දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මංගලගෙන් ජනපතිට ටොක්කක් : ජනපති තීන්දුවට මංගල හරස් වෙයි.
Homeගොසිප්

මංගලගෙන් ජනපතිට ටොක්කක් : ජනපති තීන්දුවට මංගල හරස් වෙයි.

PropellerAds

දුම්රිය සේවකයින්ට වැටුප් වැඩි කිරීමක් සිදු නොකරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අවධාරණය කරයි. එක් කණ්ඩායමකට පමණක් වැටුප් වැ...

නුගේගොඩ රැළියට පැමිණි කරුණා අම්මාන් මහින්දට තුති පුදයි
ඊයේ නුගේගොඩ මහින්ද රාජපක්ෂ කළ කතාව (video)
පෙරළියක ඇරඹුම - නුගේගොඩ රැළියේ ඡායාරූප එකතුව 2

දුම්රිය සේවකයින්ට වැටුප් වැඩි කිරීමක් සිදු නොකරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අවධාරණය කරයි.

එක් කණ්ඩායමකට පමණක් වැටුප් වැඩිවීමක් ලබාදීමෙන් තවත් කණ්ඩායම් ගණනාවකට විෂමතා ඇතිවන බවත් එම නිසා එය කළ නොහැකි බවත් මංගල සමරවීර මහතා සඳහන් කළේය.

දුම්රිය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළකර ඇති බවට වාර්තා පළවන අතර එලෙස වැටුප් වැඩිවීමක් ලබාදෙනවාදැයි මුදල් අමාත්‍යංශයේ ඊයේ (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසී ය.

සියළුය රජයේ සේවකයන්ගේ වැටුප් සංශෝධනය කිරීම සදහා වැටුප් කොමිසම කටයුතු කරන බවත් එහි නිර්දේශ ඉදිරි මාස 2ක කාලයේදී ලබාගන්නා බවත් ඇමතිවරයා පැවසීය.

ඒ අනුව සියළු රජයේ සේවන වැටුප් සංශෝධන සිදු කරන්නේ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් පසුගියදා පැවැති දුම්රිය වර්ජනය නවතා දැමීමට වෘත්තිය සමිති තීරණය කර තිබුණේ පොළොන්නරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසේදී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එහිදී ජනාධිපතිවරයා වර්ජනයේ නිරත දුම්රිය සේවකයන්ගේ ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව පොරොන්දු වීම හේතුවෙන් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පැවසී ය.

ඒ අනුව ජනාධිපතිවරයා දුම්රිය වෘත්තීය සමිතිවලට ලබා දුන් පොරොන්දුව “කඩවුණු පොරොන්දුවක්“ වී තිබේ. ඊට හේතු වී ඇත්තේ දුම්රිය සේවකයින්ගේ වැටුප් වැඩි නොකරන බවට මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ දැඩි ස්ථාවරයයි. මේ නිසා ජනාධිපතිවරයාගේ තීරණය පවා ක්‍රියාත්මක නොකර මුදල් ඇමැතිවරයා කටයුතු කිරීමෙන් යළිත් දුම්රිය වර්ජනයක් ඇතිවීමේ ඉඩ කඩක් ඇතැයි වෘත්තීය සමිති පවසයි.

මංගල, අමුණුගම, රාජිත කැබිනට්ටුවේදී ගැටෙයි

කෙසේ වෙතත් දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශේෂ කැබිනට් පත්‍රිකාවක් හේතුවෙන් පසුගිය ජූලි මස 31 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේදී මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ සරත් අමුණුගම ඇමතිවරුන් අතර මත ගැටුමක් ඇතිවී තිබිණි.

දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා සරත් අමුණුගම මහතා විසින් මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ අතර මංගල සමරවීර ඇමැතිවරයා ඊට දැඩි විරෝධය පළකිරීම හේතුවෙන් මෙම උණුසුම් මත ගැටුම ඇතිවී තිබිණි.

එහිදී සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාද අමුණුගම ඇමැතිවරයාගේ අදහස් අනුමත කරමින් කැබිනට් පත්‍රිකාවට සහය දක්වමින් අදහස් දක්වා ඇතැයි වාර්තා විය.

එහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දුම්රිය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට විරුද්ධව දැඩිව අදහස් ප්‍රකාශ කර තිබූ අතර වර්තමාන කැබිනෙට්ටුව පිට කොන්දක් නැති කැබිනෙට්ටුවක් බවත් තමන් කටයුතු කළ කැබිනට් මණ්ඩල අතරින් මෙවැනි කැබිනට් මණ්ඩලයක් දැක නොමැති බවත් මුදල් අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබිණි.

දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවට සහය පළකරමින් අමුණුගම සහ රාජිත සේනාරත්න යන ඇමැතිවරුන් දෙදෙනා දිගින් දිගටම අදහස් දක්වා ඇති අතර තමා ඊට කිසිසේත් එකඟ නොවන බවට මංගල සමරවීර ඇමැතිවරයා දිගින් දිගටම පවසා ඇත.

(AM)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මංගලගෙන් ජනපතිට ටොක්කක් : ජනපති තීන්දුවට මංගල හරස් වෙයි.
මංගලගෙන් ජනපතිට ටොක්කක් : ජනපති තීන්දුවට මංගල හරස් වෙයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheAv11Mu8qela2ALYBPOlzo6eNm7xL3VG_o2FzWKZxZiVyWF2976t6eoPPVtVQGII-gUtp6MxG7z7j7Kua7CqMCFXE6uKSTpYpKKTibKBPcygSm9yY0aV1hKPT_Xc9BWvjOav0l_DsI_5c/s1600/965cb6305855a9afc279dc3309030200_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheAv11Mu8qela2ALYBPOlzo6eNm7xL3VG_o2FzWKZxZiVyWF2976t6eoPPVtVQGII-gUtp6MxG7z7j7Kua7CqMCFXE6uKSTpYpKKTibKBPcygSm9yY0aV1hKPT_Xc9BWvjOav0l_DsI_5c/s72-c/965cb6305855a9afc279dc3309030200_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_217.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_217.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy