ආණ්ඩු පක්ෂයේ මැති ඇමති මන්ත්‍රීලාගේ හා විපක්ෂයේ දේශපාලඥයන්ගේ මෙන්ම ආරක්ෂක ප්‍රධානීන්, අධ්‍යාපන ලොකු ලොක්කනගේ අතුළු ප්‍රභූ පුද්ගලයන්ගේ දරුවන...
එසේ ඔවුන්ගේ දරුවන් පාසල් නොයවා සමස්ත රටේම දෙමවුපියන්ට පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් ලබාදෙන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.
කොළඹ කොම්පඤ්ඤ වීදියේ පිහිටි 'ආරක්ෂක සේවා' විද්‍යාලයේ දරුවන් හාරදහසකට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන බවත්, ඉන් ඊයේ (06) දිනයේ එම පාසලට පැමිණ සිටියේ ළමුන් 34ක් බවත්, අද (07) එය තවත් අඩුවී ළමුන් 25 දක්වා පහල බැස ඇතැයි ඔහු කීය.
ආරක්ෂක අංශවල සේවය කරන අයගේ දරුවන් ද එසේ පාසල් නොයවන්නේ නම් ඉන් පෙනී යන්නේ ඔවුන්ට ද පාසල්වල ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව යැයි ස්ටාලිං මහතා පැවසීය.
ඊයේ (06) කොළඹ තර්ස්ටන් විදුහලට පැමිණ සිටියේ ළමුන් 35 දෙනෙකු පමණක් වුවද, ඒ ළමුන්ගේ ආරක්ෂාවට දෙමාපියන් 100ක් පමණ සිටි බවද ඔහු කියා සිටියේය. ඇත්තෙන්ම තර්ස්ටන් විදුහලේ ආරක්ෂාවට පැමිණි ඇතැම් දෙමවුපියන්ගේ දරුවන්ද එදින පාසල් එවා නොතිබුණු බවද ඔහු සඳහන් කළේය.
කාදිනල්තුමා කතෝලික පාසල් ආරම්භ නොකරන්නැයි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියදී, කතෝලික පාසල්වල ගුරුවරුන්ට රජයෙන් පඩිගෙවන තත්ත්වයක් තිබියදී ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන් අඩුම වශයෙන් කාදිනල් තුමාගෙන් විමසීමක් හෝ සිදුකර නැතැයි ද ඔහු චෝදනා කර සිටියේය.
COMMENTS