එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා විසින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ. නව දේශපාලන ව්‍යාප...
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා විසින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
නව දේශපාලන ව්‍යාපාරය පිළිබඳ තීරණාත්මක සාකච්ඡා කිහිපයක් පසුගිය දිනවල කොළඹ ආශ්‍රිතව පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් කළකිරීමට පත්ව සිටින එජාප පාක්ෂිකයන් පිරිසක් නව දේශපාලන ව්‍යාපාරය සමග එක්වන බවයි වාර්තා වන්නේ.
මේ අතර පසුගිය 31 වැනිදා තිස්ස අත්තනායක මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදි අත්තනායක මහතා සුදත් චන්ද්‍රසේකර මහතාට යෝජනා කර ඇත්තේ නව පක්ෂයේ මහ ලේකම් තනතුර භාරගන්නා ලෙසයි. ඒ සම්බන්ධයෙන් ඔහු යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවද වාර්තා වේ.
නව දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් සහ එහි අරමුණු, දේශපාලන උපාය මාර්ග, වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දෙදෙනා අතර දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා තිබේ.
COMMENTS