙද්දි ප්‍රශ්ණ ඇති වෙද්දි ටයර් සෑයන් වල පිළිස්සෙද්දි රිචඩ් පතිරණලා මේවට විරුද්ධව සටන් කරද්දි ඔය විදියටම තමයි කටයුතු කරන්න ඔවුන් එදා සූදානම් උනේ. ඔවුන් එකිනෙකා කොටවමින් රට පාලනය කරන්න හදනවා. ඒ නිසා අද ටේ තියෙන තත්වය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ. විශේෂයෙන්ම අද රිචඩ් පතිරණ මැතිතුමාගේ දස වැනි ගුණසමරුවට සම්බන්ධ වෙන්න ලැබීම භාග්‍යක්. රිචඩ් අපි දකින්නේ අපගේ හොඳම පාක්ෂිකයෙකු වශයෙන්. ඔහුගේ ඍජු බව අපට අමතක කරන්න බෑ. විවේචනය කරන්න ඕන උනාම කැබිනට් මණ්ඩලේදි එතුමා කතා කලාම මම අමුතුවෙන් කියන්න ඕන නෑ එතුමගේ කටහඬේ සද්දේ. කැබිනට් මණ්ඩලය පොඩ්ඩක් ඒ වෙලාවට නිහඬ වෙනවා. රිචඩ්ට කියන්න තියන දේ නවත්තන්න ජනාධිපතිනයටවත් බෑ. වෙන කාටවත් බෑ. ඔහු තමන්ට කියන්න තියෙන දේ බය නැතිව නිර්භයව කියනවා. ඒ ගුනාංගය එතුමාට තිබ්බා. ඒ වගේම පුදුම ලෙංගතු කමක් ආදරයක් මේ රටේ ජනතාවගේ දරුවන්ට තිබුන හින්දා තමයි අධයාපනය සම්බන්දයෙන් විශේෂ අවධානයක් යොමුකරමින් කටයුතු කලේ . ඒ වගේම ඔහු අධයාපනයට කරපු සේවය අපි විශේෂයෙන්ම අගයනවා.”
“ඒ වගේම මට මතකයි සමහර වෙලාවක අසීරු තත්වයකට පත් උනා. එතුමා ගුරුවරුන්ගේ පඩි වැඩිකරපු වෙලාවේ. ගුරුවරුන්ගේ පඩි මුලින්ම වැඩිකලේ, මම හිතන්නේ කැබිනට් මණ්ඩලයට ඇවිල්ල කීවා මැතිවරනය කිට්ටු කරලා ඒ වන විට මුදල් ඇමතිවරිය ජනාධිපතිනියටවත් ඒ පිළිබඳව වචනයක්වත් කතා කරන්න ඉඩ දුන්නේ නෑ . ඔහු සම්මත කර ගත්තා පඩි වැඩි කිරීම. ඒ පඩි වැඩි කිරීමේදි ඇති වෙච්ච විශමතාවය නිසා අනික් රජයේ සේවකයින්ටත් ඒ වැටුප් ගෙවන්න සිද්ධ උනා. එතුමා තමන් හිටපු වෘත්තියට වගෙම දරුවන්ට තිබුන ආදරය නිසා තමයි එතුමා ඒ කටයුත්ත සිදුකලේ. එතුමා කරන්න ගියහම වැඩක් මොනම හේතුවක් නිසාවත් ආපස්සට අඩිය තියන්නේ නැති අයෙක් වශයෙන් අපි දන්නවා. මේ නගරයට ආවම එතුමාගෙන් සංවර්ධනය වෙච්ච දේවල් අමුතුවෙන් මා කිව යුතු නෑ. එතුමාගෙන ගාල්ලට උන සේවාව මා අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ඒ වගේම දකුණටම , රටටම වැදත් සේවාවක් කලා. විශේෂයෙන්ම දකුණට තිබුන ආදරය එතුමා නිතරම පෙන්නුම් කලා. අපි පාද යාත්‍රා යන වෙලාවේ. එවකට පැවති ආණ්ඩුවට විරුද්ධව සටනක් තිබුණ වෙලාවේ, අනූ නවයේ අනූවේ තිබ්බ භීෂන තත්වය දන්නවා ඔබ. ඒක හුඟක් දෙනෙක්ට අමතක වෙලා තියෙනවා. ටයර් සෑයන් තුල පිළිස්සුන ජීවිත අපි දැක්කා. ඒවට එරෙහිව සටන් කරන්නත් පෙළපාලි යන්නත් රිචඩ් එදා වයස බලන්නේ නැතිව ඉදිරියට ආවා. ඒ රිචඩ් ගේ හැටි.”
“රිචඩි පතිරණ මැතිතුමා තමන්ගේ අදහස නිර්භීතව ප්‍රකාශ කරන්න විතරක් නෙමේ ක්‍රියාත්මක කනරන්නත් සූදානම් වෙලා හිටියා. මට මතකයි මහ ඇමති වරයා වශයෙන් දොඩංගොඩ මැතිතුමා පත් කරන්න යන අවස්තාවෙදී ඉදිරිපත් වීම අගය කල යුතු කාර්යක් වශයෙන් සළකනවා. එතුමා හැම අවස්ථාවකදිම ජනතාවගේ පැත්ත ගත්තා. අද මේ තියෙන ආන්ඩුව අධයාපනය පිළිඹඳව එක එක කාලෙදි එක එක ඇමති වරුන් දානවා. දානවා විතරක් නෙමේ අධ්‍යාපනයේ ප්‍රතිපත්තියක් නැතිව යන්නංවාලේ යන විත්තිය අපි කාටත් පේනවා. උසස් අධයාපනටත් එච්චරයි. හැමදාම ශිෂ්‍ය ප්‍රශ්ණ. හැමදාම දරුවෝ ගුටි කනවා. ආණ්ඩුව හෙමින් ඇඟ බේරගෙන ඒක පොලීසිය විසඳන්න ඉඩ දුන්නා. එතකොට පොලීසියත් ශිෂ්‍යෙයාත් අතර ගැටුම් ඇති කරලා ඔවුන් ඇඟ හෝදගෙන තියෙන තත්වයක් අපි දක්නට තියෙනවා. දරුවන්ගේ ප්‍රශ්ණ තියෙනවා. ඒ ප්‍රශ්ණ දිහා බලන්නේ නෑ. අවුරුදු ගානක් වෙනවා මාස ගානක් වෙනවා ඔවුන්ට මහපොල නෑ. මේ ආදී වහයෙන් දරුවන් පිළිඹඳව විශ්ව විද්‍යාලවල ප්‍රශ්ණය උග්‍ර අතට පත් වෙනකොට ඒක පොලීසිට විසඳන්න දීලා ආන්ඩුව අත සෝදා ගන්නවා. එතැනින් එහාට ගිහිල්ලා බැලුවම අපි දැක්කා දුම්රිය වර්ජනය. දුම්රිය වර්ජණය තියෙන වේ ඒ දුම්රිය වර්ජණය කඩා කප්පල් කරන්න ඔවුන් වෙනම කණ්ඩායමකට භාර දුන්නා. රජය නොවෙයි ජනතාව අතරින් ඔවුන්ට ඕන දේ කරගන්න සංවිධානාත්මක සිදුවුන දෙයක් වශයෙන් තමයි මම එය දකින්නේ.”
