රජයේ නීතිඥවරයෙක් හෝ ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටින බව පියතුමා අවධාරණය කළේය. "සිංහල ජනතාවට එක් ආකාරයකටත් දෙමළ ජනතාවට තවත් අකාරයකටත්...
රජයේ නීතිඥවරයෙක් හෝ ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටින බව පියතුමා අවධාරණය කළේය.
"සිංහල ජනතාවට එක් ආකාරයකටත් දෙමළ ජනතාවට තවත් අකාරයකටත් සැලකීම පිළිගන්න බැහැ. පසුගිය සැප්තැම්බර් මස 25 වැනි දින නඩුව විභාගයට ගත් අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයෙක් සිටියේ නැහැ. එහෙම වුණේ ඔවුන්ගේ නඩුව අනුරාධපුරයට මාරු කිරීමෙන්. නීතිපති දෙපාර්තමේන්තුව මේ නඩුව අනුරාධපුරයට මාරු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පුද්ගලයන්ට දඩුවම් ලබා දීම. සාධාරණයක් ඉටු කරන්න අවශ්‍ය නම් නඩුව වව්නියාවෙන් අනුරාධපුරයට ගේන්න අවශ්‍ය නැහැ. මේ හරහා දැනට උපවාසයේ සිටින තිදෙනාට පමණක් නොවෙයි සියලුම දේශපාලන සිරකරුවන්ට දඩුවම් කිරීමටයි මේ සුදානම් වෙන්නේ."
මෙය දේශපාලන සිරකරුවන්ට පමණක් ලබා දෙන දඩුවමක් නොව සමස්ත දෙමළ ජනතාවටම ලබා දෙන දඩුවමක් බව සත්තිවෙල් පියතුමා පැවසීය. එහෙත් එය භාර ගැනීමට දෙමළ ජනතාව සුදානම් නැති බවයි හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS