එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන "අහන්න" වැඩසටහන අද (24) පදියතලාව ශ්‍රී මහ බෝධි විහාරස්ථානය...
එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන "අහන්න" වැඩසටහන අද (24) පදියතලාව ශ්‍රී මහ බෝධි විහාරස්ථානයේ දී සහ තංගල්ල පොලිස් ස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන් සඳහා ඉහළ ජන සහභාගීත්වයක් පැවතිම කැපිපෙනුණ කරුණක් විය.
මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින "අහන්න" වැඩසටහන හෙට (25) උදෑසන 10.00 ට බිබිල - විජයමුණි සොයිසා සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සහ හවස 3.00 ට අම්බලන්තොට - අල් අක්බාර් මහා විද්‍යාලයේ දී පැවැත්වේ.
[විමුක්ති දුෂාන්ත] [නිරෝශන් හර්ශන]
COMMENTS