සැකකාර නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘නේවි සම්පත්‘ යන අයට සැඟවී සිටීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටප...
සැකකාර නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘නේවි සම්පත්‘ යන අයට සැඟවී සිටීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වත්මන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි රවි විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ මෙම කරුණු අනාවරණය කරනු ලැබුයේ පුද්ගලයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය සම්බන්ධ නඬුව කැඳවු අවස්ථාවේදීය.
සැකකාර චන්දන ප්‍රසාද් යන අයට සැඟවී සිටීමට ආධාර අනුබල දීම හා ඔහුට පහසුකම් ලබා දීම යන කාරණා මත හිටපු නාවික හමුදාපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගැනීමට සිදු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
ඒ අනුව ඔහු සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර සැකකරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නෙහොත් නේවි සම්පත් ලබන මස 12 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කළාය.
COMMENTS