“වර්ජනය කඩාකප්පල් කරන් ඕන උනාම වෙනම කණ්ඩායමක් හදලා ඒ අය සමග ගැටුමක් ඇති කරන්න ඔවුන් කටයුතු කල බව අපිට එන ආරංචි මාර්ග පැහැදිලිව කියනවා. කෙසේ වෙතත් හැම ප්‍රශ්ණයකදීම රජය මැදිහත් නොවී ඔවුන් පොලීසිය සහ වෙනත් කණ්ඩායම යොදවා ඒවා මර්ධණය කිරීමේ වැඩපිළිවෙල දිගින් දිගට යනවා. අපි මේක දැක්ක 89 /90 වේ. අසූනවය අනූව කාලේ තරුණයෝ මැරෙද්දි ප්‍රශ්ණ ඇති වෙද්දි ටයර් සෑයන් වල පිළිස්සෙද්දි රිචඩ් පතිරණලා මේවට විරුද්ධව සටන් කරද්දි ඔය විදියටම තමයි කටයුතු කරන්න ඔවුන් එදා සූදානම් උනේ. ඔවුන් එකිනෙකා කොටවමින් රට පාලනය කරන්න හදනවා. ඒ නිසා අද ටේ තියෙන තත්වය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ. රටේ තියෙන ජීවන වියදම ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ. නීතියට විරුද්ධව එෆ්. සී . අයි. ඩී කියලා ආයතනයක් හදලා පොලීසිය සාමාන්‍යෙයන් කරන සේවය වෙනුවට එෆ්. සී අයි. ඩී එක ක්‍රියාත්මක කරලා තියෙන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන්න ඔවුන් පියවර අරං තියෙනවා. අපි නීති විරෝධීය කියලා මේකට නඩු දාලා තියෙනවා. ජී. එල්.පීරිස් ඇමති තුමාලා. නමුත් ඒවට නඩු තාම අහන්නේ නෑ.”
“මේ සියල්ලම දිහා බලනකොට ප්‍රජාත්‍රාන්ත්‍රවාදය අපේ රටින් ඈත් වෙනවා. මෙයාලා හමුදාවට එකින් එක බලය දෙනවා. අවුරැදු එකසිය පණහකට වඩා පොලීසිය මේ රටේ රාජකාරි කලා. ඒ රාජකාරි පැත්තකට දාලා දැන් එක්ට හමුදාව දාන්න නීති වෙනස් කරන්න සූදානම් වෙලා තියෙනවා නීති වෙනස් කරලා හමුදාවටත් පොලිස් රාජකාරි කරන්න අවස්තාව ලබා දෙනවා. මේකෙන් මෙකක්ද කෙරෙන්නේ. මේකෙන් කෙරෙන්නේ හාමුදුරුවනේ බොහොම පැහැදිලිව හමුදා කරණය කිරීම. මේ රට වෙනත් පාලන ක්‍රමයකට මේ කට්ටිය සූදානම් වෙන බවයි. මේවා පිළිබඳව ජනතාව දැන ගන්න ඕනේ. ඒ නිසා තමයි අපි සැප්තැම්බර් පස්වෙනිදට විරෝධතා ව්‍යාපාරය ආම්බ කරන්න කටයුතු කලේ. අද වගේ කාලයක රිචඩ් පතිරණ වගේ මිනිසුන් අපිට අවශ්‍යතාව තියෙනවා. අපිට සහනයකට තියෙන්නේ රිචඩ් පතිරණ මැතිතුමාගේ පුත්‍රයා වෛද්‍ය රමේෂ් පතිරණ මේ දිස්ත්‍රික්කයට නායකාත්වය දෙමින් අද ඉදිරියට එනවා. එතුමට සහාය දෙන්න මොහාන් සිල්වා මන්ත්‍රී තුමා අද ඉදිරිපත් වෙලා ඉන්නවා. අලිට ඒක ලොකු හයියක්. තව පළාත් සබා මන්ත්‍රීවරු. දොඩම්ගොඩ ඇමති තුමාගේ පුතාලා. මේ සියල්ලම අද ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒක අපිට ලොකු හයියක්. රිචඩ් පතිරණ මැතිතුමා අද හිටියා නම් ඔහු මේ සටන මෙහෙයවනවා නොවනුමානයි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS