වීසා නොමැතිව තායිලන්තයේ සිටින පුද්ගලයින් මෙරටට ගෙන්වීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමේ සැලැස්මක් ඇති බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ච...
වීසා නොමැතිව තායිලන්තයේ සිටින පුද්ගලයින් මෙරටට ගෙන්වීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමේ සැලැස්මක් ඇති බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
ඊයේ (10) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ගිවිසුම අත්සන් කිරීම මඟින් තායිලන්තයේ සිටින පිරීමින් මෙරටට ගෙන්වීමේ අරමුණක් ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“තායිලන්තයේ ඉඳන් ඕනම කෙනෙකුට වීසා නැතුව ලංකාවට එන්න අවස්ථාව ලැබෙනවා. කවුද මේ රටට එන්නේ? කවුද එතකොට සතුටු වෙන්නේ? කවුරු සතුටු කරන්නද කවුරු වෙනුවෙන්ද මේ ලස්සන පිරිමි ළමයි ලංකාවට ගෙන්නන්න නීති සකස් කරල මට මොකද වෙන්නේ කියන එක තේරුම් ගන්න කියන එක තමයි කියන්නේ.”
COMMENTS